
ආර්ථික අර්බුදය නම් රෝගයේ රෝග ලක්ෂණ, රෝගය ලෙස හඳුනාගෙන වරද්දාගත් හැටි මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පැහැදිලි කරයි
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට හේතු සාධක සෙවීමේ ප්‍රයත්නයක් ලෙස ජාතික ස්වෛරීත්වය පාදක කොට ගනිමින් කරුණු විග්‍රහ කිරීමේ දී ආර්ථික ස්වෛරීත්වය පිළිබඳව අනිවාර්යෙන්ම කතා කළ යුතු බවත්, ආර්ථික ස්වෛරීත්වය නොමැතිව ජාතික ස්වෛරීත්වය ගොඩනැගිය නොහැකි බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(12) දින පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමින් ඒ මහතා පවසන්නේ ජාතියක්, රටක්, පවුලක් යටත්කර ගැනීමට නම් ආර්ථික ස්වෛරීත්වය අනිවාර්යෙන්ම බඳදැමිය යුතු බවයි.
රටේ ඇතිවූ ආර්ථික අර්බුදය නම් රෝගයේ රෝග ලක්ෂණ ලෙස සැපයුම් හිඟවීම, පෝලිම් ඇති වීම, ආනයන උදෙසා ඩොලර් හිඟවීම, බඩු මිල වැඩිවීම, අරගල ඔස්සේ දේශපාලන වෙනස්කම් සිදුවීම, විදේශ සංචිත හිඟවීම, රට අරාජික වීම මෙන්ම අධික ණය බර, ණය ගෙවාගැනීමට නොහැකි වීම, උද්ධමය හඳුනාගත හැකි බවත් එහෙත් මේවා රෝග ලක්ෂණ මිස රෝගය නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
2019 දී විදේශ සංචිත දරුණු ලෙස පහත වැටුණ බව පෙනුනද 2007-2008 කාල පරාසයේ දී මෙන්ම 2014 - 2016 කාල පරාසය තුළ ද මෙම කඩා වැටීම සිදුවූ බවද පෙන්වා දෙන ලලිතසිරි ගුණරුවන් මහතා පවසන්නේ එම කාල පරාසයන්හිදී රෝග ලක්ෂණ නොපෙන්වූ බවයි. එයට හේතුව වූයේ ස්වෛරී බැඳුම්කර ණය හරහා එම කඩා වැටීම වසාගැනීමට හැකිවූ බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
