සිංහල බෞද්ධයන්ට හමුදාවේ දොර විවර කළ ගුණ නොගැයුනු විරුවා - L.H. මෙත්තානන්ද
ජාතික නිදහස් සටනේ වගේම 1956 ජාතික දේශපාලන පෙරලියේ දීත්, සිංහල බෞද්ධයාට අහිමි වූ ස්ථානය නැවත ලබාගැනීම සඳහා සටන් කළ යුග පුරුෂයෙකු ලෙස ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා හඳුන්වාදිය හැකියි. විශේෂයෙන්ම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ සටනේත් එතුමා පුරෝගාමී මෙහෙවරක් ඉටුකලා. හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් සහ මෙත්තානන්ද මහතා එකතුව නිර්මාණය කල බෞද්ධ ජනතා බලවේගය, එවකට තිබූ අධිරාජ්‍ය ගැති එජාප ආණ්ඩුව පරාජය කිරීමට විශාල කාර්යභාරයක් සිදුකළා.
නිදහසින් පසු මේ යුගය වනවිට හමුදා සේවය යනු ලෙහෙසියෙන් පුද්ගලයෙකුට එක්වීමට නොහැකි ඉහළ පෙලේ රැකියාවක් බවට පත්ව තිබුනා. විශේෂයෙන්ම හමුදාවේ ඉහළ නිලතල සියල්ලක්ම දැරුවේ අබෞද්ධයින් විසින්. 60 දශකයේ සිදුවූ හමුදා කුමණ්ත්‍රණයට සහභාගි වුනේ මෙවැන්නන්. බෞද්ධයෙකු වීම හෝ බෞද්ධ පාසලක ඉගෙනුම ලැබීම ආරක්ෂක අංශයේ නිළධාරියෙක් වීමට නුසුදුසුකමක් බවට පත්ව තිබුනා.
මේ වකවානුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කල මෙත්තානන්ද මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දී විදුහල්පතිවරුන්ගේ රැස්වීමකට සහභාගි වෙනවා. එහිදී මෙත්තානන්ද මහතා සමඟ කතාබහක යෙදෙන කතෝලික පාසලක විදුහල්පතිවරයෙකු එතුමාට සරදම් ස්වරයකින් පවසන්නේ,
"Mr. Mettananda, You make soldiers for the army. But I make officers from my school."
(මෙත්තානන්ද මහත්මයා, ඔබ හමුදාවට සෙබළුන් හදනවා. නමුත් මම මගේ පාසලෙන් නිළධාරීන් හදනවා)
මේ ප්‍රකාශයෙන් කෝපයට මෙන්ම කළකිරීමට පත්වන මෙත්තානන්ද මහතා අවස්ථාවක් එනතුරු බලා සිටිනවා. එතුමාගේ මඟපෙන්වීම ලබන ආනන්ද විද්‍යාලයීය කැඩෙට් කණ්ඩායම එම වසරේ හර්මන් ලූස් කුසලානය දිනාගන්නවා. ඒ සමඟම අගමැති ඩඩ්ලි සේනානායක මහතා හමුවීමට යන මෙත්තානන්ද මහතා පවසන්නේ තම පාසලේ සිසුන් මේ ශූරතාවය දිනාගත් නිසා ඔවුන්ට හමුදාවේ නිළධාරී තනතුරුවලට යෑමට අවස්ථාව හිමිවිය යුතු බවයි. අගමැතිවරයා එයට එකඟවීමත් සමඟ හමුදාවේ නිළධාරීන් ලෙස පලමුවරට බෞද්ධයන් සිව් දෙනෙක් පත්වෙනවා. ඒ අර ශූරතාවය දිනූ කණ්ඩායමේ සිසුන් පිරිසෙන් කොටසක්.
මේ ආකාරයට දශකයක් දෙකක් පමණ ගතවන විට ත්‍රිවිධ හමුදාවේ නායකත්වය ඇතුළු ඉහල තනතුරු සියල්ලටම සිංහල බෞද්ධයන් පත්වෙනවා. ඉන්පසු බෞද්ධයන්ට හමුදාවේ ඉහල නිළයන් දැරීමට අවස්ථාව නොදුන් ආගම්වාදී ඒකාධිකාරය අහෝසි වී, ජාති ආගම් භේදයෙන් තොරව දක්ෂයාට අවස්ථාව ලැබෙන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. රටට ජාතියට ආදරය කරන සැබෑ සිංහලයන් ආරක්ෂක අංශවල ඉහළටම ගමන් කරනවා. ලොව දරුණුම ත්‍රස්ථවාදය පරාජය කිරීමට සමත් වූ හමුදාවක් බිහිවීමට අඩිතාලම සැකසුනේ එලෙසයි. එල්ටීටීඊය විනාශ කළ අවසන් මෙහෙයුමට නායකත්වය ලබාදෙන්නේ එදා මෙත්තානන්ද මහතා නිර්මාණය කල මඟ ගමන්ගත් ආදි ආනන්දීයයන් වීමත් සුවිශේෂී කරුණක්.
එහෙත් රට දැය සමය වෙනුවෙන් මෙතරම් සේවයක් ඉටුකළ ජාතික වීරයෙක් වන මෙත්තානන්ද මහතාට සමාජයෙන් නිසි ගෞරවය නොලැබීම කණගාටුදාකයි. ඉතිහාසයේ අතිශයෝක්තියට නැංවුනු දේශපාලඥයන්ට වඩා දැවැන්ත සේවයක් මෙත්තානන්ද මහතා රට වෙනුවන් ඉටුකළ බව පැහැදිලියි. එතුමා ගුණ නොගැයූ විරුවෙක්...
(අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..