වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙනුලැබූ බවත්, ඒ සඳහා අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.
ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ඡන්ද ක්‍රමයක් පෙන්වා, ‘විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු!” යන මතයට සියලු පක්ෂ එකඟ කරවා ගෙන, ඊට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් සහ එම මතය ජනමතවිචාරණයකින් ජයග්‍රහණය කරවා, අවසානයේ ජනාධිපතිවරණය අතුරුදහන් කරවා, 2025 අග එන මහ මැතිවරණය තෙක් තම විනාශකාරී ගමනේ ඉදිරියට යාම ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය බවත් එම ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් කළමනාකරණය කරගෙන ඇති බවත් සජබ ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ ඒ සඳහා කළමනාකරණය කරගනිමින් සිටින බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
දේශීය පුවත්
ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..
සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..
මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..
මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා
"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති