බාල බෙහෙත් මාෆියාව පිටුපස සිටින්නේ කවුද?
ඊයේ දින පැවති දෙරණ 360’ වැඩසටහනෙන් හෙළි වූයේ මාලිමා ආණ්ඩුවේ සැබෑ තත්වයයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට එක් රූපවාහිනී වැඩසටහනකට මුහුණ දීමට සමස්ත ආණ්ඩුවම සූදානම් වූ ආකාරය දුටු විට ඔවුන් සත්‍යයට කොතරම් බිය වී ඇත්දැයි පැහැදිලිය.
ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් සහ සම්බන්ධීකරණ නිලධාරීන් යොදවා තිබුණේ එක් ඇමතිවරයෙකු ආරක්ෂා කර ගැනීමටයි.
වැඩසටහන අතරතුර පවා දුරකථනයෙන් තොරතුරු සැපයීමට වෙනම කණ්ඩායමක් සූදානම් වී සිටියා. තරුණ මාධ්‍යවේදී කළිඳු කරුණාරත්නගේ ප්‍රශ්නවලට බිය වූ ආණ්ඩුව රාජ්‍ය සේවය මෙතරම් අයුතු ලෙස භාවිත කළ වෙනත් කාලයක් ඉතිහාසයේ නැත.
එපමණක් නොව, ගංවතුර ආපදා තත්ත්වයට පෙර දැනුම් දීම් සම්බන්ධයෙන් ඇත්ත වසන් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බිය ගන්වා ලිපි ලබා ගත් බවද හෙළිදරව් විය. කළිඳුට මුහුණ දීමට තිබූ මේ සූදානම ගංවතුරට පෙර තිබුණා නම් අද බොහෝ ජීවිත බේරා ගැනීමට තිබුණා.
වැඩසටහන පුරාවට නලින්ද බොරු කීවා මිස තර්කානුකූලව ජයග්‍රහණයක් ලැබුවේ නැත. නමුත් වැඩසටහන අවසන් වූ පසු, ආණ්ඩුවේ ඩෝබි බලකාය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මෙය මුදල් ගෙවා සිදු කරන පන්නයේ, යථාර්ථයෙන් තොර ප්‍රචාරණයකි. මාලිමා ආණ්ඩුවට අනුව ඔවුන් ජයග්‍රහණය කර තිබුණත්, වැඩසටහන නැරඹූ ඕනෑම කෙනෙකුට සත්‍යය තහවුරු කර ගත හැකිය.
නලින්ද ජයතිස්සගෙන ඇසීමට නොහැකි වූ තීරණාත්මක ප්‍රශ්න:
* බාල ඉන්දියානු ඖෂධ: ඉතිහාසය පුරා මෙරට භාවිතා කළ උසස් තත්ත්වයේ බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ඖෂධ ඉවත් කර, අද මෙරටට බාල ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ ගෙන්වන්නේ ඇයි. පාලන මිල නීති නිසා ප්‍රමිතිගත ඖෂධ වෙළෙඳපොලෙන් ඉවත් වී ඇත. නලින්ද මහතා මේ මහා ජාතික අපරාධය සිදු කළේ ඇයි?
* ජීවිත හානි: නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැති මූලික වී ගෙන්වූ ඉන්දියානු එන්නතක් විෂ වී රෝගීන් තිදෙනෙක් මිය ගොස් ඇත. වීදුරු කටු පවා අන්තර්ගත වූ එම එන්නත නිසා බැක්ටීරියා ආසාදනයක් ඇති විය. මේ ජීවිත නැති වීමට වගකිව යුත්තේ කවුද?
* සම්බන්ධතා: බාල එන්නත ලංකාවට ගෙන ආ සමාගමේ අධ්‍යක්ෂවරයා කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ නැගණියගේ සැමියා බව වාර්තා වේ. නලින්ද බලයට පත් වූ පසු එම සමාගමට ටෙන්ඩර් රැසක් හිමි වී ඇත. මේ ගනුදෙනු පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද?
මෙය දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි යොවුන් ජීවිත බිලිගත් මහා අපරාධයකි. බලය වෙනුවෙන් ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය මෙතරම් බිඳ දැමීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් නැත. ආණ්ඩුවේ නොහැකියාව සහ බාල බෙහෙත් මාෆියාවට එරෙහිව ජනතාව අවදි විය යුතුය.
- JeeVan HesLin
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..