News Category
From Date
To Date
Maximum Number of Result

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදී රජයේ ආදායම් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වූ බවයි.

මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ.

69 ලක්ෂයක ජන වරමක් ලබාගත් ජනාධිපතිවරයා පළා ගිය බවත්, ඉන්පසුව අනෙකුත් අය එකතු වී රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව බාරදුන් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතානගේ මහතා නියෝග කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාතේ දේශපාලන විද්‍යායතනයේ කමිටුව, ශ්‍රී ලංකාවේ පෙරදිග දේශපාලන විද්‍යායතනය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද(26) බොරැල්ල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්විණි.

ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.

ජනතා විමුක්ති පෙරමුණ අද කටයුතු කරන්නේ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පන්ති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය‘ පිළිබඳව පෙර පැවති මතය අනුව දැයි ප්‍රශ්නයක් මතුවන බවත්, එදා රෝහණ විජේවීරයන් ලියූ ‘දෙමළ ඊළාම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?‘ යන කෘතිය මගින් ප්‍රකාශ වූ මතයට අනුව ජවිපෙ අද කටයුතු කරන බව පෙනෙන්නට නැති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.


දේශීය පුවත්

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.