News Category
From Date
To Date
Maximum Number of Result

ණය පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගැනීම, විදුලි - ජල බිල්පත්, ගෑස් මිල ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වන බදු ඉහළ දැමීම හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ වන ගැටලුකාරී තත්ත්වය යන කරුණු හතර හේතුවෙන් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී ඇති බවත් එවැනි මොහොතක වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ETCA ගිවිසුම (Economic & Technology Cooperation Agreement) අත්සන් කළහොත් දේශීය කර්මාන්තකරුවාට සිදු වන්නේ

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි.

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහ මාධ්‍ය, තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කළේය.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ඔහුගේ ශුද්ධ වටිනාකම ඉහළ නැංවීම කර ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත සිවිල් අධිකරණයක් විසින් ඊයේ (26 ) සොයා ගත් බව විනිසුරු ආතර් එන්ගොරොන් හෙළි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.


දේශීය පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.