රෝගී ජීවිත අවදානමේ දැමූ ඉන්දියානු බාල බෙහෙත් ගැන පුබුදු ජයගොඩ කියන කතාව..
ප්‍රමිතියෙන් බාල ඉන්දියානු ඖෂධ සම්බන්ධයෙන් සහ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.
එම සටහන පහළින්..
Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.
ලංකාවේ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රමවේදයක් තිබුණා.
කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.
ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.
"අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු" කියා අප හඬ නැගුවේ ඒ නිසා. අදටත් ඒ ගිවිසුම් පවා ජනතාවට රහසක්. රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.
අද ඒ අනතුරු ඇඟවීම් යථාර්ථයක් වෙමින් යනවා. නමුත් එය සිදුවන්නේ ජීවිත බිලිගනිමින්.
මේ විනාශයට ඉඩ නොදෙන ලෙස අප එදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට සහ මාලිමාවේ නියෝජිතයන්ට ආයාචනා කළා. මිනිස් ජීවිත අහිමි වීමෙන් පසුව මේවා කතා කර පලක් නැති බවත් කිව්වා. මේ සබැඳියෙන් මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීම බලන්න. විශේෂයෙන් මෙහි අවසන් කොටසේ අප රෝගී ජීවිත අවදානමේ නොදමන්නැයි ඉල්ලනවා.
හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන්න. මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම් වලින් ඉවත් වන්න...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..