ජනපති රනිල්ගේ පාවාදීම් සියල්ලටම මහින්ද ඇතුළු පොහොට්ටුවේ නායකයන් වගකිව යුතුයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
මෙරට දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ තිස් අවුරුදු යුද්ධයෙන් දෙමළ බෙදුම්වාදීන්ට ලබාගැනීමට නොහැකි වූ සියලු ඉල්ලීම් ලබාදීමේ ක්‍රියාවලියක් බවත්, රණවිරුවන් යුද අපරාධකරුවන් කිරීම සඳහා ගෙනවිත් ඇති සත්‍ය සෙවීමේ කොමිසම පනත අහම්බෙන් ගෙන ආ පනතක් නොවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගසම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නැගීමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ බවත්, මෙම පනත ගැනද එම ජිනීවා යෝජනාවලියේ දක්වා ඇති බවත් ය.
මෙමගින් මෙරට රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවට පැමිණවීම, ඒ සඳහා සාක්ෂි සෙවීම, පිටරටවලදී නඩු විභාග කිරීමට හැකිවීම වැනි කරුණු ඉටුකර ගැනීමට මෙගින් හැකිවන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අතරම, සියලු ජාතික උරුමයන් විනාශකර දමා, ජාතික සම්පත් අමු අමුවේ විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ද අද මෙරට ක්‍රියාත්මක වන බවත් කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පැවසීය.
මෙම තත්ත්වයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොහොට්ටුවේ නායකයන්ද වගකිව යුතු බවත්, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි පොහොට්ටුවේ නායකයන් ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ සියල්ල සිදුකිරීමට සහාය වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..