'රෝල්ස් රොයිස්' නිසා ඩඩ්ලි සිරිසේන, ජී.එල්. පීරිස් ඇවිලෙයි..
ඉකුත් 02 වැනිදා පැවැති ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අතර වාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම නිල උත්සවයට දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රභූන් රැසක් එක්ව සිටි බවත්, එහිදී මෙරට පවතින දැඩි බදු බර සහ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්යවරයා, ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෙරටට සුඛෝපභෝගී 'රෝල්ස් රොයිස්' වර්ගයේ මෝටර් රථයක් ආනයනය කිරීම ද ඩොලර් අර්බුදයට එක් හේතුවක් වූ බවත් ප්‍රකාශ කර ඇත.
මෙම විවේචනයට එසැණින් ප්‍රතිචාර දක්වා ඇති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා, මහාචාර්යවරයා වෙත දැඩි වාචික ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එහිදී සිරිසේන මහතා ප්‍රශ්න කර ඇත්තේ ප්‍රභූ පන්තියට පමණක් මෙවැනි සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමට අයිතියක් ඇත්ද යන්නයි.
තමන් මෙම රථය මෙරටට ගෙන්වූයේ කිසිදු වංචා සහගත ගනුදෙනුවකින්, කොමිස් මුදල්වලින් හෝ තීරුබදු රහිත බලපත්‍ර අවභාවිත කරමින් නොවන බව ඔහු එහිදී පවසා ඇත.
දිවා රෑ නොබලා කැපවීමෙන් උපයාගත් ධනයෙන් සහ රජයට ගෙවිය යුතු සියලුම බදු මුදල් නිසි පරිදි පියවා නීත්‍යානුකූල මාර්ගයෙන් තමන් මෙම වාහනය ආනයනය කළ බව හෙතෙම පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා, මහාචාර්ය පීරිස් මහතා කුඩා අවධියේ පාසල් යාමට සහ වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා රෝල්ස් රොයිස් රථ පරිහරණය කළ අතීතය තමන් හොඳින්ම දන්නා බවත් පවසා ඇත.
වංශවත් පවුල්වල උදවිය එවැනි දෑ පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන නමුත්, දුප්පත් පවුලකින් පැමිණි තමන් වැනි ව්‍යාපාරිකයෙකු ස්වෝත්සාහයෙන් දියුණු වී මෙවැනි වාහනයක් මිලදී ගැනීම ඇතැමුන්ට දරාගත නොහැකි වී තිබෙන බවත් පවසමින් ඩඩ්ලි සිරිසේන මහතා සිය අප්‍රසාදය පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්