අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි.. රට හදන්න පුළුවන් අපට විතරයි.. - මාලිමා මන්ත්‍රී
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත්තේ එය නැවත පරාජිත දේශපාලන කල්ලි වෙත භාර දීමට නොව, ඉතිහාසය පුරා පීඩාවට පත් වූ පොදු ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා අවධාරණය කරයි.
පසුගියදා පැවැති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, “මේ රට හදන්න පුළුවන් අපට විතරයි. අපි මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි. අපි මේ බලය ලබා දෙන්නේ අපෙන් පස්සේ මේ රටට ආදරය කරන අපේ පන්තියේ මිනිස්සුන්ට විතරයි” යනුවෙනි.
අතීතයේදී පාර්ලිමේන්තුව සහ නගර සභා නිර්මාණය කර තිබුණේ ප්‍රභූ පන්තියේ පිය උරුමයෙන් පුතුට බලය යන ක්‍රමවේදයකට වුවද, අද වන විට සාමාන්‍ය දුප්පත් මව්පියන්ගේ දරුවන් එම ස්ථාන නියෝජනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව මාස දෙකකින් හෝ හයකින් වැටෙනු ඇතැයි පවසමින් විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තමන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීම සඳහා කරන බොරු සටන් පාඨ පමණක් බවත්, මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බව ජනතාව බිම් මට්ටමින් තේරුම් ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පුද්ගලික වරප්‍රසාද හෝ උවමනාවන් වෙනුවෙන් පැමිණ නොමැති බවත්, ඒ අතර සිටින කීර්තිමත් රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සිය ඉහළ වැටුප් සහිත රැකියාවන් පවා අත්හැර ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් සේවය කරන බවත් බියන්විල මහතා ප්‍රකාශ කළේය. ඔවුන්ගේ එකම අරමුණ ජනතාව බලාපොරොත්තු වන ලස්සන රටක් නිර්මාණය කිරීම බව ඔහු පැවසීය.
ඕනෑම පක්ෂයක සිටින දක්ෂ, හොරකම් සහ වංචා නොකරන පිරිස් රටේ ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව සූදානම් වුවද, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලින් තම පක්ෂයට බඳවා ගැනීමේ "පිල්මාරු සංස්කෘතියට" තමන් ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඒ සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ක්‍රීඩාව, කලාව ඇතුළු සියලු ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් මේ රට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමට තම රජය උපරිමයෙන් කැපවන බව ද සුනිල් බියන්විල මහතා මෙහිදී ප්‍රකාශ කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්