News Category
From Date
To Date
Maximum Number of Result

කොමිසමට දුන්න රහස් කට උත්තර රංග, එරංගට පෙන්නුවේ ඇයි?..

May 10, 2026 at 06:27 AM
|

නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පෙරේදා (08) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කිව්වේ මියගිය කපිල චන්ද්‍රසේන එයාර්බස් ගණුදෙනුවට අදාලව අල්ලස් කොමිසමට දුන්න ප්‍රකාශයයෙන් මේ දූෂිත ගණුදෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශ කළා කියලයි. මෙතනදී රටේ රාළ පෙනී ඉන්නේ කපිල චන්ද්‍රසේන වෙනුවෙන්වත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වත් නෙවෙයි. මේ රටේ නීතිය අවභාවිතා කිරීමට එරෙහිවයි.

මෙතනදී මතුවෙන පලවෙනි ප්‍රශ්නය තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ අතිශයින් තද බල නීතිරීති තියන තැනක,රහස්‍යභාවය උපරිමයෙන් සුරකිනවා කියන තැනක, සුපිරිසුදු යැයි  කියන රටේ ඉහලම නීති ආයතනයක විත්තිකරුවෙක් දීපු කට උත්තරයක තිබුණ කරුණක් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතියෙක් ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ කියන්නේ කොහොමද කියන එකයි.එයා ඒවා දැනගත්තේ කොහොමද කියන එකයි.

.මේක ඇමතියාගේ මෝඩකමටම කරන ප්‍රකාශයක් උනත් මේක නිත්‍යානුකූලව ප්‍රකාශයක් නෙවෙයි.රටේ නීතිය කඩනවා නං ඒකා මෝඩයෙක් කියලා කටපියාගෙන ඉන්න රටේ රාළට බෑ.අඩුම ගානේ මේ මෝඩ හැතිකරේ එලවන්න ජනතාව දැනුවත් වෙන්න මේක කියන්න ඕනි.ඊට අමතරව මේ ප්‍රකාශවලින් ඉලක්කවන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයටත් මේ ප්‍රකාශ මගින් හානි වෙනවා.මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුකරයක විත්තිකරුගේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් නෙවෙයිද?

එරංගගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නීතියමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි.මොකද එරංගගේ මේ ප්‍රකාශයෙන් විමර්ශනවල රහස්‍යභාවය සහ නීතියේ පාලනය අභියෝගයට ලක්වෙනවා.මෑතකදී දේශපාලන කරළියේ කතාබහට ලක්වන 'එයාර්බස්' ගනුදෙනුව සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් කරන ප්‍රකාශයක් මේ රටේ නීති පද්ධතියේ සහ ස්වාධීන විමර්ශන ආයතනවල පැවැත්ම පිළිබඳ බරපතල ප්‍රශ්න කිහිපයක් මතු කරනවා.

විමර්ශන ආයතනයක් හමුවේ ලබාදුන්න රහස්‍ය ප්‍රකාශයක් දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධ කිරීම හුදු දේශපාලන ප්‍රකාශයකින් එහා ගිය නෛතික අර්බුදයක් නිර්මාණය කරනවා.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පුළුල් බලතල මෙන්ම දැඩි වගකීම් ප්‍රමාණයක් ලබා දීලා තියනවා.එතන ප්‍රධානතම අංගයක් වෙන්නේ විමර්ශනයකට අදාළ තොරතුරුවල රහස්‍යභාවය රැකීමයි.

විමර්ශනයක් සිදුවන අතරතුර අල්ලස් කොමිසමට දුන්න ප්‍රකාශවල පිටතට කාන්දුවීමෙන් අදාළ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවට මෙන්ම විමර්ශනයේ අපක්ෂපාතීත්වයට දැඩි හානික් වෙනවා.මුග්ධයෙක් උනත් එරංග ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකෙනක්.මිනිහගේ මෝඩකම වෙනම කතාවක්.ඒ වගේ මුග්ධයින්ට ඇමතිකම් දීපු එකත් වෙනමම කතා කරන්න ඕනි මාතෘකා.හැබැයි එරංගයා මේ වගේ රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් ඒ ස්වාධීන ආයතනය දේශපාලන උවමනාවන් මත හසුරවෙන බවට සමාජයට පැහැදිලව පේනවා.

යම් කාරණක් අධිකරණ බලය සහිත මහේස්ත්‍රාත් අධිකරණයක විභාගවෙමින් තියනකොට ඒ ගැන මහජන මතය හැසිරවීම හෝ නඩු විභාගයට බලපෑම් කරන්න පුළුවන් විදිහේ  ප්‍රකාශ කිරීම 'Sub Judice' නීතිය යටතේ බරපතල වරදක්.විත්තිකරුවෙක් දුන්න ප්‍රකාශයක අන්තර්ගතය නඩුව අවසන් වීමට පෙර ප්‍රසිද්ධ කිරීම හරහා අධිකරණ ක්‍රියාවලියට 'පූර්ව නිගමන' (Pre-judgment) ඇතුළත් කිරීමට උත්සාහ දැරීම අධිකරණයට කරන අපහාසයක් විදිහට සලකන්න පුළුවන්.සාධාරණ නඩු විභාගයක් සඳහා ඕනෑම පුද්ගලයෙකුට ඇති අයිතිය මෙතනදී බරපතල විදිහට උල්ලංඝනය වෙනවා.

ලෝකයේ පිළිගත් ඕනෑම ශිෂ්ට නීති පද්ධතියක මූලික පදනම වන්නේ "අධිකරණයකින් වරදකරුවෙකු කරන තෙක් ඕනෑම අයෙකු නිවැරදිකරුවෙකු" විදිහට සැලකීමයි.දේශපාලන වේදිකාවල පුද්ගලයන් වරදකරුවන් කිරීම මගින් අදාළ පුද්ගලයාගේ කීර්තිනාමයට සහ පෞද්ගලිකත්වයට කරන හානිය නැවත හදන්න බෑ.මේ වගේ ප්‍රකාශවලින් අපහාසයට ලක්වන පාර්ශවයන්ට සිවිල් නීතිය යටතේ 'අපහාසයට වන්දි' (Defamation) ඉල්ලා නඩු පැවරීමේ නෛතික අයිතිය තියනවා.ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕනි.

විධායකයේ (රජයේ) සාමාජිකයෙක් අධිකරණ ක්‍රියාවලියකට අතපෙවීම හෝ එය තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය හරහා මෙහෙයවීම 'බලතල බෙදීමේ සිද්ධාන්තය' උල්ලංඝනය කිරීමක්. දූෂණ විරෝධී සටනක් කියන්නේ නීත්‍යානුකූල පටිපාටියක් මිස මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි කියලා අනුර සහ බාල ගෝලයෝ දැනගන්න ඕනි.රටක නීතියේ පාලනය තහවුරු වෙන්නේ දේශපාලන අධිකාරිය නීතියට ගරු කරන තාක් විතරයි.විමර්ශන ආයතනවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමත්,අධිකරණ ක්‍රියාවලියට ගරු කිරීමත් සියලුම ජනතා නියෝජිතයන්ගේ වගකීමක්.

රහස්‍ය තොරතුරු දේශපාලන වාසි සඳහා අවභාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පිරිහීමක්. ඒක හින්දා මේ ප්‍රකාශ එරංග ගුණසේකර වගේ මුග්ධයන් අතට පත්වීම හරියට වදුරාට දැලි පිහිය අහුවුනා වගෙයි.මෙතන තියන තත්වය ඊටත් වැඩිය දරුණුයි.මෙතන වදුරෝ රංචුවකට දැලි පිහි අහුවෙලා වගේ.කොතනින් කපයිද, කොතන කපා ගනීද කියලා කියන්න බෑ.එරංගට මේ ප්‍රකාශ හම්බවුනේ කොහොමද කියලා එරංග වගේම අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකත් රටට කියන්න ඕනි.

ඇත්තටම මේක බරපතල තත්වයක්.මේ සම්බන්ධව ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග වෙනම කතා කරමු.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය දවසක ඉදන් සමස්ථ මාළිමා බුකී වාසීන් සිරසත් එක්කම එකතු,වෙලා එකම පෝස්ට් එකක්,ෂෙයා කරනවා.
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
2026 නොවැම්බර් 19 වැනිදා මියන්මාරය රොහින්ග්‍යා ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවට ද බරපතළ බලපෑම් ඇති කළ හැකිය. ඊට හේතුව, එල්ටීටීඊ හිතවාදී ඇතැම් කණ්ඩායම් මෙම නඩු විභාගය සමීපව නිරීක්ෂණය කරමින්, ශ්‍රී ලංකාවට එරෙහිව ද මෙවැනිම නඩු කටයුත්තක් ආරම්භ කළ හැකිද යන්න සොයා බලන බවට ප්‍රකාශ කර තිබීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) කිසි විටෙකත් ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට හෝ ඔවුන් අතර ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කළ ආයතනයක් නොවීය.
2026 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද "I died many times": Attacks on humanitarian assistance in Sri Lanka, 20 years on නම් වාර්තාව, ශ්‍රී ලංකාවේ ගැටුම් සමයේ මානුෂීය ආධාර කටයුතු හා ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කර නොමැති බවත්, දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවත් ප්‍රකාශ කරයි.
ඩිජිටල් තාක්ෂණය මත අධික ලෙස රඳා පැවතීමේ අනතුරු ලෝකය දැන් අත්දකිමින් සිටී.
රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්ගේ (Aleksandr Gutsan) ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත “යන්න එපා" යැයි කිව්වේ කවුද යන්න අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කරනු ලැබුවා.
කියුබානු විප්ලවයේ ඓතිහාසික නායක ෆිදෙල් ඇලෙජැන්ඩ්‍රෝ කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම 2026 නොවැම්බර් 25 වන දිනට යෙදී තිබිණි.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.