News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයට ආයුධ ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නායකත්වයට ස්තූතිවන්ත වෙනවා- රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව්

Dec 10, 2023 at 08:36 AM
|

ආරක්ෂාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහා පරිමාණ රුසියානු- ශ්‍රී ලංකා උපදේශන හමුව  පසුගිය 7 වනදා කොළඹදී පැවැත්විණි. 

මීට සමගාමීව, රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී - රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. දෙදෙනා අතර සැලසුම් කර තිබූ මිනිත්තු 30ක කාලය වෙනුවට, පිරිස පැය 2 කට ආසන්න කාලයක් සාකච්ඡවේ යෙදීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා හමුවූ මුල් අවසතාවේ දීම රනිල් වික්‍රමසිංහ මහතා " පුටින්ට කෙසේදැයි" විමසා සිටියේය.

“පුටින් හොඳින් ඉන්නවා. ඔහුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ නිල සංචාර මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙය බටහිරයන් කතා කිරීමට ප්‍රිය කරන රුසියාව ගෝලීය වශයෙන් හුදකලා කිරීම පිළිබඳ කාරණයට අදාළ වෙනවා. ” නිකොලායි පත්රුෂෙව් සඳහන් කළේය.

ඔහුට අනුව, රුසියානු - ශ්‍රී ලංකා සබඳතා සෑම විටම ගොඩනගා ඇත්තේ සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අවශ්‍යතා සලකා බැලීම යන මූලධර්ම මත ය.

“බටහිර රටවල් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය අපි දන්නවා. යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වය දරන සමතුලිත ස්ථාවරය සහ සම්බාධකවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම කියෙව් පාලන තන්ත්‍රයට යැවීම සඳහා ඇමරිකානුවන්ට ආයුධ විකිණීම අත්හිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වෙනවා.” නිකොලායි පත්රුෂෙව් අවධාරණය කළේය. 

වික්‍රමසිංහ මහතා  සමඟ කළ සංවාදයේදී ඔහු විශේෂයෙන් සඳහන් කළේ රුසියානුවන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස සලකන බවයි. ඔහුට අනුව, රුසියානු පුරවැසියන්ගෙන් 130,000 කට වැඩි පිරිසක් මේ වසරේ දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

“ඔබේ රටේ සංචාරක ආකර්ශනය ඉහළ නැංවීමට අමතර උත්සාහයන් ගැනීමට අපි සූදානම්,” රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් පොරොන්දු විය.

ශ්‍රී ලංකාවේ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම ඇතුළුව කොළඹ සමඟ වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව සඳහා මොස්කව් විශේෂ අවධානය යොමු කරන බව පත්රුෂෙව් අවධාරණය කළේය.

"ඔබ දන්නා පරිදි, අපගේ සංචාරයේ කොටසක් ලෙස, වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය රුසියානු-ලංකා කොමිසමේ සම සභාපතිවරුන්ගේ දිගු විරාමයකින් පසු අපි පළමු මුහුණට මුහුණ හමුව සංවිධානය කළෙමු," පත්රුෂෙව් පැවසීය. 

රුසියානු දූත පිරිසට ආරක්ෂක සහ ආර්ථික  අමාත්‍යාංශවල  සහ දෙපාර්තමේන්තු වල කණ්ඩායම් නියෝජිත දූත පිරිසක් ඇතුළත් වීම අහම්බයක් නොවේ. රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා විශේෂයෙන් අවධාරණය කළ පරිදි, රුසියානු ආර්ථික ක්‍රියාකරුවන් කොළඹ සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකා හවුල්කරුවන්ට උපරිම සහයෝගය ලබා දීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කර ඇත. 

දැන් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකාවේ පංගුවෙන් සියයට 90ක් පමණ ලැබෙන්නේ තේ සහ රෙදිපිළිවලිනි. මොස්කව් පරිපාලනය වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට යෝජනා කරන අතර දේශීය යාන්ත්‍රික ඉංජිනේරු සහ ගුවන් යානා නිෂ්පාදනයේ උපාංග නිෂ්පාදන ශ්‍රී ලංකාවට පිරිනැමීමට සූදනමින් සිටී. 

එලෙසම පොරොන්දු වූ තවත් වැඩ ක්ෂේත්‍රයක් වන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ අන්තර් ක්‍රියාකාරිත්වය, කෘෂිකර්මාන්තයේ සහයෝගීතාවය ස්ථාපිත කිරීම සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වා දීමයි. 

කොළඹ ආර්ථික න්‍යාය පත්‍රයට අමතරව, නිකොලායි පත්‍රෂෙව්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සමඟ එක්ව ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශනද පැවැත්වීය. ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්‍ෂක කවුන්සිලයේ යාන්ත්‍රවල නියෝජිතයන් ද සාකච්ඡා සඳහා සහභාගි වූහ.

කලාපයේ සහ ලෝකයේ ස්ථාවරත්වය පිළිබඳ ගැටළු සාකච්ඡා කරමින් පත්‍රෂෙව් සඳහන් කළේ වොෂින්ටනය සහ නේටෝව තවදුරටත් ඔවුන්ගේ වගකීම් ක්ෂිත්‍රයට ආසියාව ද ඇතුළත් බව ප්‍රකාශ කිරීමට පසුබට නොවන බවයි.

"එපමණක් නොව, මෙය උතුරු අත්ලාන්තික් සන්ධානයේ ප්‍රඥප්තිය සහ අනෙකුත් ලේඛන සමග සම්පූර්ණයෙන්ම නොගැලපෙනවා,"රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.

එසේ වුවද, ඔහුට අනුව, ඇමරිකානුවන් නේටෝව ආසියානු කලාපයට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටිති. ඔවුන් ඔවුන්ගේ පරිවාර සහයකයන්ගේ උදව්වෙන් , මූලික වශයෙන් ඇංග්ලෝ-සැක්සන් සන්ධානයෙන් නේටෝවේ නව කොටස් නිර්මාණය කරයි.

“නමුත් ඔවුන් ගණන් බලන ප්‍රතිඵලය ඔවුන් සාක්ෂාත් කරගන්නේ නැහැ. එහි ගැටුම්කාරී ඉන්දු පැසිෆික් මූලෝපාය ක්‍රියාවට නැංවීමේ දී කොලඹ සම්බන්ධ කර ගැනීමට වොෂින්ටනයේ අභිලාෂයේ සන්දර්භය ඇතුළුව, ඇමරිකානුවන්ට ඔවුන්ගේ ප්‍රවේශයන් නියම කිරීමට සහ පැනවීමට ඉඩ නොදීම අපගේ රාජ්‍යයන්ගේ අවශ්‍යතාවය බව අපට විශ්වාසයි." රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.

එදිනම, දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බුද්ධි අංශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රුසියානු-ලංකා උපදේශනද පැවැත්විණි. සයිබර් සහ මත්ද්‍රව්‍ය අපරාධවලට එරෙහිව සටන් කිරීම, අන්තවාදයට එරෙහිව සටන් කිරීම, නීතිවිරෝධී ආයුධ වෙළඳාම, පුද්ගලයින් සහ නීතිවිරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව අදාළ තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පාර්ශවයන් කැමැත්ත පළ කළහ.

https://rg.ru/2023/12/07/nato-v-azii-ne-zhdut.html



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.