News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිවාදය සෝදා හරින සුදුහුම්පොල මිනිස්සු... - මේ රාජසිංහ පරපුරේ තෙලිඟු වැසියන්ගේ කතාවයි..

Sep 26, 2025 at 03:36 PM
|

ජීවිත ආරක්ෂාව උදෙසා රාජවංශිකයෝ විවිධ වෘත්තිකයින් වෙත භාර කළ බවත් ඉන් ඔවුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් අපි ඉතිහාස කතා ඔස්සේ අසා ඇත්තෙමු. කුඹල්කරුවන්, බෙරකරුවන්, රෙදි අපුල්ලන්නන්, කම්මල්කරුවන් ඇසුරෙහි ආරක්ෂාවට තැබූ බොහෝ රාජවංශිකයන් පසුකාලීනව එම වෘත්තීන් හි ම නියැලි එය සිය ජීවන වෘත්තිය කර ගත් අයුරුත් ඇතැම් විට එයින් සමාජ වියවුල් ඇති වූ අයුරුත් අප දැක ඇත්තෙමු. මෙය ද එවන් කතාවකි.

අපි ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රාජ පරපුරෙන් පැවත එන මිනිස්සු. දකුණු ඉන්දියාවේ තෙලිඟු දේශයෙන් මෙහාට ආවේ වෙංකතරෙංගජම්මාල් බිසවගේ ආරාධනාවට. ඇය අපේ මුත්තාගේ පරපුර ලංකාවට ගෙන්වාගෙන තියෙන්නේ රජුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පවුලේ අය සිටිය යුතුයි කියන අදහසට. මුත්තුසාමි බංගාරස්වාමි කියන පෙලපත්වලින් අපි පැවත එන්නේ. සීයා මුරුස්සාමි තාත්තා මුලූසාමි රාමසාමි. මම බාලා සිවසුබ‍්‍රමනියම්. අපේ කට්ටිය මුලින්ම හිටියේ හන්තාන වත්තේ. ඊළඟට නාගස්තැන්නේ. දැන් සුදුහුම්පොල ටැංකියවත්තේ. මෙතනට තෙලිඟුවත්ත කියලාත් කියනවා.

වත්මන සුදුහුම්පොල තෙලිඟු සුභසාධක සංගමයේ බාලා සිවසුබ‍්‍රමනියම් කතාව ඇරඹූයේ එතැනිනි. ඔහු උස මහත සවිශක්තිමත් පෙනුමකින් හෙබි මිනිසෙකි. වත්තේ කිසිවෙකුටත් බය නැති ඔහු දේශපාලකයින් සමග තර්ක විතර්ක කොට තම වර්ගයේ අයිතිවාසිකම් රැක ගැනීමට උත්සාහ ගන්නේය. ඔහු ඉල්ලා සිටින්නේ යළිත් තමන් වෙත රාජබලපරාක‍්‍රමය නොවේය. මුතුන් මිත්තන්ගෙන් පැවත එන තම වෘත්තියට අගයක්, වෘත්තිය නිදහසේ පවත්වා ගෙන යෑම සඳහා පහසුකම් මෙන්ම ඉන්න හිටින්නට ගෙයක් දොරක් පමණකි.

අපි තෙලිඟු ජාතීන්. අපේ මව් භාෂාවත් තෙලිඟු. මගේ බිරිඳ දෙමළ. ළමයි ඉගෙන ගත්තේ සිංහල. දැන් එයාලා වැඩ කරන්නේත් සිංහලෙන්. අපි ළඟ ජාති ආගම් භාෂා ප‍්‍රශ්න නැහැ. අපේ ගෙවල් අවට තෙලිඟු, සිංහල, දෙමළ, මුස්ලිම් හැම වර්ගයකම මිනිස්සු ඉන්නවා. ලෙඩක් දුකක් කරදරයක් වුණ වෙලාවට වගේම උත්සවයක් මඟුල් තුලාවක් වෙලාවටත් අපි හැමෝම එකට එකතුවෙනවා. තෙලිඟු වර්ග දොළහක් තියෙනවා. ඉන් හැම වර්ගයක්ම නියෝජනය කරන උදවිය ලංකාවේ තැන තැන ජීවත් වෙනවා. නයි සාස්තර රත‍්‍රං මැටිවලං ලී රෙදිසෝදන ආදි මේ හැම වෘත්තියකම නියැලෙන තෙලිඟු ජාතිකයෝ ලංකාවේ ඉන්නවා. ඒ හැමෝම ලංකාවට ආවේ රජුට ආරක්ෂාව දෙන්න බිසව කළ ආරාධනාවටයි.

n3 2අපිත් එක්ක පවුල් හතලිස් පහක් විතර මේ අවට ජීවත් වුණා. ඒත් කාලයත් එක්ක හැමෝම එක එක තැන්වල පදිංචියට ගිහින්. අපේ මුත්තලා කළ වැඩ සීයාගේ පරපුර කළා. ඒ විදිහටම අපේ තාත්තලා රෙදි සේදුවා. දැන් මමත් කරනවා. ඒත් මගේ දරුවෝ ඒවා කරයි කියන්න අමාරුයි. දැන් සමාජය හැඩගැහිලා තියෙන විදිහට හැමදේම නවීන පන්නයට හුරු වෙලානේ. රජ දවස රෙදි සෝදන උදවිය පිළිගත්තේ රාජ්‍ය සේවකයෝ විදිහට. තෙලිඟු අපිව රෙදි සෝදන උදවියට භාර දුන්නේ බි‍්‍රතාන්‍ය ජාතීන් පවා රෙදි සෝදන මිනිස්සු ආරක්ෂා කළ නිසා. නායිරු නැත්නම් තෙලිඟු ජාතීන් විදිහට අපේ පරම්පරාව ලංකාවට ඇවිත් රෙදි සෝදන්න පුරුදු වුණේ ජීවිත ආරක්ෂාවට වගේ ජීවන වෘත්තියක් අවශ්‍ය නිසායි. මම ඒ ගැන කියන්නේ බොහොම ආඩම්බරයෙන්.

මම අදටත් උත්සාහ කරන්නේ මේ වෘත්තිය ඉහළට ගෙනියන්න. අපි තවම මේ ටැංකිවල රෙදි පුරවලා රෙදි සෝදන්නේ. දැන් නවීන ක‍්‍රම මොන තරම් තියෙනවාද. ඒත් අපිට ඒ ක‍්‍රම භාවිතා කරන්න බැහැ. ඉඩකඩ පහසුකම් නැහැ. නැතිනම් නව ඉදිකිරීමකට දේශපාලනය ඉඩ දෙන්නේ නැහැ. මම මෙතන සුදුහුම්පොල පදිංචියට ආවේ 1972 දී. අපි අපේ රස්සාව හොඳට කරගෙන ගියා. පේ‍්‍රමදාස මහත්තයා 1990 දී විලියම් ගොපල්ලව මාවත නව පාර හදන්න අපේ ගෙවල් තිබුණ ඉඩමෙන් ඉඩ ගත්තා. 1992 ඉඳන් මම අපේ අයිතිය වෙනුවෙන් කතා කරනවා. දේශපාලන ඡුන්ද කාලෙට හැමෝම පොරොන්දු වෙනවා. ඡුන්දෙන් පස්සේ අපිව අමතක කරලා දානවා. මෑත ඉඳන් මම සජිත් පේ‍්‍රමදාස මහත්තයාගෙන් ඇති තරම් ඉල්ලීම් කළා අපිට ගෙවල් හදලා දෙන්න කියලා. ඒත් තවම සද්දයක්වත් නැහැ. ඒ මදිවට දැන් අපජල ව්‍යාපෘතියක් කියලා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් අපේ ගෙවල් වත්තේ මගේ රෙදි ටැංකි ළඟම ටැංකියක් ගහලා. එතනට අපජල නළ ඇවිත් එතනින් තමයි ඇළ දිගේ බට යන්න සකස් කරලා තියෙන්නේ. දැන් අපි කබලෙන් ලිපට. රාජවංශිකයෝ නෙවෙයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි දිහා බලලා මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් ද කියන කාරණාවවත් තේරුම් ගන්න මේ රටේ බලධාරියෙක් ඉන්නවාද කියලා මම අහනවා. උඩරට සංවර්ධනය, මහනුවර නගර සංවර්ධනය කිය කියා ඇමැතිවරු හිටියා, ඉන්නවා. මුණ ගැහෙන්නවත් බැහැ. අපි සුදුහුම්පොල කියන්නේ මහනුවර නගරයට ප‍්‍රවිෂ්ට වෙන තැන ඇළ අයිනේ ජීවත්වෙන හැම කෙනාගෙම ඇහැ ගැටෙන තැන ඉන්න අය. ඔය බලධාරීන්ට අපිව පෙනෙන්නේ නැත්තේ කළු වීදුරු අස්සේ යන නිසා වෙන්න ඇති. තව ටික දවසකින් නම් මෙහෙ එයි කතිරය ඉල්ලගෙන.

හරි විදිහට බැලූවොත් අපි මේ රටේ අවසන් රජුගේ නෑදෑයෝ. අපේ තාත්තට අයියලා මල්ලිලා එකොළහක් හිටියා. රාජවංශයේ පස්වැනි පරපුර තමයි අපි. ඒ කාලේ අපිට සිංහල මිනිස්සු එක්ක වැඩි බජනයක් බැහැ. ඒත් අපේ පරම්පරාවේ අපි හැමෝම සිංහල මිනිස්සු එක්ක එකා වගේ ජීවත්වෙන්නේ. ඔය කොයි කාගෙත් තියෙන්නේ එකම ලේ.

”අපේ මුතුන් මිත්තෝ ලංකාවට පැමිණ තිබෙන්නේ වෙන්කත රෙංගජම්මාල් බිසවගේ සහ ඇගේ සහෝදරියගේ නෑදෑයන් විදියට ඔවුන් ගේ ආරක්ෂාව සඳහායි. ඒ ආකාරයෙන් පැමිණි නායක්කර් තෙළිඟු වංශිකයන් රජ වාසලෙහිම ජීවත්ව තිබෙනවා. ඉංග‍්‍රීසින් මහනුවර රජ්ජුරුවෝ අල්ලන්න එනකොට බිසව විසින්, අපේ පරම්පරාවේ නායකයෙක් වන ඔංගාරුසාමි එක්ක සිටි පවුල් පහක පිරිස රජ වාසලේ ඇඳුම් සෝදන නාගස්තැන්නේ පිරිසකට භාරදී තිබෙනවා. ඒ ගොල්ලෝ සිංහල අය. නාගස්තැන්නේදී අපේ පිරිසට ඔවුන් ආරක්ෂාව ලබා දීලා. ටික දවසක් යන කොට ඉංග‍්‍රීසි හමුදා ඔත්තුකරුවන් පැමිණ අපේ අය සොයන්න පටන් අරන්... ඔවුන්ගෙන් බේරීම සඳහා රාජකීයන් ලෙස තවදුරටත් පෙනී නොසිට රෙදි සෝදන වෘත්තියේ නියැලිලා. ඒ දවස්වල රජතුමාගේ කුණු රෙදි සෝද තිබෙන්නේ ”කොටියාවල’’ කියන ස්ථානයේදි යි. එය පිහිටා තිබෙන්නේ හන්තාන පාරේ නාගස්තැන්න පන්සල ආසන්නයේ. හන්තාන කඳු මුදුනේ සිට ගලා එන තරමක් ලොකු දිය පහර මැදි කර, බේසමක් වැනි තටාංගයක් සෑදී තිබෙන අයුරු අදටත් දැකිය හැකියි. එය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒ අසලම තරමක් දිග පළලින් යුත් විශාල පැතලි ගල් පතුරක් ද දක්නට ලැබෙනවා. එදා රෙදි සෝදා ඇත්තේ එම ගලෙහි ගැසීමෙන් ”කොටියාවල’’ නමින් එම ස්ථානය හඳුන්වා දී ඇත්තේ හන්තාන කැලයේ සිටි කොටින් ජලය පානය කිරීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, දවසක් දිය නෑම සඳහා පැමිණි මිනිසෙකු කොටි දෙනක් විසින් මරා දමා ආහාරයට ගෙන තිබූ නිසයි. තවත් වසර කිහිපයක් ගෙවී යෑමෙන් පසු, ක‍්‍රමයෙන් සිංහල අය රෙදි සෝදන වෘත්තියෙන් ඉවත් වුණා. අපේ අය මෙම වෘත්තියේ දිගටම නියැලූනා. ඒ ආකාරයටයි නායක්කර් රජ පවුලේ අය රෙදි සෝදන වෘත්තියට පිවිසියේ. පසුව නාගස්තැන්න ඔය හරහා පහළට ඇවිත් දෙයියන්නේවෙළට පැමිණ තිබෙනවා.

ටැංකියවත්තේ කුණු රෙදි සෝදන රාජකීයෝ දිනකට දළ වශයෙන් ඇඳුම් කැබලි තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සෝදා පිරිසිදු කරති. එම රෙදි වේලා ගැනීමෙන් අනතුරුව පොල් කටු ඉස්තිරික්කයට බර දමා කුඩා මේසය මත එළාගත් රෙදි මදිති. මහනුවර හා අවට නගරවල, හෝටල්, වෙළෙඳසල්, බංගලා, නිල නිවාසවල කුණු රෙදි පමණක් නොව ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය, තෙල්දෙනිය රෝහල්වල අපිරිසිදු රෙදි පිරිසිදු වන්නේ දෙයියන්නේවෙළ මෙම තෙළිඟු වංශිකයන් අතිනි. මේ සඳහා පවුල් තිහක් පමණ දායකත්වය ලබා දෙයි. මෙයට වසර කිහිපයකට පෙර මහනුවර ආරෝග්‍යශාලාවේ කුණු රෙදි ඔවුන් සෝදා පිරිසිදු කළද, පසුව රෙදි සෝදන මැෂින් මගින් ආරෝග්‍යශාලා සේවකයන් විසින්ම සෝදා ගනු ලැබේ. මේ වන විට ඔවුන්ගේ වෘත්තිය කර ගෙන යෑමට අවශ්‍ය ඉඩ අඩුවෙමින් පවතින බව සිවා කීය. තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය..

”සිය වෘත්තිය කරගෙන යන ඉඩම අයිති වන්නේ නාථ දේවාලයට යි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් ලබා දුන් එකක්්. එදා මෙය සිව දේවාලයක්. ඒ නිසා තමයි රජතුමා මෙම ඉඩම දීල තිබෙන්නේ... දැන් අපි මෙතනින් අයින් කරන්න සැලැස්මක් තිබෙනවා කියා ආරංචියි.. අපි කොහාටද යන්නේ... විලියම් ගොපල්ලව මාර්ගය සෑදීමේදී අපේ මෙම ඉඩමෙන් කොටසක් ගියා. තාමත් ඒවාට වන්දි ලැබුණෙත් නැහැ... හරියට ලයිට් වතුර පහසුකම් අපට නැහැ... මේ වැඩ කරන ඉඩමට බලපත‍්‍රයක් නැහැ... අපිට අයිති ඉඩමෙ ද ඇතැම් පිරිස් අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙනවා. තෙලිඟු වංශිකයන්ගේ ආරක්ෂක මුනිඅණ්ඩි ඊශ්වර දෙවියන් වෙනුවෙන් දේවාලයක් සාදා ගැනීමටත් අවසර ලැබී නැහැ. අපි වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

n3 4තෙලිඟු සුභසාධක සංගමයේ බාලා සිවසුබ‍්‍රමනියම් කතාවට ඉතිහාසය අනුප‍්‍රාණය ගෙන අයුරු අපූරුය. එය සැබැවින්ම විශ්මය සහගත බවත් එහි සැබැව කාගේත් දැන ගැනීම පිණිසත් ගෙන එමි. ඉතිහාසය අනාගතය ජීවත් කරන බවට එය හොඳම සාක්ෂියක් බැවිනි.

මෙරට අවසන් රජවරුන් සිව් දෙනාම නායක්කර් වංශිකයෝ ය. ශ‍්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1739-1747*, කීර්ති ශ‍්‍රී රාජසිංහ ( ක‍්‍රි.ව 1747-1781*, ශ‍්‍රී රාජාධි රාජසිංහ (ක‍්‍රි.ව 1781-1798*, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798-1815* එම රජවරුන් සතර දෙනාය. සේනා සම්මත වික‍්‍රමබාහු රජතුමා ගෙන් ( ක‍්‍රි.ව 1473 - 1511* පැවත ගෙන එන සිංහල රාජ පෙළපතේ අවසාන රජු වූයේ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (ක‍්‍රි.ව 1707 - 1739* ය. නායක්කර් වංශය යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා රාජ්‍යයට අයත් තෙලිඟු රටෙහි ජනතාව ය. මදුරාසිය, මලබාර්, තන්ජෝර් වැනි ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් ය. රජ පෙළපතකට අයත් නායක්කර් වංශිකයෝ ලංකාවට පැමිණෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා නායක්කර් වංශ රාජ කුමාරිකාවක් ගෙන්වා සරණ පවා ගැනීමත් සමඟය.

දෙවැනි රාජසිංහ රජතුමා ගෙන් ආරම්භ වූ දකුණු ඉන්දිය කුමරියන් හා විවාහ වීමේ චාරිත‍්‍රය අවසන් වන්නේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ගෙනි. එහෙත් දෙවෙනි රාජසිංහ රජු පමණක් නොව දෙවෙනි විමලධර්මසූරිය සහ වීර පරාක‍්‍රම නරේන්දාසිංහ රජතුමා ද සිංහල රජවරුන් ය. ඉන් පසු බලයට පැමිණෙන රජවරු සිව් දෙනාම නායක්කර් වංශිකයෝ ය. දකුණු ඉන්දීය පවුල් සමඟ ඇති වූ රාජකීය විවාහ මාලාව නිසා දහ අට වැනි ශත වර්ෂයෙහි මැද භාගය පමණ වන විටදි රජුගේ නායක්කර් ඥාතීන්ගේ ජනපදයක් මහනුවර ඇති විය.

මෙරට රාජාවලියේ අවසන් රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන්ගේ බිසෝවරුන් සතර දෙනෙකි. වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුන් දෙදෙනා ය. වෙන්කත රෙංගජම්මාල් බිසව සමඟ මෙරටට පැමිණි ඥාතීන් තවමත් මහනුවර නගරයේ ජීවත් වේ. අනෙක් බිසෝවරුන් දෙදෙනා වනුයේ වෙන්කත අම්මාල් සහ මුත්තු කන්නම්මා යන කුමාරිකාවන් ය. පෙර රජවරුන් අනුගමනය කරමින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද, දකුණු ඉන්දියාවේ මධුරා පුරවරයෙන් කුමාරියන් දෙදෙනකු ගෙන්වා බිසෝවරුන් ලෙස පත් කර ගත්හ. කොණ්ඩසාමි හෙවත් ගම්පොළ සාමිගේ ¥ කුමරියන් වූ වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් ඒ, සහෝදරියන් දෙදෙනාය. එම කුමාරියන්ගේ සරණ මංගලෝත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා වෙන්කත රෙංගජම්මාල් රන්දෝලිය නමින් ද, ජම්මාල් කුමරිය රිදී දෝලිය නමින් ද හඳුන්වා බිසෝ තනතුරට පත් කර ගත්තේ ය.

කලක් ගතවූ පසුව පිළිමතලව්ව අදිකාරම්, කැප්පෙටිපොල, ඇහැළේපොළ වැනි නිලමේවරුන් රජුව නෙරපීමේ අදහසින් කැරළි කෝලාහල ඇති කළේ ය. උඩරට රදළයන් ගේ අසමගිය වර්ධනය වූ අතර, ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු පවුලේ සැම කුරිරු අන්දමින් ඝාතනය කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රීසීන් කන්ද උඩරට ට පහසුවෙන්ම ඇතුළුවීමට හැකියාව ලැබුණි. අවසානයේදී රජතුමා ඇතුළු පිරිසට සෙංකඩගල පුරවරයෙන් පලා යෑමට සිදු විය.

රජමාලිගාවෙන් රහසේ තම ආරක්ෂක පිරිස සමඟ බිසොවුන් දෙදෙනා ද, පලා යන අවස්ථාව එළඹෙන විට, එහි ඔරුංගසාමී ඇතුළු නායක්කර් පවුල් පහක පමණ සංඛ්‍යාවක් ඉතිරි වී සිටියහ. ඔවුන් බිසවගේ ඥාතීන් ය. ඉංග‍්‍රීසීන්ට භාර දිය නොහැක. ඒ වන විට නාගස්තැන්න පදිංචි රජ මාලිගාවේ ඇඳුම් සෝදන සිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම පැමිණ සිටි අවස්ථාවකි. වෙන්කත රෙංගජම්මාල් බිසව ඔවුන්ට කතා කර, මෙම පිරිස භාර දී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරමිනි. පසුව නාගස්තැන්නේ දී, රජ වාසල රෙදි සෝදන ගැමියන් විසින් මෙම පිරිසට රැකවරණය ලබා දී ඇත.

ඉතිහාසය අපව දිනෙන් දින නව්‍ය කරන බවත් අපගේ ඉතිහාසයේ සුන්දර අසුන්දර සිදුවීම් සියල්ල සමග අප අදටත් ජීවත් වන බවටත් හොඳම නිදසුන් එයම නොවේදැයි සිත්වේ.

සමන්ති වීරසේකර ©

(උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.