තෙල් මිල වැඩි කළ නිසා රජයේ නිලධාරින් ඉන්ධන කෝටා වැඩි කරන්නැයි ඉල්ලති..
වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල මාර්තු මාසයට සාපේක්ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා තවමත් මාර්තු 01 වැනිදා පැවැති පැරණි මිල ගණන් යටතේ ගණනය කර ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ චෝදනා කරයි.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙම සීමාකාරී චක්‍රලේඛය හේතුවෙන් අදාළ දීමනාවලට හිමිකම් කියන රාජ්‍ය නිලධාරීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉන්ධන දීමනා හිමි, එහෙත් නිවසේ සිට රාජකාරී කරන හෝ තමන්ගේ නිල රථ හා පෞද්ගලික වාහන භාවිත කරමින් ප්‍රාදේශීය මට්ටමින් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන නිලධාරීන්ට මාසිකව ඉන්ධන සඳහා අතිවිශාල පෞද්ගලික මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
පවතින අධික ජීවන වියදම හමුවේ රාජ්‍ය නිලධාරීන් පිට මෙලෙස අමතර බරක් පැටවීම අසාධාරණ බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, මෙම තත්ත්වය කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව අවධාරණය කරයි.
ඒ අනුව, දැනට පවතින ඉහළ ඉන්ධන මිලට සාපේක්ෂව අදාළ ඉන්ධන දීමනාව සංශෝධනය කර සහනයක් සැලසීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්