News Category
From Date
To Date
Maximum Number of Result

කුඩා දරුවන්ගේ පාසල් විෂය නිර්දේශයට Sexuality ලෙස LGBTQIA ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව පවත්වන වැඩසටහන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ මහත්මිය අනාවරණය කරයි.

සාමාන්‍ය පුරවැසියාට පාරේ බැහැලා යන්නට ඇති නිදහස අද වන විට තහවුරු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා ඇත්තේ එක්සත් ජනපදය වෙනිසියුලාවට මුහුදේ සිට ගොඩබිම් මෙහෙයුම් දක්වා සම්බන්ධ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම්වලට එරෙහිව සිය මිලිටරි ක්‍රියාමාර්ග දීර්ඝ කළ හැකි බවයි.

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව එළඹෙන 28 සහ 29 දිනවල ගැනීමට නියමිත බවයි. එසේ වුවද කියුබාව ඉදිරිපත් කර ඇති එම යෝජනාව පරාජයට පත් කිරීමේ අභිලාෂයෙන් අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට බලපෑම් කරනු ලබන බවද එම නිවේදනය පවසයි. ඒ අනුව එම සංවිධානය අමෙරිකාවේ උත්සාහය පරාජයට පත් කරවන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියි.

යාපනයේ සිංහල ජනතාවට ව්‍යාපාර කිරීමට නොහැකි වාතාවරණයක් ඇතිවී තිබෙන බවත්, තමන්ට ව්‍යාපාර නතර කරන ලෙසට චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලිපියක් මගින් දන්වා ඇති බවත් යාපනයේ ව්‍යාපාරික කාන්තාවක් පවසයි.

සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට විශාල මෙහෙයුමක් දියත්වන බවත්, හයිටි රාජ්‍ය විනාශ වූයේද සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ආණ්ඩුවේ ප්‍රධානම කාර්යභාරය බවට පත්ව ඇත්තේ LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම බවත්, මෙය ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් ලෙස මේ රටට බලහත්කාරයෙන් නීති රීති සංශෝධනය කිරීම බවත් මව්වරුන්ගේ පෙරමුණ පවසයි.


ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.