
ජනපති රනිල්ගේ පාවාදීම් සියල්ලටම මහින්ද ඇතුළු පොහොට්ටුවේ නායකයන් වගකිව යුතුයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
මෙරට දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ තිස් අවුරුදු යුද්ධයෙන් දෙමළ බෙදුම්වාදීන්ට ලබාගැනීමට නොහැකි වූ සියලු ඉල්ලීම් ලබාදීමේ ක්‍රියාවලියක් බවත්, රණවිරුවන් යුද අපරාධකරුවන් කිරීම සඳහා ගෙනවිත් ඇති සත්‍ය සෙවීමේ කොමිසම පනත අහම්බෙන් ගෙන ආ පනතක් නොවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගසම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නැගීමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ බවත්, මෙම පනත ගැනද එම ජිනීවා යෝජනාවලියේ දක්වා ඇති බවත් ය.
මෙමගින් මෙරට රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවට පැමිණවීම, ඒ සඳහා සාක්ෂි සෙවීම, පිටරටවලදී නඩු විභාග කිරීමට හැකිවීම වැනි කරුණු ඉටුකර ගැනීමට මෙගින් හැකිවන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අතරම, සියලු ජාතික උරුමයන් විනාශකර දමා, ජාතික සම්පත් අමු අමුවේ විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ද අද මෙරට ක්‍රියාත්මක වන බවත් කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පැවසීය.
මෙම තත්ත්වයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොහොට්ටුවේ නායකයන්ද වගකිව යුතු බවත්, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි පොහොට්ටුවේ නායකයන් ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ සියල්ල සිදුකිරීමට සහාය වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
