මේ ආණ්ඩුව දිගටම ඉන්න ඕන තමයි!
"මීට පස්සෙ වෙන ආණ්ඩු නෑ කියල ජේ.වී.පී.නායකයො මැයි දිනේදි කියනව ඇහුණද? "මම බිරිඳගෙන් ඇසුවෙමි "ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ වගේ කතා කියනෙක හරි කැතයි නේද ?"
බිරිඳ මගේ කතාවට සරදම් සිනාවක් පෑවාය.
"ඔයා දැකල නැද්ද සාප්පුවල ගහල තියෙනව "බයි වන් ගෙට් වන් ෆ්‍රී" කියල.අන්න ඒ සංකල්පය තමයි ඔය"ඈ මට විස්තර කළාය."එක සැරයක් ඡන්දෙ දීලා ජේ.වී.පී.ආණ්ඩුවක් පත්කරාම ඊට පස්සෙ ඡන්ද නැතුවම ජේ.වී.පී. ආණ්ඩු ලැබෙනවා "
"ඒ වුණාට මේගොල්ලො ආපු දවසෙ ඉඳන් කරන්නෙ වැඩ කිරිල්ල නෙවෙයිනෙ නෝනා ඇණගැනිල්ලනෙ "මම බිරිඳට මතක් කර දුනිමි ."එහෙව් කට්ටිය හැමදාම හිටියොත් හොඳට හිටියි"
බිරිඳ නොපැකිළ ඊට පිළිතුරු දුන්නාය .
"හැමදාම ඉන්න නිසා ඕනතරම් කල් තියෙනවනෙ ඒගොල්ලන්ට වැඩ කරන්න"බිරිඳ මට පහදා දුන්නාය."ඒ වුණාට ඒ කට්ටිය කරල පෙන්නල තියෙනවනෙ ඒගොල්ලන්ට ඕන නම් ඕනම වැඩක් කරන්න පුළුවන් කියල"
"ඔය කියන්නෙ හිටපු ජනාධිපතිවරැ ආණ්ඩුවෙ ගෙවල්වලින් යැවිල්ලද නැත්නම් මන්ත්‍රීවරුන්ගෙ පැන්ෂන් කැපිල්ලද?"මම බිරිඳගෙන් ඇසුවෙමි ."එක එකාට කෙළවෙනවට ආස එවුන් චූන් කරන්න මිසක් රටේ දියුණුවට වැඩක් ඇති වැඩ නෙවෙයිනෙ ඒවා "
එවර බිරිඳ හයියෙන් හිනා වුණාය.
"අයියෝ ඒවා මොන්ටිසෝරි වැඩනෙ මෙයා, ගිය සුමානෙ ආණ්ඩුව දීපු ගේමත් එක්ක ගත්තම"බිරිඳ හිනාවෙමින්ම කීවාය."අන්න වැඩ!"
බිරිඳ කියන්නේ කුමක් ගැනදැයි පැහැදිලි කරන ලෙස මම ඉල්ලා සිටියෙමි .
"රටේ නායකයො වුණත් සිවුරට සෙකන්ඩ් වෙන බෞද්ධ රටේ,හාමුදුරුවරැ එක්ක ගියොත් වල් බල්ලෙකුට වුණත් වඳින පුන්‍ය භූමියෙ, වෙසක් උත්සවේ කල්දාන්න තරම් හයියක් තියෙන ආණ්ඩුවකට හිතට ගත්තොත් මොනවද කරන්න බැරි?" බිරිඳ මගෙන් විමසුවාය."හැමදාම බලේ ඉන්න නිසා හදිසියක් නැතුව මිසක් මේ ආණ්ඩුව හිතට ගත්තොත් රට කණපිට ගහන්න වුණත් පුළුවන් බව ඒ වැඩෙන් තේරුම් ගියානෙ"
ආණ්ඩුව මැයි දිනය අවලංගු නොකර වෙසක් උත්සවය කල්දැම්මේ මන්දැයි මම බිරිඳගෙන් විමසුවෙමි .
"ඇයි දෙයියනේ මැයි දිනයක් නැත්නම් ජේ.වී.පියකුත් නෑනෙ.උන්ගෙ පරම හතුරො වුණත් පිළිගන්නවනෙ මැයි දිනේ නම් ජේ.වී.පී කියල.හැමදාම ජේ.වී.පිය රටේ ප්‍රශ්න විසඳපු තැනනෙ මැයි දින වේදිකාව කියන්නෙ "බිරිඳ මට කියා සිටියාය ."මුකුත් කරන්න බෑ කියල රට්ටුන්ගෙන් කතා අහ අහ ඉන්න ආණ්ඩුවට තමන්ට තාමත් සෙනග ඉන්නව කියල පෙන්නගන්න තියෙන මැයි දිනේ නැති කරගන්න පුළුවන්ද බුදු තෙමඟුල වෙනුවෙන්.මැයි දිනේ කල්දාන්න බැරි නිසා වෙසක් පෝස්ට්පෝන් කරා"
"ඒ වුණාට නෝනා මම නම් ජේ.වී.පී.නෙවෙයි හොඳ ආණ්ඩුවක් වුණත් හැමදාම තියෙනවට කැමති නෑ "මම බිරිඳට කියා සිටියෙමි ."ඡන්ද කාලෙට,ඡන්දෙදාට,ඡන්ද ප්‍රතිඵල කියන කොට හම්බුවෙන ආතල්ලෙක ගන්න පුළුවන්ද රටේ ඔක්කොම ප්‍රශ්න විසඳුනත්"
බිරිඳ එවර මඳ සිනාවක් පෑවාය.
"ඡන්ද ආතල් තියෙන්නෙ ඡන්ද කාලෙට විතරයිනෙ හලෝ"ඈ මට කියා සිටියාය ."ඒ වගේද මේ ආණ්ඩුව. හැම සුමානෙම ආතල්ලෙකක් දෙනවනෙ.සුන්බුන්ලා හැත්තෑහය අවුරුද්දකට දුන්නට වැඩි සැපක් මේගොල්ලො දුන්නනෙ අවුරුදු එකහමාරකින් රටට "
- සුන්දර නිහතමානි ද මැල්
(උපුටා ගැනීම මුහුණු පොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්