ඉදිරි දශකය තුළ ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් චීනය අත්පත් කර ගනු නියතයි- ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනි ග්ලෝරියා ගුවේවාරා
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. ඇය එසේ කියා සිටියේ, පසුගියදා සිය පවුලේ සාමාජිකයන් සමඟ චීනයේ කළ සංචාරයකදී බොහෝ දේ මිලදී ගැනීම හේතුවෙන් ගමන් මලු වලට අමතර ගාස්තු ගෙවීමට සිදු වූ අත්දැකීම සිහිපත් කරමිනි.
පසුගිය වසරේ දින 10ක චීන සංචාරයක නිරත වුණු ගුවේවාරා සහ ඇගේ පවුලේ සාමාජිකයන් ෂැංහයි, ගුවාන්ෂෝ සහ ෂියාන් වැනි නගරවලට මෙන්ම ෂෙජියැං පළාතේ වූෂෙන් වැනි කුඩා ගමනාන්තවලටද සංචාරය කළහ. එහිදී ඔවුහු සම්ප්‍රදායික චීන ඇඳුම් ආයිත්තම් පැලැඳ තේ කොළ නෙලා ගැනීම සහ ඔරු සවාරි යාම වැනි ක්‍රියාකාරකම්වලද නිරත වූහ.
ඇයට අනුව එම සංචාරය ඔවුන්ට තවත් දේ සොයා බැලීමට පෙළඹවීමක් ඇති කර තිබුණි.
"අපට දින දහය ප්‍රමාණවත් වුණේ නැහැ. අපි ඉක්මනින්ම නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා." යැයි ඇය පැවසූ අතර හයිනාන් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් තමන්ගේ සංචාර ලැයිස්තුවේ ඇති බවද සඳහන් කළාය.
ගුවේවාරාගේ මෙම අත්දැකීම් චීනයේ නැගී එන සංචාරක වෙළඳපොළ තුළ දක්නට ලැබෙන විශාල ප්‍රවණතාවක් පිළිබිඹු කරයි. ජාත්‍යන්තර සංචාරකයන් දැන් චීනය නැරඹීමට පමණක් නොව, "චීනය සත්‍ය වශයෙන්ම සොයා ගැනීමට" උනන්දු වෙමින් සිටිති. එනම්, චීන සංස්කෘතිය සමඟ සම්බන්ධ වීම, දේශීය ජනතාව හමුවීම, සැබෑ චීන ආහාර රස විඳීම සහ අව්‍යාජ අත්දැකීම් ලබා ගැනීම ඒ අතර වන්නේය.
මෙම සංචාරකයන් බොහෝ දෙනෙක් තම සංචාරක අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගනිමින් "ඡින ඨ්‍රවෙල්" යනුවෙන් ජනප්‍රිය ප්‍රවණතාවක් බවට පත් කර ඇත.
අප්‍රේල් මාසයේදී Xඉඅඔහොන්ග්ශු පුවත්පත විසින් නිකුත් කරන ලද 2026 චීනයේ විදේශ සංචාරක ප්‍රවණතා වාර්තාවට අනුව, ජාත්‍යන්තර සංචාරකයන්ගේ ගමනාන්ත තේරීම් ප්‍රථම පෙළ නගරවලින් ඔබ්බට විහිදෙමින්, සුවිශේෂී ප්‍රාදේශීය ප්‍රදේශ වෙතද සංචාරකයන් යොමු වෙමින් සිටී. අධිවේගී දුම්රිය, පාපැදි සංචාර සහ කඳු නැගීම වැනි ක්‍රියාකාරකම් ඔවුන්ගේ ජනප්‍රිය ගවේෂණ ක්‍රියා බවට පත්ව ඇත.
ගුවේවාරා පවසන්නේ වර්තමාන ප්‍රවණතා අඛණ්ඩව පවතින්නේ නම්, චීනයේ සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනය චීනය ලොව ප්‍රමුඛතම සංචාරක හා සංචරණ ආර්ථිකය බවට පත් කරන බවයි.
"චීනයේ සංස්කෘතිය, ඉතිහාසය, ආහාර සංස්කෘතිය, විශිෂ්ට යටිතල පහසුකම් සහ රට තුළ ගමන් කිරීමේ පහසුව ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කරනු ඇත," යැයි ඇය පැහැදිලි කළාය.
ඉදිරි දශකය තුළ ජාත්‍යන්තර සංචාරක වර්ධනය සඳහා චීනයට තවමත් විශාල හැකියාවක් පවතින බව ඇය සඳහන් කළාය. එසේම, චීනයේ විශාලත්වය සහ සෑම ප්‍රදේශයකම, සෑම කුඩා නගරයකම පවා වෙනස් වූ ස්වභාවයක් සහ අත්දැකීමක් පවතින බැවින්, විදේශීය සංචාරකයන්ගේ නැවත පැමිණීමේ අනුපාතය ඉතා ඉහළ වනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
ඊයේ(03) ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, පසුගිය වසරේ චීනය ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 68කට අධික සංඛ්‍යාවකට සතකාර කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.5ක වර්ධනයකි. එය ලෝක සාමාන්‍ය වර්ධන වේගය වූ සියයට 5.4ට වඩා තුන් ගුණයකට ආසන්න අගයකි.
එමෙන්ම ජාත්‍යන්තර සංචාරක වියදම් සියයට 10.5කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 135ක් දක්වා ළඟා වී ඇති අතර, එය ගෝලීය සාමාන්‍ය වර්ධන වේගය වූ සියයට 3.2ට වඩා බෙහෙවින් ඉහළ අගයකි.
2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේ අමතර සංචාරක පැමිණීම් මිලියන 9ක් වාර්තා වී ඇති අතර, එය ලොව වැඩිම වර්ධනය ලෙස ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ වාර්තාව පෙන්වා දෙයි. 2020 සිට වීසා නිදහස හිමි වෙළඳපොළවලින් පැමිණීම් පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
ගුවේවාරා පෙන්වා දෙන්නේ මෙම විශාල වර්ධනයට හේතුව වී ඇත්තේ රජයේ සහායක ප්‍රතිපත්ති බවයි. රටවල් 50කට අධික සංඛ්‍යාවක් සඳහා වීසා පහසුකම් පුළුල් කිරීම, බදු රහිත සාප්පු සවාරි සහ බදු ආපසු ගෙවීමේ ක්‍රම වැඩිදියුණු කිරීම, සහ සංචාරක අත්දැකීම් වඩාත් පහසු කිරීම සඳහා ගෙන ඇති පියවර ඒ අතර වේ.
"සංචාරක හා සංචරණ ක්ෂේත්‍රයේ සම්පූර්ණ හැකියාව විවෘත කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සියල්ලම පාහේ චීනය ක්‍රියාත්මක කරමින් සිටිනවා," යැයි ඇය පැවසුවාය.
බොහෝ රටවල් සංචාරක ක්ෂේත්‍රය ස්වයංක්‍රීයව වර්ධනය වන දෙයක් ලෙස සලකා දිගුකාලීන සැලසුම් සහ ප්‍රමාණවත් ආයෝජන සිදු නොකරන අතර, චීනය එය ජාතික ප්‍රමුඛතාවක් බවට පත් කර ඇති බවද ඇය සඳහන් කළාය.
ගුවන් තොටුපළ, අධිවේගී දුම්රිය ස්ථාන සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා සිදු කර ඇති දැවැන්ත ආයෝජන මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සංචාරකයන් දෙපිරිසටම ප්‍රයෝජනවත් වන දිගුකාලීන සැලසුම් ඒ සඳහා සාක්ෂියක් බව ඇය කියා සිටියාය.
"නව සංචාරක අත්දැකීම් නිර්මාණය කිරීම සහ ශක්තිමත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යනු ගෝලීය පෞද්ගලික අංශය දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ දෙයයි," යැයි ඇය පැවසුවාය.
නව සංචාරක කලාප, සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන සහ තේමා උද්‍යාන සංවර්ධනය කිරීම මඟින් චීනයේ සංචාරක සේවා විවිධාංගීකරණය වී ඇති අතර, එය ජාත්‍යන්තර තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන බවද ඇය පෙන්වා දුන්නාය.
ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ වාර්තාව අනුව, 2026 දී චීනයේ සංචාරක කර්මාන්තය සියයට 5.3කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි වසර දහය තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 6.5ක් වනු ඇතැයිද එහි සඳහන් වේ.
2036 වන විට මෙම අංශයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.5 දක්වා ළඟා වෙමින් වර්තමාන ප්‍රමාණය දෙගුණයකට ආසන්න වනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්