News Category
From Date
To Date
Maximum Number of Result

සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩා දෙකක රුපියල් කෝටි 7 ක වී තොග අස්ථාන ගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

ආණ්ඩුව අනෙක් දේවල් කෙසේ වුවද විදුලි බිලෙන් නම් සිංගප්පූරුවට සම කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පෝෂණය වැඩිම දූෂණය අඩු ලෝකයේ ඇති හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පවසයි.

දිවයිනට පැමිණි "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධය මධ්‍යයේ රුසියානු රජය එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යුදෙව් විරෝධී විරෝධතා දාමයකට මුහුණ දී තිබේ.

වෛද්‍ය ශිෂ්‍යයන් මර්ධනය කිරීමට ආරක්ෂක අංශවල තිබෙන උනන්දුව ඉමියුනෝග්ලොබීයුලින් මෙරටට ගෙන්වූ සමාගමේ වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පළාත් සභා ගොඩනගනු ලැබූවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස වුවද පළාත් සභා මගින් ජාතික ගැටලුවට විසඳුම් නොලැබුණ බවත්, උතුරේ පළාත් සභා ක්‍රියාත්මක වුයේ වසර පහක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.


දේශීය පුවත්

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.