News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව මුත්තයියා මුරලිදරන් මහතා ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

"සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවා රජයේ පොල් ඉඩම් එම ආයතනයට ලබාදුන්නේ කිරි ගවයින් අභිජනනය කර ගොවීන්ට ලබාදීම සහ ගොවිපොළ යොදාගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහායි.

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට යහපාලන ආණ්ඩුව විසින් බදු ප්‍රතිශතයන් වැඩි කිරීම ප්‍රධාන හේතුවක් වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූ මොහාන් ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඔස්ට්‍රේලියාවේ සිට තමාට කතා කොට ශ්‍රී ලංකා ක්‍රිකට් හරිමඟට ගැනීමට නිසි ක්‍රමවේදයක් නැති බවත්, හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකා ඇති බවත් පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මෙරට දරුවන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වැසි ලැබුන ද ලබන වසරේ (2024) යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබේ.

පසුගිය අරගල සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක් සිදු කළේය.


දේශීය පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.