News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරයා කවර පුරාජේරු කතා කියූවත් මෙවර අයවැයෙන් සිදු කර ඇත්තේ මේ රට ඇද වැටී ඇති "ආර්ථික අර්බුදය" නමැති "ඇවිලෙන ගින්නට" තව "පිදුරු ගොඩක්" ගෙනැවිත් දැමීම බවත් එමගින් ජනතාවගේ ජීවන බර, බදු බර තවදුරටත් වැඩි කරනු ලැබ ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

සිවිල් ආරක්ෂක බළකාය විසුරුවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

ඇෆලටොක්සින් නමැති භයානක පිළිකාකාරකය ආහාරවලට මුසුවීම වැළැක්වීම සඳහා ආහාර පනත යටතේ පනවා තිබූ රෙගුලාසි වෙනස් කරමින් ජාවාරම්කරුවන්ට අඩුමිලට විෂ සහිත ආහාර රටට ආනයනය කිරීමට ඉඩ සලසා කොමිස් ගැසීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට ජාතික සංවිධාන චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන්ටද වගකීම් සමුදායක් තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

වහාම 'සමරිසි' පනත සම්මත කර සමලිංගික ක්‍රියා අපරාධ වරදින් නිදහස් නොකළ හොත් 'ඒඩ්ස්' වැනි රෝග සීඝ්‍රයෙන් පැතිර යන බවට ඊට අදාළ පාලන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය වන වෛද්‍ය ජානකී විදානපතිරණ පුවත්පතකට ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය ඊයේ (21) තීරණය කර තිබේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබේ.

ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් දා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.


දේශීය පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.