News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයට ආයුධ ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නායකත්වයට ස්තූතිවන්ත වෙනවා- රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව්

Dec 10, 2023 at 08:36 AM
|

ආරක්ෂාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහා පරිමාණ රුසියානු- ශ්‍රී ලංකා උපදේශන හමුව  පසුගිය 7 වනදා කොළඹදී පැවැත්විණි. 

මීට සමගාමීව, රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී - රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. දෙදෙනා අතර සැලසුම් කර තිබූ මිනිත්තු 30ක කාලය වෙනුවට, පිරිස පැය 2 කට ආසන්න කාලයක් සාකච්ඡවේ යෙදීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පත්රුෂෙව් මහතා හමුවූ මුල් අවසතාවේ දීම රනිල් වික්‍රමසිංහ මහතා " පුටින්ට කෙසේදැයි" විමසා සිටියේය.

“පුටින් හොඳින් ඉන්නවා. ඔහුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ නිල සංචාර මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙය බටහිරයන් කතා කිරීමට ප්‍රිය කරන රුසියාව ගෝලීය වශයෙන් හුදකලා කිරීම පිළිබඳ කාරණයට අදාළ වෙනවා. ” නිකොලායි පත්රුෂෙව් සඳහන් කළේය.

ඔහුට අනුව, රුසියානු - ශ්‍රී ලංකා සබඳතා සෑම විටම ගොඩනගා ඇත්තේ සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අවශ්‍යතා සලකා බැලීම යන මූලධර්ම මත ය.

“බටහිර රටවල් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය අපි දන්නවා. යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකත්වය දරන සමතුලිත ස්ථාවරය සහ සම්බාධකවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම කියෙව් පාලන තන්ත්‍රයට යැවීම සඳහා ඇමරිකානුවන්ට ආයුධ විකිණීම අත්හිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වෙනවා.” නිකොලායි පත්රුෂෙව් අවධාරණය කළේය. 

වික්‍රමසිංහ මහතා  සමඟ කළ සංවාදයේදී ඔහු විශේෂයෙන් සඳහන් කළේ රුසියානුවන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස සලකන බවයි. ඔහුට අනුව, රුසියානු පුරවැසියන්ගෙන් 130,000 කට වැඩි පිරිසක් මේ වසරේ දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

“ඔබේ රටේ සංචාරක ආකර්ශනය ඉහළ නැංවීමට අමතර උත්සාහයන් ගැනීමට අපි සූදානම්,” රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් පොරොන්දු විය.

ශ්‍රී ලංකාවේ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම ඇතුළුව කොළඹ සමඟ වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව සඳහා මොස්කව් විශේෂ අවධානය යොමු කරන බව පත්රුෂෙව් අවධාරණය කළේය.

"ඔබ දන්නා පරිදි, අපගේ සංචාරයේ කොටසක් ලෙස, වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය රුසියානු-ලංකා කොමිසමේ සම සභාපතිවරුන්ගේ දිගු විරාමයකින් පසු අපි පළමු මුහුණට මුහුණ හමුව සංවිධානය කළෙමු," පත්රුෂෙව් පැවසීය. 

රුසියානු දූත පිරිසට ආරක්ෂක සහ ආර්ථික  අමාත්‍යාංශවල  සහ දෙපාර්තමේන්තු වල කණ්ඩායම් නියෝජිත දූත පිරිසක් ඇතුළත් වීම අහම්බයක් නොවේ. රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා විශේෂයෙන් අවධාරණය කළ පරිදි, රුසියානු ආර්ථික ක්‍රියාකරුවන් කොළඹ සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකා හවුල්කරුවන්ට උපරිම සහයෝගය ලබා දීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කර ඇත. 

දැන් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකාවේ පංගුවෙන් සියයට 90ක් පමණ ලැබෙන්නේ තේ සහ රෙදිපිළිවලිනි. මොස්කව් පරිපාලනය වෙළඳ සබඳතා විවිධාංගීකරණය කිරීමට යෝජනා කරන අතර දේශීය යාන්ත්‍රික ඉංජිනේරු සහ ගුවන් යානා නිෂ්පාදනයේ උපාංග නිෂ්පාදන ශ්‍රී ලංකාවට පිරිනැමීමට සූදනමින් සිටී. 

එලෙසම පොරොන්දු වූ තවත් වැඩ ක්ෂේත්‍රයක් වන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ අන්තර් ක්‍රියාකාරිත්වය, කෘෂිකර්මාන්තයේ සහයෝගීතාවය ස්ථාපිත කිරීම සහ උසස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වා දීමයි. 

කොළඹ ආර්ථික න්‍යාය පත්‍රයට අමතරව, නිකොලායි පත්‍රෂෙව්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සමඟ එක්ව ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික උපදේශනද පැවැත්වීය. ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්‍ෂක කවුන්සිලයේ යාන්ත්‍රවල නියෝජිතයන් ද සාකච්ඡා සඳහා සහභාගි වූහ.

කලාපයේ සහ ලෝකයේ ස්ථාවරත්වය පිළිබඳ ගැටළු සාකච්ඡා කරමින් පත්‍රෂෙව් සඳහන් කළේ වොෂින්ටනය සහ නේටෝව තවදුරටත් ඔවුන්ගේ වගකීම් ක්ෂිත්‍රයට ආසියාව ද ඇතුළත් බව ප්‍රකාශ කිරීමට පසුබට නොවන බවයි.

"එපමණක් නොව, මෙය උතුරු අත්ලාන්තික් සන්ධානයේ ප්‍රඥප්තිය සහ අනෙකුත් ලේඛන සමග සම්පූර්ණයෙන්ම නොගැලපෙනවා,"රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.

එසේ වුවද, ඔහුට අනුව, ඇමරිකානුවන් නේටෝව ආසියානු කලාපයට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටිති. ඔවුන් ඔවුන්ගේ පරිවාර සහයකයන්ගේ උදව්වෙන් , මූලික වශයෙන් ඇංග්ලෝ-සැක්සන් සන්ධානයෙන් නේටෝවේ නව කොටස් නිර්මාණය කරයි.

“නමුත් ඔවුන් ගණන් බලන ප්‍රතිඵලය ඔවුන් සාක්ෂාත් කරගන්නේ නැහැ. එහි ගැටුම්කාරී ඉන්දු පැසිෆික් මූලෝපාය ක්‍රියාවට නැංවීමේ දී කොලඹ සම්බන්ධ කර ගැනීමට වොෂින්ටනයේ අභිලාෂයේ සන්දර්භය ඇතුළුව, ඇමරිකානුවන්ට ඔවුන්ගේ ප්‍රවේශයන් නියම කිරීමට සහ පැනවීමට ඉඩ නොදීම අපගේ රාජ්‍යයන්ගේ අවශ්‍යතාවය බව අපට විශ්වාසයි." රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා අවධාරණය කළේය.

එදිනම, දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ බුද්ධි අංශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රුසියානු-ලංකා උපදේශනද පැවැත්විණි. සයිබර් සහ මත්ද්‍රව්‍ය අපරාධවලට එරෙහිව සටන් කිරීම, අන්තවාදයට එරෙහිව සටන් කිරීම, නීතිවිරෝධී ආයුධ වෙළඳාම, පුද්ගලයින් සහ නීතිවිරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව අදාළ තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පාර්ශවයන් කැමැත්ත පළ කළහ.

https://rg.ru/2023/12/07/nato-v-azii-ne-zhdut.html

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ප්‍රධාන පුවත්

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.