රටේ අර්බුදය මැද ඉන්දියාව ගහන ගේම් එක විමල් හෙළිකරයි (වීඩියෝ)
රටෙන් පිටට දෙන ඩොලර් ප්‍රමාණය අඩුකර, එයට සරිලන නිෂ්පාදනය රටේ වැඩිකර ගැනීම ආර්ථික අර්බුදයට ඇති ප්‍රධාන විසඳුමක් බවත්, එයට ඉඩක් නොදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැට් බද්ද වැඩිකර දේශීය කර්මාන්ත වසා දමන තැනට වැඩ සිද්ධ කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විදුලි බිල සියයට 300කින් ඉහළ දැමූ පසු රටේ නිෂ්පාදන පිරිවැය වැඩිවන බවත්, පිරිවැය වැඩි වූ විට නිෂ්පාදනයේ මිලද වැඩි වන බව පෙන්වා දෙන ඒ මහතා, මිල වැඩිවූ විට වෙළඳපොළේ තරඟ කළ නොහැකි නිසා කර්මාන්ත වැසී යන බවත් පවසයි.
ඇඟලුම් කර්මාන්ත ශාලාද අද මෙරට වැසී යමින් ඇති බවද, එම කර්මාන්ත ශාලා අද බංග්ලාදේශයේ ඉදිවන්නේ එම රටේ විදුලිය පිරිවැය අඩු නිසා බවද විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
එයට හේතුව බංග්ලාදේශය රුසියාවත් සමග එකතු වී එරට න්‍යෂ්ඨික විදුලි බලාගාර ගොඩනැගීම බවත්, න්‍යෂ්ඨික විදුලි බලාගාර වලින් විදුලිය ගැනීමේ දී ඒකකයක මිල ඉතා අඩු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික විදුලිබලාගාර සෑදීමට සූදානම් බව ප්‍රසිද්ධියේ පැවසූවද, ඒ සම්බන්ධව යෝජනා කිරීමේ දී විදුලි ඇමැතිවරයා ඉවත බලාගත් බවද පැවසූ විමල් වීරවංශ මහතා, මන්නාරමේ සුළං විදුලි බලාගාරය සෑදීමට ඉන්දියාවේ අදානිට ලබාදී අවුරුදු 9ක් යන තෙක් එක් විදුලි ඒකකයක් රුපියල් 48කට අදානිගෙන් ලබාගැනීමට විදුලි ඇමැතිවරයා ගිවිසුම්ගතවී ඇති බවද පවසයි.
විදුලි බල මණ්ඩලයද කොටස්කර විකිණීමට ක්‍රියාකරමින් ඇති බවත්, එය මිලදී ගැනීමට සූදානම් වන්නේද ඉන්දියාවේ අදානි ඇතුළු සමාගම් බවත් ඒ මහතා පවසයි.
පශුසම්පත් මණ්ඩලයට අයත් කිරිගොවිපොළවල් 33ක් සමග මිල්කෝ අයතනය ද අද මිලදී ගැනීමට සූදානම් වන්නේ ඉන්දියාවේ අමූල් සමාගම බවද, අනුර දිසානායක මහතා ඉන්දියාවට ගෙන්වා අමූල් සමාගම පෙන්නද්දී අනුර දිසානායක මහතාගේ ගෝලයන් මිල්කෝ එක ඉදිරිපිට මිල්කෝ එක අමූල් සමාගමට විකුණන්න එපා කියමින් විරෝධතා පවත්වන බවද විමල් වීරවංශ මහතා පවසයි.
සවිස්තාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා