News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිවාදය සෝදා හරින සුදුහුම්පොල මිනිස්සු... - මේ රාජසිංහ පරපුරේ තෙලිඟු වැසියන්ගේ කතාවයි..

Sep 26, 2025 at 03:36 PM
|

ජීවිත ආරක්ෂාව උදෙසා රාජවංශිකයෝ විවිධ වෘත්තිකයින් වෙත භාර කළ බවත් ඉන් ඔවුනගේ ජීවිත ආරක්ෂා වූ බවත් අපි ඉතිහාස කතා ඔස්සේ අසා ඇත්තෙමු. කුඹල්කරුවන්, බෙරකරුවන්, රෙදි අපුල්ලන්නන්, කම්මල්කරුවන් ඇසුරෙහි ආරක්ෂාවට තැබූ බොහෝ රාජවංශිකයන් පසුකාලීනව එම වෘත්තීන් හි ම නියැලි එය සිය ජීවන වෘත්තිය කර ගත් අයුරුත් ඇතැම් විට එයින් සමාජ වියවුල් ඇති වූ අයුරුත් අප දැක ඇත්තෙමු. මෙය ද එවන් කතාවකි.

අපි ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රාජ පරපුරෙන් පැවත එන මිනිස්සු. දකුණු ඉන්දියාවේ තෙලිඟු දේශයෙන් මෙහාට ආවේ වෙංකතරෙංගජම්මාල් බිසවගේ ආරාධනාවට. ඇය අපේ මුත්තාගේ පරපුර ලංකාවට ගෙන්වාගෙන තියෙන්නේ රජුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පවුලේ අය සිටිය යුතුයි කියන අදහසට. මුත්තුසාමි බංගාරස්වාමි කියන පෙලපත්වලින් අපි පැවත එන්නේ. සීයා මුරුස්සාමි තාත්තා මුලූසාමි රාමසාමි. මම බාලා සිවසුබ‍්‍රමනියම්. අපේ කට්ටිය මුලින්ම හිටියේ හන්තාන වත්තේ. ඊළඟට නාගස්තැන්නේ. දැන් සුදුහුම්පොල ටැංකියවත්තේ. මෙතනට තෙලිඟුවත්ත කියලාත් කියනවා.

වත්මන සුදුහුම්පොල තෙලිඟු සුභසාධක සංගමයේ බාලා සිවසුබ‍්‍රමනියම් කතාව ඇරඹූයේ එතැනිනි. ඔහු උස මහත සවිශක්තිමත් පෙනුමකින් හෙබි මිනිසෙකි. වත්තේ කිසිවෙකුටත් බය නැති ඔහු දේශපාලකයින් සමග තර්ක විතර්ක කොට තම වර්ගයේ අයිතිවාසිකම් රැක ගැනීමට උත්සාහ ගන්නේය. ඔහු ඉල්ලා සිටින්නේ යළිත් තමන් වෙත රාජබලපරාක‍්‍රමය නොවේය. මුතුන් මිත්තන්ගෙන් පැවත එන තම වෘත්තියට අගයක්, වෘත්තිය නිදහසේ පවත්වා ගෙන යෑම සඳහා පහසුකම් මෙන්ම ඉන්න හිටින්නට ගෙයක් දොරක් පමණකි.

අපි තෙලිඟු ජාතීන්. අපේ මව් භාෂාවත් තෙලිඟු. මගේ බිරිඳ දෙමළ. ළමයි ඉගෙන ගත්තේ සිංහල. දැන් එයාලා වැඩ කරන්නේත් සිංහලෙන්. අපි ළඟ ජාති ආගම් භාෂා ප‍්‍රශ්න නැහැ. අපේ ගෙවල් අවට තෙලිඟු, සිංහල, දෙමළ, මුස්ලිම් හැම වර්ගයකම මිනිස්සු ඉන්නවා. ලෙඩක් දුකක් කරදරයක් වුණ වෙලාවට වගේම උත්සවයක් මඟුල් තුලාවක් වෙලාවටත් අපි හැමෝම එකට එකතුවෙනවා. තෙලිඟු වර්ග දොළහක් තියෙනවා. ඉන් හැම වර්ගයක්ම නියෝජනය කරන උදවිය ලංකාවේ තැන තැන ජීවත් වෙනවා. නයි සාස්තර රත‍්‍රං මැටිවලං ලී රෙදිසෝදන ආදි මේ හැම වෘත්තියකම නියැලෙන තෙලිඟු ජාතිකයෝ ලංකාවේ ඉන්නවා. ඒ හැමෝම ලංකාවට ආවේ රජුට ආරක්ෂාව දෙන්න බිසව කළ ආරාධනාවටයි.

n3 2අපිත් එක්ක පවුල් හතලිස් පහක් විතර මේ අවට ජීවත් වුණා. ඒත් කාලයත් එක්ක හැමෝම එක එක තැන්වල පදිංචියට ගිහින්. අපේ මුත්තලා කළ වැඩ සීයාගේ පරපුර කළා. ඒ විදිහටම අපේ තාත්තලා රෙදි සේදුවා. දැන් මමත් කරනවා. ඒත් මගේ දරුවෝ ඒවා කරයි කියන්න අමාරුයි. දැන් සමාජය හැඩගැහිලා තියෙන විදිහට හැමදේම නවීන පන්නයට හුරු වෙලානේ. රජ දවස රෙදි සෝදන උදවිය පිළිගත්තේ රාජ්‍ය සේවකයෝ විදිහට. තෙලිඟු අපිව රෙදි සෝදන උදවියට භාර දුන්නේ බි‍්‍රතාන්‍ය ජාතීන් පවා රෙදි සෝදන මිනිස්සු ආරක්ෂා කළ නිසා. නායිරු නැත්නම් තෙලිඟු ජාතීන් විදිහට අපේ පරම්පරාව ලංකාවට ඇවිත් රෙදි සෝදන්න පුරුදු වුණේ ජීවිත ආරක්ෂාවට වගේ ජීවන වෘත්තියක් අවශ්‍ය නිසායි. මම ඒ ගැන කියන්නේ බොහොම ආඩම්බරයෙන්.

මම අදටත් උත්සාහ කරන්නේ මේ වෘත්තිය ඉහළට ගෙනියන්න. අපි තවම මේ ටැංකිවල රෙදි පුරවලා රෙදි සෝදන්නේ. දැන් නවීන ක‍්‍රම මොන තරම් තියෙනවාද. ඒත් අපිට ඒ ක‍්‍රම භාවිතා කරන්න බැහැ. ඉඩකඩ පහසුකම් නැහැ. නැතිනම් නව ඉදිකිරීමකට දේශපාලනය ඉඩ දෙන්නේ නැහැ. මම මෙතන සුදුහුම්පොල පදිංචියට ආවේ 1972 දී. අපි අපේ රස්සාව හොඳට කරගෙන ගියා. පේ‍්‍රමදාස මහත්තයා 1990 දී විලියම් ගොපල්ලව මාවත නව පාර හදන්න අපේ ගෙවල් තිබුණ ඉඩමෙන් ඉඩ ගත්තා. 1992 ඉඳන් මම අපේ අයිතිය වෙනුවෙන් කතා කරනවා. දේශපාලන ඡුන්ද කාලෙට හැමෝම පොරොන්දු වෙනවා. ඡුන්දෙන් පස්සේ අපිව අමතක කරලා දානවා. මෑත ඉඳන් මම සජිත් පේ‍්‍රමදාස මහත්තයාගෙන් ඇති තරම් ඉල්ලීම් කළා අපිට ගෙවල් හදලා දෙන්න කියලා. ඒත් තවම සද්දයක්වත් නැහැ. ඒ මදිවට දැන් අපජල ව්‍යාපෘතියක් කියලා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් අපේ ගෙවල් වත්තේ මගේ රෙදි ටැංකි ළඟම ටැංකියක් ගහලා. එතනට අපජල නළ ඇවිත් එතනින් තමයි ඇළ දිගේ බට යන්න සකස් කරලා තියෙන්නේ. දැන් අපි කබලෙන් ලිපට. රාජවංශිකයෝ නෙවෙයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි දිහා බලලා මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් ද කියන කාරණාවවත් තේරුම් ගන්න මේ රටේ බලධාරියෙක් ඉන්නවාද කියලා මම අහනවා. උඩරට සංවර්ධනය, මහනුවර නගර සංවර්ධනය කිය කියා ඇමැතිවරු හිටියා, ඉන්නවා. මුණ ගැහෙන්නවත් බැහැ. අපි සුදුහුම්පොල කියන්නේ මහනුවර නගරයට ප‍්‍රවිෂ්ට වෙන තැන ඇළ අයිනේ ජීවත්වෙන හැම කෙනාගෙම ඇහැ ගැටෙන තැන ඉන්න අය. ඔය බලධාරීන්ට අපිව පෙනෙන්නේ නැත්තේ කළු වීදුරු අස්සේ යන නිසා වෙන්න ඇති. තව ටික දවසකින් නම් මෙහෙ එයි කතිරය ඉල්ලගෙන.

හරි විදිහට බැලූවොත් අපි මේ රටේ අවසන් රජුගේ නෑදෑයෝ. අපේ තාත්තට අයියලා මල්ලිලා එකොළහක් හිටියා. රාජවංශයේ පස්වැනි පරපුර තමයි අපි. ඒ කාලේ අපිට සිංහල මිනිස්සු එක්ක වැඩි බජනයක් බැහැ. ඒත් අපේ පරම්පරාවේ අපි හැමෝම සිංහල මිනිස්සු එක්ක එකා වගේ ජීවත්වෙන්නේ. ඔය කොයි කාගෙත් තියෙන්නේ එකම ලේ.

”අපේ මුතුන් මිත්තෝ ලංකාවට පැමිණ තිබෙන්නේ වෙන්කත රෙංගජම්මාල් බිසවගේ සහ ඇගේ සහෝදරියගේ නෑදෑයන් විදියට ඔවුන් ගේ ආරක්ෂාව සඳහායි. ඒ ආකාරයෙන් පැමිණි නායක්කර් තෙළිඟු වංශිකයන් රජ වාසලෙහිම ජීවත්ව තිබෙනවා. ඉංග‍්‍රීසින් මහනුවර රජ්ජුරුවෝ අල්ලන්න එනකොට බිසව විසින්, අපේ පරම්පරාවේ නායකයෙක් වන ඔංගාරුසාමි එක්ක සිටි පවුල් පහක පිරිස රජ වාසලේ ඇඳුම් සෝදන නාගස්තැන්නේ පිරිසකට භාරදී තිබෙනවා. ඒ ගොල්ලෝ සිංහල අය. නාගස්තැන්නේදී අපේ පිරිසට ඔවුන් ආරක්ෂාව ලබා දීලා. ටික දවසක් යන කොට ඉංග‍්‍රීසි හමුදා ඔත්තුකරුවන් පැමිණ අපේ අය සොයන්න පටන් අරන්... ඔවුන්ගෙන් බේරීම සඳහා රාජකීයන් ලෙස තවදුරටත් පෙනී නොසිට රෙදි සෝදන වෘත්තියේ නියැලිලා. ඒ දවස්වල රජතුමාගේ කුණු රෙදි සෝද තිබෙන්නේ ”කොටියාවල’’ කියන ස්ථානයේදි යි. එය පිහිටා තිබෙන්නේ හන්තාන පාරේ නාගස්තැන්න පන්සල ආසන්නයේ. හන්තාන කඳු මුදුනේ සිට ගලා එන තරමක් ලොකු දිය පහර මැදි කර, බේසමක් වැනි තටාංගයක් සෑදී තිබෙන අයුරු අදටත් දැකිය හැකියි. එය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒ අසලම තරමක් දිග පළලින් යුත් විශාල පැතලි ගල් පතුරක් ද දක්නට ලැබෙනවා. එදා රෙදි සෝදා ඇත්තේ එම ගලෙහි ගැසීමෙන් ”කොටියාවල’’ නමින් එම ස්ථානය හඳුන්වා දී ඇත්තේ හන්තාන කැලයේ සිටි කොටින් ජලය පානය කිරීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, දවසක් දිය නෑම සඳහා පැමිණි මිනිසෙකු කොටි දෙනක් විසින් මරා දමා ආහාරයට ගෙන තිබූ නිසයි. තවත් වසර කිහිපයක් ගෙවී යෑමෙන් පසු, ක‍්‍රමයෙන් සිංහල අය රෙදි සෝදන වෘත්තියෙන් ඉවත් වුණා. අපේ අය මෙම වෘත්තියේ දිගටම නියැලූනා. ඒ ආකාරයටයි නායක්කර් රජ පවුලේ අය රෙදි සෝදන වෘත්තියට පිවිසියේ. පසුව නාගස්තැන්න ඔය හරහා පහළට ඇවිත් දෙයියන්නේවෙළට පැමිණ තිබෙනවා.

ටැංකියවත්තේ කුණු රෙදි සෝදන රාජකීයෝ දිනකට දළ වශයෙන් ඇඳුම් කැබලි තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සෝදා පිරිසිදු කරති. එම රෙදි වේලා ගැනීමෙන් අනතුරුව පොල් කටු ඉස්තිරික්කයට බර දමා කුඩා මේසය මත එළාගත් රෙදි මදිති. මහනුවර හා අවට නගරවල, හෝටල්, වෙළෙඳසල්, බංගලා, නිල නිවාසවල කුණු රෙදි පමණක් නොව ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය, තෙල්දෙනිය රෝහල්වල අපිරිසිදු රෙදි පිරිසිදු වන්නේ දෙයියන්නේවෙළ මෙම තෙළිඟු වංශිකයන් අතිනි. මේ සඳහා පවුල් තිහක් පමණ දායකත්වය ලබා දෙයි. මෙයට වසර කිහිපයකට පෙර මහනුවර ආරෝග්‍යශාලාවේ කුණු රෙදි ඔවුන් සෝදා පිරිසිදු කළද, පසුව රෙදි සෝදන මැෂින් මගින් ආරෝග්‍යශාලා සේවකයන් විසින්ම සෝදා ගනු ලැබේ. මේ වන විට ඔවුන්ගේ වෘත්තිය කර ගෙන යෑමට අවශ්‍ය ඉඩ අඩුවෙමින් පවතින බව සිවා කීය. තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය..

”සිය වෘත්තිය කරගෙන යන ඉඩම අයිති වන්නේ නාථ දේවාලයට යි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් ලබා දුන් එකක්්. එදා මෙය සිව දේවාලයක්. ඒ නිසා තමයි රජතුමා මෙම ඉඩම දීල තිබෙන්නේ... දැන් අපි මෙතනින් අයින් කරන්න සැලැස්මක් තිබෙනවා කියා ආරංචියි.. අපි කොහාටද යන්නේ... විලියම් ගොපල්ලව මාර්ගය සෑදීමේදී අපේ මෙම ඉඩමෙන් කොටසක් ගියා. තාමත් ඒවාට වන්දි ලැබුණෙත් නැහැ... හරියට ලයිට් වතුර පහසුකම් අපට නැහැ... මේ වැඩ කරන ඉඩමට බලපත‍්‍රයක් නැහැ... අපිට අයිති ඉඩමෙ ද ඇතැම් පිරිස් අනවසර ඉදිකිරීම් සිදු කර තිබෙනවා. තෙලිඟු වංශිකයන්ගේ ආරක්ෂක මුනිඅණ්ඩි ඊශ්වර දෙවියන් වෙනුවෙන් දේවාලයක් සාදා ගැනීමටත් අවසර ලැබී නැහැ. අපි වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

n3 4තෙලිඟු සුභසාධක සංගමයේ බාලා සිවසුබ‍්‍රමනියම් කතාවට ඉතිහාසය අනුප‍්‍රාණය ගෙන අයුරු අපූරුය. එය සැබැවින්ම විශ්මය සහගත බවත් එහි සැබැව කාගේත් දැන ගැනීම පිණිසත් ගෙන එමි. ඉතිහාසය අනාගතය ජීවත් කරන බවට එය හොඳම සාක්ෂියක් බැවිනි.

මෙරට අවසන් රජවරුන් සිව් දෙනාම නායක්කර් වංශිකයෝ ය. ශ‍්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1739-1747*, කීර්ති ශ‍්‍රී රාජසිංහ ( ක‍්‍රි.ව 1747-1781*, ශ‍්‍රී රාජාධි රාජසිංහ (ක‍්‍රි.ව 1781-1798*, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798-1815* එම රජවරුන් සතර දෙනාය. සේනා සම්මත වික‍්‍රමබාහු රජතුමා ගෙන් ( ක‍්‍රි.ව 1473 - 1511* පැවත ගෙන එන සිංහල රාජ පෙළපතේ අවසාන රජු වූයේ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (ක‍්‍රි.ව 1707 - 1739* ය. නායක්කර් වංශය යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා රාජ්‍යයට අයත් තෙලිඟු රටෙහි ජනතාව ය. මදුරාසිය, මලබාර්, තන්ජෝර් වැනි ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් ය. රජ පෙළපතකට අයත් නායක්කර් වංශිකයෝ ලංකාවට පැමිණෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා නායක්කර් වංශ රාජ කුමාරිකාවක් ගෙන්වා සරණ පවා ගැනීමත් සමඟය.

දෙවැනි රාජසිංහ රජතුමා ගෙන් ආරම්භ වූ දකුණු ඉන්දිය කුමරියන් හා විවාහ වීමේ චාරිත‍්‍රය අවසන් වන්නේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ගෙනි. එහෙත් දෙවෙනි රාජසිංහ රජු පමණක් නොව දෙවෙනි විමලධර්මසූරිය සහ වීර පරාක‍්‍රම නරේන්දාසිංහ රජතුමා ද සිංහල රජවරුන් ය. ඉන් පසු බලයට පැමිණෙන රජවරු සිව් දෙනාම නායක්කර් වංශිකයෝ ය. දකුණු ඉන්දීය පවුල් සමඟ ඇති වූ රාජකීය විවාහ මාලාව නිසා දහ අට වැනි ශත වර්ෂයෙහි මැද භාගය පමණ වන විටදි රජුගේ නායක්කර් ඥාතීන්ගේ ජනපදයක් මහනුවර ඇති විය.

මෙරට රාජාවලියේ අවසන් රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන්ගේ බිසෝවරුන් සතර දෙනෙකි. වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් පළමු බිසෝවරුන් දෙදෙනා ය. වෙන්කත රෙංගජම්මාල් බිසව සමඟ මෙරටට පැමිණි ඥාතීන් තවමත් මහනුවර නගරයේ ජීවත් වේ. අනෙක් බිසෝවරුන් දෙදෙනා වනුයේ වෙන්කත අම්මාල් සහ මුත්තු කන්නම්මා යන කුමාරිකාවන් ය. පෙර රජවරුන් අනුගමනය කරමින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ද, දකුණු ඉන්දියාවේ මධුරා පුරවරයෙන් කුමාරියන් දෙදෙනකු ගෙන්වා බිසෝවරුන් ලෙස පත් කර ගත්හ. කොණ්ඩසාමි හෙවත් ගම්පොළ සාමිගේ ¥ කුමරියන් වූ වෙන්කත රෙංගජම්මාල් සහ වෙන්කත ජම්මාල් ඒ, සහෝදරියන් දෙදෙනාය. එම කුමාරියන්ගේ සරණ මංගලෝත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා වෙන්කත රෙංගජම්මාල් රන්දෝලිය නමින් ද, ජම්මාල් කුමරිය රිදී දෝලිය නමින් ද හඳුන්වා බිසෝ තනතුරට පත් කර ගත්තේ ය.

කලක් ගතවූ පසුව පිළිමතලව්ව අදිකාරම්, කැප්පෙටිපොල, ඇහැළේපොළ වැනි නිලමේවරුන් රජුව නෙරපීමේ අදහසින් කැරළි කෝලාහල ඇති කළේ ය. උඩරට රදළයන් ගේ අසමගිය වර්ධනය වූ අතර, ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු පවුලේ සැම කුරිරු අන්දමින් ඝාතනය කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉංග‍්‍රීසීන් කන්ද උඩරට ට පහසුවෙන්ම ඇතුළුවීමට හැකියාව ලැබුණි. අවසානයේදී රජතුමා ඇතුළු පිරිසට සෙංකඩගල පුරවරයෙන් පලා යෑමට සිදු විය.

රජමාලිගාවෙන් රහසේ තම ආරක්ෂක පිරිස සමඟ බිසොවුන් දෙදෙනා ද, පලා යන අවස්ථාව එළඹෙන විට, එහි ඔරුංගසාමී ඇතුළු නායක්කර් පවුල් පහක පමණ සංඛ්‍යාවක් ඉතිරි වී සිටියහ. ඔවුන් බිසවගේ ඥාතීන් ය. ඉංග‍්‍රීසීන්ට භාර දිය නොහැක. ඒ වන විට නාගස්තැන්න පදිංචි රජ මාලිගාවේ ඇඳුම් සෝදන සිංහල ජාතිකයන් කිහිප දෙනෙකුම පැමිණ සිටි අවස්ථාවකි. වෙන්කත රෙංගජම්මාල් බිසව ඔවුන්ට කතා කර, මෙම පිරිස භාර දී ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරමිනි. පසුව නාගස්තැන්නේ දී, රජ වාසල රෙදි සෝදන ගැමියන් විසින් මෙම පිරිසට රැකවරණය ලබා දී ඇත.

ඉතිහාසය අපව දිනෙන් දින නව්‍ය කරන බවත් අපගේ ඉතිහාසයේ සුන්දර අසුන්දර සිදුවීම් සියල්ල සමග අප අදටත් ජීවත් වන බවටත් හොඳම නිදසුන් එයම නොවේදැයි සිත්වේ.

සමන්ති වීරසේකර ©

(උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.