චිතගොංවලට ආපු සර්පයා..
මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.
අවුරුදු 85 ක් වයස මේ මයිකෝ ෆිනෑන්ස්කාරයාට බංග්ලාදේශයේ යතුර භාරදුන්නාට පස්සේ ඇමෙරිකන් හමුදාවත් ඉවරයක් නැතුව බංග්ලාදේශයේ කරක් ගහනවා. ධකා අගනුවර වෙස්ටින් (Westin) හෝටලයේ නැවතිලා හිටිය ඇමෙරිකානු විශේෂ කාර්යසාධක බලකායේ ටෙරන්ස් ආවෙල් ජැක්සන් (Terrence Arvell Jackson) කියන නිලධාරියා පහුගිය අගෝස්තු 31 වැනි දා මිය ගිහිල්ලා තිබුණා. ඒ හාදයා අප්‍රේල් මාසයේ ඉඳලා ම ධකා නගරයේ ඉඳලා තියෙනවා.
ඇමෙරිකාව සහ බංග්ලාදේශය එකතුවෙලා පවත්වපු Exercise Tiger Shark 2025 කියන යුද අභ්‍යාසය පහුගිය අගෝස්තු 2 වැනි දා අවසන් කළා. ඉන්දු - ශාන්තිකර කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” මේ මෙහෙයුම කරපු බවක් තමයි ඇමෙරිකාව කියන්නේ.
පහුගිය සැප්තැම්බර් 10 වැනි දා තවත් ලොකු අභිරහස් වැඩක් සිද්දවුණා. ඇමෙරිකානු පාබල සහ ගුවන් හමුදාවලට අයිති 120 ක පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් කිසිම කලින් දැනුම්දීමක් නැතුව චිතගොං නගරයට ආවා. ඒ අය නැවැතුණේ චිතගොං නගරයේ තියෙන Radisson Blu කියන හෝටලයේ. ඒ හෝටලයේ කාමර 85 ක නැවතුණු ඒ අය තමන්ගේ නම් හෝටලයේ ලියාපදිංචි කළේ නෑ. සැප්තැම්බර් 14 වැනි දා, ඊජිප්තු ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානාවකුත් චිතගොං නගරයට ආචා. ඊජිප්තුව කියන්නේ ඇමෙරිකාවේ සහායට ඩැනී කෙනෙක්. එ දා ම, ඇමෙරිකානු ගුවන් හමුදාවේ Lockheed Martin C-130J Super Hercules ගුවන් යානා දෙකකුත් චිතගොං නගරයේ තියෙන Shah Amanat ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සා.
මේ සෙල්ලම කරන්නේ අපේ කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන අය වර්ග දෙකකට ඇතුළත් කරලා හඳුනාගන්න පුළුවන්. එහෙම කියන පළමුවැනි වර්ගය සේවය කරන්නේ බටහිර බල ව්‍යාපෘතිය වෙනුවෙන්. දෙවැනි වර්ගය තාමත් තමන්ගේ ඔළුව අතගාලා බලලා නෑ.
මියන්මාව තියෙන්නේ චිතගොං සීමාවේ. මියන්මාව කියන්නේ බටහිරට අවනත නැති රාජ්‍යයක්. මියන්මාවේ වගේ ම චිතගොංවලත් බෞද්ධයෝ ඉන්නවා. ඉතින් මේ කලාපයේ අවුලක් ඇති කරන්න නම මුස්ලිම් - බෞද්ධ වලියක් අවුස්සන්න ඕන.
පහුගිය සැප්තැම්බර් 23 වැනි දා, ටියුෂන් ගිහිල්ලා ආපහු ගෙදර යමින් හිටිය ගෑණු ළමයෙක් සමූහ දූෂණයකට ලක්වෙලා තිබුණා. මේ අපරාධය කරලා තිබුණේ බෙංගාල මිනිස්සු තුන් දෙනෙක් කියලයි වාර්තා වුණේ. ඒත් අපරාධකාරයෝ අල්ලන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඉතින් ඒ කාරණය මුල් කරගෙන දූෂණය ලක්වෙච්ච ගෑණු ළමයා අයිති ජනවර්ගයේ අය උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. ඒ අය බෞද්ධයෝ.
මේ වෙද්දි බංග්ලාදේශ හමුදාව ඒ උද්ඝෝෂකයන්ට පහරදෙමින් ඉන්නවා. ඒ ප්‍රහාරවලින් හතර දෙනෙක් මිය ගිහිල්ලා. විශාල පිරිසකට තුවාලවෙලා. ඉතින් මේ අවනඩුව තව තවත් පැතිරෙන්න ඉඩ තියෙනවා.
මෙහෙම ගින්නක් ඇවිළුවාම ඒක මියන්මාවට, ඉන්දියාවට වගේ ම ලංකාවටත් පතුරුවන්න ලේසියි. සිද්දවෙන දේ ගැන කිසිම අදහසක් නැතුව කලබල කරන අය ඕන තරම් අපි අතර ඉන්නවා. ඉතින් අපි අතර මහ ගින්නක් පතුරුවන්න වැඩි කාලයක් ගතවෙන එකක් නෑ. අපි එකිනෙකා එක්ක කාකොටා ගනිද්දි සර්පයා තමන්ගේ බලය මේ කලාපය ඇතුළේ වර්ධනය කරගනියි. අන්තිමට මේ කලාපයේ එවුන්ට හීනෙනවත් සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව භුක්ති විඳින්න ලැබෙන එකක් නෑ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..