හොරකම්, වංචා ගැන හොයන මුවාවෙන් දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීමේ අපූරු න්‍යාය සහ ලිස්ට් එකේ නම් නැති ධම්මිකලා සහ ඉෂාරලා..
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද අල්ලස් කොමිසමට කැඳෙව්වා. පැය දෙකක් ප්‍රකාශ ගත්තා. පිටත් කළා.
මෙලො තේරුමක් නැති, සාධාරණ නඩුවක් හෝ නැති විමර්ෂනයකට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පටලවලා තියෙනවා.
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා දේශපාලනිකව මතු වන හැම වෙලාවකම සංස්කෘතික අරමුදලක කතාවක් කියනවා. හැබැයි නඩුවක් හෝ නැහැ.
මේ ආණ්ඩුවට මිනිස්සු බලය දුන්නේ ඇත්තටම දූෂණ, වංචා විමර්ෂනය කරලා, ඇත්තටම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න.
නමුත් ඔබට පේනවද මේ ආණ්ඩුව අපූරු රටාවක් අනුගමනය කරනවා.
ඔවුන් ෆයිල් පෙන්නුවට ඔවුන්ට හොරකම්, වංචා ගැන හොයන්න හෝ යුක්තිය පසඳලන්න ඇත්ත උවමනාවක් නැහැ.
ඔවුන්ට උවමනා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට විතරයි.
මේ ගැන තවත් මරු උදාහරණයක් අද දැක්කා.
මෙරට කොටස් වෙළඳපොලේ සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙන් හොයන්න ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට ගෙන්වනවා ලු.
මේ ප්‍රවෘත්තිය අපි දැක්කේ ආණ්ඩුවේ ඩෝබි මාධ්‍යවේදියන්ගෙන්.
ආණ්ඩුවේ අලුත් රහසිගත තීරණ, නඩු, විමර්ෂන, CID කේස්, බ්‍රයිබරි කේස් කාටත් කළින් රටට කියන ඩෝබි බුවාලා ටික දෙනෙක් ඉන්නවා.
ඔවුන් තමයි ආණ්ඩුව මස් කටු දීලා නඩත්තු කරන , තමන් වෙනුවෙන් බුරන්න තියන් ඉන්න කුලීකාරයො.
මේ කුලිකාරයො ඒ විදියට විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවට (SEC) ගෙන්වන නම් ලිස්ට් එකත් කිව්වා.
(ආණ්ඩුවේ විමර්ෂන වල තොරතුරු ඩෝබින්ට ආවේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒවා වලංගු දියුණු, ශිෂ්ඨ රටවලට මිසෙක මේවගේ හුණ්ඩු වලට නෙවෙයි)
ඔවුන් හෙළිකළේ අපූරු නම් ලයිස්තුවක්.
දිලිත් ජයවීර, රේනො සිල්වා, නිමල් පෙරේරා වගේ කිහිපදෙනෙක් ඒ ලිස්ට් එකේ හිටියා.
මම මේ ලිස්ට් එක මුලින් දැක්කම අවංකවම හිතුවේ ඩෝබි බුවාලට වැරදිලා කියලා. නම් කිහිපයක් මගහැරිලා කියලා.
මන් නැවත නැවතත් ඒ ලයිස්තුව පරීක්ෂා කළා. මම පුදුම වුණා.
ලංකාවේ කොටස් වෙළඳපොල දිගු කාලයක් තිස්සේ රන් කරන්නේ දෙන්නයි.
ලංකාවේ කොටස් වෙළඳපොළේ විශාල ගණුදෙනු ඒ දෙන්නගේ. කොටස් වෙළඳපොලෙන් වැඩිපුරම උපයලා තියෙන්නේ ඒ දෙන්නා.
කොටින්ම ඒ දෙන්නා තමයි කොටස් වෙළඳපොලේ ගොඩ් ෆාදර් ලා.
ඒ වගේම පම්පිං ඇන්ඩ් ඩම්පිං කිංග් ඔවුන්ගෙන් කෙනෙක්.
සරලවම ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර.
ලංකාවේ ලොකුම ධනවතුන් දෙන්නා. කොටස් වෙළඳපොලේ ලොකුම ගණුදෙනුකරුවො වගේම කොටස් වෙළඳපොලේ පම්පිං ඇන්ඩ් ඩම්පිං වලින් හම්බ කරපු බුවාලා.
හැබැයි ඒ දෙන්නා මේ ලිස්ට් එකේ නෑ. මරු වැඩක්නේ ?
ඔවුන් දෙදෙනා නැතුව කොටස් වෙළඳපොල ගැන හොයනවා කියන්නේ නිකන් තේ කියලා තේ, කිරි, සිනි නැතුව ඇල් වතුර බොනවා වගේ වැඩක්නේ ?
දැන් අපි බලමු.
දිලිත් ජයවීර මේ ලිස්ට් එකට එන්නේ ඇයි ?
මිනිහා දැන් දේශපාලනය කරන නිසා. දෙරණ ආණ්ඩුවට ගහනවා කියලා හිතන නිසා.
හැබැයි ස්ටොක් මාර්කට් එකේ අපි අවුරුදු ගානකින් දිලිත්ගේ ට්‍රේඩ් එකක් දැකලා නෑ.
කොටින්ම දිලිත් මීඩියා වලින්, බිස්නස් වලින් හම්බ කළාට ස්ටොක් මාර්කට් එකේ පොරක් නෙවෙයි.
රේනො සිල්වා මේ ලිස්ට් එකට එන්නේ ඇයි ?
හිරු ආණ්ඩුවට ගහනවා කියලා ආණ්ඩුව හිතන නිසා. හිරු කන්ට්‍රෝල් කරන්න ඕන නිසා.
නිමල් පෙරේරා කියන්නේ ධම්මිකගේ කුණු කොන්ත්‍රාත්තු කරලා, පස්සේ වසන්ත සමරසිංහට පගාව දීලා, දැන් රටෙත් නැති පොඩි පොරක්.
ඔහුගේ නම මේ ලයිස්තුවට දැමීම කපටි වැඩක්.
මොකද දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න නිමල් පෙරේරා මේවට කට උත්තර දෙන්න එන්න ඕන නැහැ.
ඇත්තටම ආණ්ඩුවට කොටස් වෙළඳපොළේ වංචා අල්ලන්න උවමනා වුනා නම් පටන් ගන්න තිබුණේ ධම්මිකගෙන්. ඊලගට ඉෂාරගෙන්.
හැබැයි ආණ්ඩුවට උවමනා ඇත්තටම හොරකම් අල්ලන්න නෙවෙයි.
හොරකම් යූස් කරලා දේශපාලනය කරන්න, ඩෝබියො චූන් කරන්න සහ දේශපාලන පළිගැනීම් කරන්න විතරයි.
ධම්මික පෙරේරා අද ආණ්ඩුවේ. ආණ්ඩුවට මැයි රැළි කරන්නත් සල්ලි දුන්නේ ධම්මික.
අද ආණ්ඩුවේ ගල් අඟුරු ටෙන්ඩරේ ඉඳන් හැම ටෙන්ඩරයක්ම යන්නේ ධම්මිකට.
ඉෂාර නානායක්කාරත් ආණ්ඩුවේ.
ආණ්ඩුව ඉෂාර ලා, ධම්මික ලා ආරක්ෂා කරනවා.
ආණ්ඩුවට ඇත්තටම කොටස් වෙළඳපොලේ ගණුදෙනු පරීක්ෂා කරන්න සහ හොරකම් අල්ලන්න උවමනා නම් පටන් ගන්නේ එතැනින්.
නමුත් හිරු , දෙරණ පාලනය කිරීමට සහ දිලිත්ගේ දේශපාලනය පාලනය කිරීමට උවමනා නිසා ඔවුන් මේ හුදෙක් ව්‍යාජ පරීක්ෂන පටන් ගන්නවා.
මේවා දිනන්න පුලුවන් නඩු නෙවෙයි.
කොටින්ම අද දිලිත් සහ රේනො ආණ්ඩුවට සපෝර්ට් කළා නම් අද ආණ්ඩුවෙන් ඔවුන්ට කෝටි ගණන් වල බිස්නස් මිසෙක මේවගේ ගොන් පාර්ට් වල හිර කරන්නේ නැහැ.
මේවා දේශපාලනය කියලා කියන්නේ ඒකයි.
රේනො සහ දිලිත් ආණ්ඩුවට කඩේ යෑම තෝරා නොගත් නිසා ඔවුන් මේවායේ ඉලක්ක වෙනවා.
ඇත්තටම මේ රටේ හොරකම, වංචාව සහ දූෂණය නවත්තන්න මාලිමාවට ඡන්දය දීපු මිනිස්සු පව්.
රනිල් , මහින්ද , සජිත්, දිලිත්, රේනො මේ සියලූම දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන්නේ දේශපාලන උවමනා සහ ඔවුන් නිෂ්ක්‍රීය කිරීමේ අරමුණක් මිසෙක සැබෑ වංචා දුෂණ පිටුදැකීම නොවෙයි.
කොහොම වුනත් මේ සිදුවීමෙන් සිංහල භාෂාවට අළුත් ප්‍රස්ථා පිරුළක් එකතු වුණා.
ඉස්සර තිබුනේ මනමාලි නැතුව මගුල් කනවා වගේ කියලා ප්‍රස්ථා පිරුලක්.
හැබැයි ධම්මික, ඉෂාර දෙන්නම නැතුව කොටස් වෙළඳපොලේ වංචා හොයනවා කියන්නේ නිකන් මනමාලයයි, මනමාලියි දෙන්නම නැතුව නිකන් මල් කුමාරයො එක්ක මගුල් කෑවා වගේ වැඩක්.
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්