වැට් බදු පනත අද සම්මත කරනවාමයි- ආණ්ඩු පක්ෂයේ සංවිධායක
පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වැට් බදු පනත පාර්ලිමේන්තුවට යළි ඉදිරිපත් කරන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ අරමුණින් බව අවධාරණය කරන ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය හිතා මතාම තඩාකප්පල් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවද සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට තුළ යම් ආර්ථික ස්ථාවරයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. රට මුහුණ පා සිටින ආර්ථික බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඕනෑම අයෙක් පිළිගන්නා කරුණකි. එය මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා පිටිවහලක් වනු ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමෙන් දැනට අඩාල වී ඇති මෙරට සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇත. සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වනු ඇති අතර මෙරට ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන් යළි මෙරටට පැමිණිමටද මෙම එකඟතාවයන් ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ආණ්ඩුවට ඇතැම් අවස්ථාවන් වලදී ජනතාවගේ පැත්තෙන් සිතා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමටද සිදුවන බවත් ආණ්ඩුවකට හැමවිටම ජනප්‍රිය තීන්දු පමණක් ගත නොහැකි බවත් පෙන්වා දෙන ඇමතිවරයා වැට් බදු පනත සම්මත කර ගැනීම ජනප්‍රිය තීන්දුවක් නොවන බව දන්නා නමුත් එය සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ මෙරට ජනතාවගේ පැත්තෙන් සිතා බවද අවධාරණය කරයි.
සභාව කල් තැබීමෙන් අනතුරුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ තමන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඒ අනුව වැට් බදු පනත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.
– ප්‍රදීප් අනුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..