ආර්ථික අර්බුදය නම් රෝගයේ රෝග ලක්ෂණ, රෝගය ලෙස හඳුනාගෙන වරද්දාගත් හැටි මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පැහැදිලි කරයි
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට හේතු සාධක සෙවීමේ ප්‍රයත්නයක් ලෙස ජාතික ස්වෛරීත්වය පාදක කොට ගනිමින් කරුණු විග්‍රහ කිරීමේ දී ආර්ථික ස්වෛරීත්වය පිළිබඳව අනිවාර්යෙන්ම කතා කළ යුතු බවත්, ආර්ථික ස්වෛරීත්වය නොමැතිව ජාතික ස්වෛරීත්වය ගොඩනැගිය නොහැකි බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(12) දින පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමින් ඒ මහතා පවසන්නේ ජාතියක්, රටක්, පවුලක් යටත්කර ගැනීමට නම් ආර්ථික ස්වෛරීත්වය අනිවාර්යෙන්ම බඳදැමිය යුතු බවයි.
රටේ ඇතිවූ ආර්ථික අර්බුදය නම් රෝගයේ රෝග ලක්ෂණ ලෙස සැපයුම් හිඟවීම, පෝලිම් ඇති වීම, ආනයන උදෙසා ඩොලර් හිඟවීම, බඩු මිල වැඩිවීම, අරගල ඔස්සේ දේශපාලන වෙනස්කම් සිදුවීම, විදේශ සංචිත හිඟවීම, රට අරාජික වීම මෙන්ම අධික ණය බර, ණය ගෙවාගැනීමට නොහැකි වීම, උද්ධමය හඳුනාගත හැකි බවත් එහෙත් මේවා රෝග ලක්ෂණ මිස රෝගය නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
2019 දී විදේශ සංචිත දරුණු ලෙස පහත වැටුණ බව පෙනුනද 2007-2008 කාල පරාසයේ දී මෙන්ම 2014 - 2016 කාල පරාසය තුළ ද මෙම කඩා වැටීම සිදුවූ බවද පෙන්වා දෙන ලලිතසිරි ගුණරුවන් මහතා පවසන්නේ එම කාල පරාසයන්හිදී රෝග ලක්ෂණ නොපෙන්වූ බවයි. එයට හේතුව වූයේ ස්වෛරී බැඳුම්කර ණය හරහා එම කඩා වැටීම වසාගැනීමට හැකිවූ බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..