රු.10,000 නෝට්ටුව..
බංකොලොත් යැයි කියන රටක ඩොලර් බිලියනපතියෙකු බිහි වී තිබේ. ලංකාවට සිය වාර්ෂික ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකිව සිටිනා අතරතුර කොළඹ ඉදි කළ කැතම කැත් එහෙත් සුපිරි ම සුපිරි කැසිනෝවක් විවෘත කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් ගෙවා ඉන්දියානු නළුවෙකු මෙහි ගෙන්වා බාල් නටා තිබේ. දිලිත් ජයවීරත් ඔහුට උම්මා දීමට එහි ගොස් තිබේ. සෙවනගල ගොවියන් දහස් ගණනකට සිය වේතන අහිමි ව දුහුවිලි කාගෙන උද්ඝෝෂනය කරන විට ඉරාජ් වීරරත්න කොළඹ කෙල්ලන් සහ කොල්ලන් දහස් ගණනක් ගෙන්වා තෙත මඩ ගොඩේ ගොබ්බ සංගීත දමා කිස් කෑම් පෙන්වා තිබේ. මේ වෙන්නේ කුමක් ද?
ලංකාව සැබැවින් ම බංකොලොත් වූයේ නැත. ලංකාව සැබැවින්ම කිසිදා බංකොලොත් නොවේ. වෙන කිසිවක් නොකර යල-මහ කන්න දෙකට වැසි ලැබී වගා කළ පමණින් වුවත් රටේ ආර්ථිකය වර්ධනය වේ. බංකොලොත් රටක ඩොලර් බිලියනපතියන් බිහි විය නොහැකි ය. රට බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කිරීම සෙට්ට සබ්‍රියා විසින් කරනු ලැබුවේ මෙරට ධනපති කල්ලියකගේ සැලසුම් සහගත උවමනාවට ය. අරගලය වනාහි මූලිකව විපත් ධනවාදයේ (Disaster Capitalism) කූට ව්‍යාපෘතියකි.
රටක් සැබැවින්ම ආර්ථික අර්බුදයකට පත් වෙනවා නම් එරට මහා පරිමාණ ව්‍යාපාර පළමුව බංකොලොත් විය යුතු ය. නමුත් ලංකාවේ බංකොලොත් වූ බැංකු හෝ මූල්‍ය ආයතන මොනවාද? ටෙලිකොම් ව්‍යාපාර මොනවාද? තේ රබර් පොල් ව්‍යාපාර මොනවාද? ඇඟලුම් ව්‍යාපාර මොනවාද? ආනයන-අපනයන ව්‍යාපාර මොනවාද? මහා පරිමාණ ව්‍යාපාර ජාල කිසිවක් බංකොලොත් වූයේ නැත. සැබැවින්ම වූයේ ඔවුන්ගේ වත්කම් තව තවත් වැඩි වීම බව මූල්‍ය වාර්තා බැලූ විට පෙනේ.
ධනය යනු සීමිත දෙයකි. ධනය නිර්මාණය කරනවා යනු අමූලික බොරුවකි. මුදල් යනු ධනයේ සාපේක්ෂ වටිනාකම පමණී. ඒවා නිකම් අගයන් ය. රුපියල් දාහේ නෝට්ටුවක් සැබැවින්ම දාහක් වටින්නේ නැති කඩදාසියකි. අරගලයට පෙර රුපියල් දාහට ගන්න පුළුවන් වූ බඩු ලැයිස්තුව අද රුපියල් පන්දාහකටවත් ගත නොහැකි ය. යමෙකු ධනය උපයනවා යනු තවකෙකුට ධනය නැති වෙනවා යන්න ය. තිබෙන්නේ එක රටකි. එක පෘථිවියකි. එක කේක් ගෙඩියකි. එයින් ලොකු කෑල්ලක් කිසිවෙකුට අවශ්‍ය නම් අනෙක් අයට පොඩි කෑල්ලක් පමණක් දිය යුතු ය. ලංකාවේ සිද්ධ වෙමින් තිබෙන්නේ එයයි. අනුර කුමාරගේ පාලනය අවසාන වන විට ලංකාවේ ඇති-නැති පරතරය ලෝකයේ වැඩිම අගය ගනු ඇත.
ලංකාවේ සමාජය එදා සිට ම සාපේක්ෂව සමාන ව තිබිණි. එය තේරුම් ගැනීමට නම් ඔබ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ චීනයේ හෝ ජීවත් වී බැලිය යුතු ය. ඒවායේ ඇති-නැති පරතරය සිතා ගැනීමටවත් නොහැකි ය. උදාහරණයක් හැටියට ඔබ හිතන්න අම්බානි වැන්නෙකු සහ මුම්බායිහි සාමාන්‍ය වෘත්තිකයෙකු අතර වෙනස. ඒක ඔබට තබා ඉන්දියාවේ උන්ටවත් හිතා ගන්න අමාරුයි. ඇමරිකාවේ ඉලෝන් මස්ක් සහ නිව්යෝර්ක් පාරක වෙළඳාම් කරන ව්‍යවසායකයෙකු අතර වෙනස කොහොමද! ඒ හිඩැස කවදාවත් සමීප කරන්න බැරි තරම් විශාලයි. නමුත් ලංකාවේ මෙම පරතරය ඒ තරම් තිබුණේ නැහැ. ලංකාවේ සමාජය බොහෝ දුරට තිබුණේ එකිනෙකාට එකිනෙකාව අතින් ඇල්ලිය හැකි දුරකින්. නමුත් තවදුරටත් එය එහෙම වෙන්නේ නැහැ. මෙය කියවන ඔබ අද කාර්යාලයට ගිහිල්ලා කොපමණ මහන්සි වෙලා වැඩ කළත් ඉෂාර නානායක්කාරගේ ධනය ගැන ඔබට සිහිනෙන්වත් හිතන්න බැහැ. මෙය කිසිදා නොකියවන නූගත් එළවළු ගොවියා ගැන කවර කථාද!
මෙන්න මේක තමයි මාලිමාව බලයට ගෙන ඒමේ ව්‍යාපාරික අරමුණ. රටේ ධනය ජනතාව අතර යම් සමානත්වයකින් බෙදී යා නොදී ඉන් විශාල පංගුවක් එක්තරා ධනපති කල්ලියකට ලබා ගැනීම. කේක් ගෙඩියෙන් ලොකුම කෑල්ල ඔවුන්ට ගැනීම. ඔබ හිතන්න එපා මේක ව්‍යවසායකත්වය ය කියා. නැහැ. මේ කියන්නේ උත්සාහය, කැපවීම සහ නව්‍යකරණය තියෙනවා නම් ධනවතෙකු වෙන්න පුළුවන් කියා නොවේ. ඉෂාර නානායක්කාර එසේ අමුතු මහන්සියක් හෝ කැප වීමක් හෝ කර නැත. ලොකුම කැසිනෝ විවෘත කළ ජෝන් කීල්ස් යනු ලංකාවේ තේ කර්මාන්තයේ වහලුන්ගේ උත්සාහයෙන් ධනවත් වූ කොම්පැනියක් මිස කිසිදු නව්‍යකරණයක් කළ ඉලව්වක් නොවේ. මේ කියන්නේ රටේ දේශපාලනය සහ ජනමාධ්‍ය අවභාවිත කරමින් මූඪ වැසියන් රවටමින් ඔවුන්ගේ කේක් කෑල්ලත් තමන් වෙත ලබා ගැනීම ගැන ය.
පුබුදු ජයගොඩ වැන්නවුන් අද මොන කථා කීවත්, මෙම ආන්තික ධනපති පන්තිය සහ ආන්තික දුප්පතුන් හැදීමට වැඩියෙන්ම උදව් කළේ පෙරටුගාමීන් සහ අන්තරේ ය. අරගලය හරහාඔවුන් කළේ විපත් ධනවාදයේ ව්‍යාපෘතියකි. එනම් වසංගතය වැනි ස්වභාවික විපතක් අවභාවිත කරමින්, කෘත්‍රිමව ආර්ථික අර්බුදයක් හදමින් (ඩොලර් එවන්න එපා, වැඩ වර්ජන, රට වැසීම ආදියෙන්), ඒ හරහා රාජ්‍යය අස්ථාවර කර, මාලිමාව වැනි දුර්වල දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කර, IMF එක ළඟ දණ ගස්සවා, රාජ්‍ය සේවයේ කකුල් කඩා, ආර්ථික රෙගුලාසි ඉවත් කර, ආනයන සීමා ඉවත් කර, ඩඩ්ලිලාට සිය ඒකාධිකාර පවත්වා ගෙන යාමට පූර්ණ ඉඩ දී ලංකාව පිස්සු ඇමරිකාවක් කිරීම ය. චිචීගේ රොකට් එක දිහා බලා සිටි නූගත් වැසියන් දුප්පතුන් වී තිබේ. වෙනත් අය ඩොලර් බිලියනපතියන් වී තිබේ.
මෙම ජයග්‍රහණය සැමරීම සඳහා අනුර කුමාරගේ රූපය සහිතව රුපියල් දහදාහේ නෝට්ටුවක් මුද්‍රණය කිරීමට මම යෝජනා කරමි. බැංකු කාඩ් පත් නොතිබුණා නම් දැනටමත් එය සිද්ධ වී තිබිය යුතු ය. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 අගෝස්තු 12
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..