News Category
From Date
To Date
Maximum Number of Result

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී ඇති බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයට ආසන්න මහවැලි ඉඩම්වලින් සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් විසින් ගනු ලබන උත්සාහයට විරුද්ධව නැගෙනහිර පළාතේ සිංහල ජනතාව පළවා හැරීමට එරෙහි ජනතා ව්‍යාපාරය 23/10/2023 දින උදේ 10.30 ට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිත බව ලංකා ලීඩර් වෙත වාර්තා වේ.

වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී , රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ.

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ඉඩම් වලින් සිංහල ජනයා ඉවත් කිරීමට කරදියනාරු පොලිසියට පැමිණිල්ලක් කළ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කාර්යාලයේ ඉඩම් නිලධාරිවරයා සමග සාකච්චාවක දී අම්පිටියේ සුමනරතන හිමියන් එම නිලධාරියාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 533858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ගාසා තීරයේ බෝම්බවලට තල්ලු කළ යුතු අය විචාරයක් නැතුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කළ අතර, ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් ගේ මැදිහත් වීම මත මඩකලපුවේ මහවැලි ගම්මානවලින් සිංහල ජනතාව පළවා හැරීම, භික්ෂූන් වහන්සේලාට පොලිසිය විසින් හිරිහැර කිරීම සහ ශානක්‍යන් විසින් බුදු පිළිමයක් ඉවත් කිරීම පිළිබඳව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.


දේශීය පුවත්

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.