News Category
From Date
To Date
Maximum Number of Result

බදු පදනම පුළුල් කරන්නැයි IMF රජයට දන්වයි..

Jul 2, 2026 at 05:09 AM
|

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ කණ්ඩායමක් 2026 වසරේ ජුනි 24 සිට 30 දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.

සංචාරය අවසානයේ පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.

“මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කර ඇත. බලශක්ති මිල ගණන් ඉහළ යෑමත් සමඟ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2026 වසරේ පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6ක අගයේ සිට 2026 වසරේ මැයි මාසය වනවිට සියයට 5.5ක් දක්වා ඉහළ ගියේය.  සංචාරක පැමිණීම් මන්දගාමී වූ අතර, දළ ජාත්‍යන්තර සංචිත එක්රැස් කිරීමේ වේගය ද පහත වැටුණි. මීට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දමන ලද අතර සාර්ව විචක්ෂණශීලී පියවර ක්‍රියාත්මක කළේය. රජය විසින් ඉන්ධන, විදුලිය සහ පොහොර සහනාධාර මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා මුදල් ආධාර ඇතුළත්, අයවැය මගින්  ප්‍රතිපාදන වෙන්කළ තාවකාලික සහන පැකේජයක් හඳුන්වා දෙන ලදී. ගෝලීය අවිනිශ්චිතතා තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය ද, මෑත කාලීනව ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් පහත වැටීම හේතුවෙන් බාහිර පීඩනයන්ගේ බලපෑම යම්තාක් දුරකට සමනය වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තහවුරු කිරීමට මෙන්ම රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශයේ තිරසරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වේ. 2026 වසරේ දී ලිහිල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යොමු වීමෙන් අනතුරුව සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා 2027 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික ශේෂ ඉලක්කය වෙත නැවත ළඟා වීමට බලධාරීන් කැප වී සිටියි. 

බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ හිඟ වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඇතුළුව රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැංවීම ඵලදායීව සිදු කිරීම සඳහා ආපදා ආශ්‍රිත ආධාර ඇතුළු ප්‍රතිපාදන වියදම් කිරීමේ දී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වාගෙන යෑම වැදගත් වේ. එමෙන්ම, අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතුය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය එහි අවසන් අදියරට ළඟා වෙමින් පවතින අතර, විචක්ෂණශීලී ණය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, දේශීය ණය වෙළඳපොළ පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රමයෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සහාය වීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවිය යුතුය.

ඉහළ මට්ටමක පවතින ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ මිල ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලී, වෙනස්වන ආර්ථික තත්ත්වයන්‌ට කඩිනමින් හැඩගැසෙන සහ දත්ත මත පදනම් වූවක් විය යුතුය. කම්පන හමුවේ, විදේශ සංචිත එක්රැස් කිරීම්වලට හානියක් නොවන පරිදි බාහිර වෙනස්වීම්වලට සහාය වීම සඳහා විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී වීම ඉතා වැදගත් වන අතර, විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදු කරන මැදිහත්වීම අධික උච්චාවචනයන් පාලනය කිරීමට පමණක් සීමා විය යුතුය. ගෙවුම් තුලන සීමා ක්‍රමයෙන් ඉවත් කළ යුතුය. මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මෙහෙයුම් අවදානම් කළමනාකරණය, සයිබර් ආරක්ෂණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ පියවර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීමට මෙන්ම ශක්තිමත්, කල් පවතින සහ සියලු දෙනාට ම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා පාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වේ.  එමෙන්ම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කිරීම, වෙළඳ ප්‍රතිපත්ති ලිහිල්කරණය, ශ්‍රම වෙළඳපොළ ආශ්‍රිතව පවතින අභියෝග අවම කිරීම සඳහා මෙන්ම ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම දරිද්‍රතා අනුපාතිකය පහත දැමීමට හැකිවන පරිදි ව්‍යාපාරික පරිසරය දියුණු කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ වැඩසටහනෙහි කාර්යසාධනය විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමලෝචනයේ දී විධිමත් ලෙස තක්සේරු කෙරෙනු ඇත. දූත සංචාරය පැවැත්වෙන කාලය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජා.මූ. අරමුදලේ කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සහ අනෙකුත් රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. 

මෙම දූත මණ්ඩලය පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.


සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.