News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට ජනතාවගේ ජීව දත්ත ටිකත් ඉන්දියාවට දෙන්නයි හදන්නේ - පෙරටුගාමීන්ගෙන් චෝදනා

Feb 12, 2024 at 07:10 AM
|

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට  සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය පෙබරවාරි පළමුවැනිදා ප්‍රකාශයක් කර ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා රජයට මෙම චෝදනාව එල්ල කළේය.

“ටෙන්ඩර් කැඳවීමේ වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරයාද? ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලපෑ තත්ත්වය අපි පැහැදිලි කරන්නම්. මේ වනවිට භාවිත වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ, Biometrics ඇතුළත් හැඳුනුම්පත් නිකුත් කරන්න 2015දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළා. ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස්වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්,”යැයි ඔහු සඳහන් කළේය.

වසර 350ක් පැවති පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය 2015දී යහපාලන ආණ්ඩුව විසින් උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ ඊට එරෙහිව තිබුණේ එක ඡන්දයක් පමණක් බවත් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ ඡන්දය බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

“එදා ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. අද ඒක ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා. දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න හදනවා. මේක ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමත් සමග. ඉන් අනතුරුව 2022 ජනවාරි 28 වැනිදා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කර  ගත්තා. එතනින් තමයි ඉන්දියාවට මේ අවකාශය විවෘත වුණේ. ඉන් අනතුරුව 2023 මැයි 8 වැනිදා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. මෙම ටෙන්ඩරයට ඉල්ලුම් කළ හැක්කේ ඉන්දියානු සමාගම් වලට පමණයි කියලා ඒ දැන්වීමේ තිබෙනවා. එහෙම කරන්නේ කොහොමද? මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා ලංකා රුපියල් බිලියන 41.09ක්  යනවා, ඒකෙන් ලංකා රුපියල් බිලියන 22.33ක් ඉන්දියාවෙන් දෙන්නම් කියලා. ඉන්දියාව සොච්චම් මුදලක් වැය කරලා ලංකාවේම ජනතාවගේ දත්ත ටික ගන්නවා. මේ ටෙන්ඩරය සඳහා 2023දී ලංසු ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සහ ප්‍රෝටීන් ටෙක්නොලොජීස් සමාගම. ඒ අතරිනුත් ඉතාම වැරදි ක්‍රියා සඳහා අසාදු ලේඛනගත වී සිටින මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරය ලබා දීමට යද්දී අපගේ හඬ නැගීම නිසා ටෙන්ඩරය අවලංගු කළා. දැන් නැවත අලුතෙන් ටෙන්ඩර් කැඳවා වෙනත් ඉන්දියානු සමාගමකට දත්ත ලබා දෙන්න උත්සාහ කරනවා.” යැයි ඔහු චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ කුමන සමාගම පැමිණිය ද රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් සතු වන බවයි.

“ඒක ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක් වෙනවා. ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. යුරෝපා රටවල් ජනතා විරෝධය නිසා ජෛවමිතික ලක්ෂණ සහිත හැඳුනුම්පත් ව්‍යාපෘති අවලංගු කළා. දැනට ජෛවමිතික ලක්ෂණ එකතු කරන සිංගප්පූරුව වැනි රටවල පවා ඒ සඳහා මැදිහත් වෙන්නේ රජය. පෞද්ගලික සමාගම්වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම්වලට ඒ දත්ත ලබා දෙන්නේ නෑ. අපි ජීවත් වන යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිත වන ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත. අපි ඉන්නේ තොරතුරු යුගයක. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින්  සිටිනවා. ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයා වගේ හැසිරෙන්නේ ඒකයි. ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවානම් ඕන පාවාදීමක් කරනවා. ඉන්දියාවේ මානසික අල්ලස්වලට යටවී විපක්ෂය නිහඬව මේවාට අනුමැතිය ලබා දෙනවා. මේ විනාශයට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වගේම රටේ දේශපාලන ස්වෛරීත්වයත් විනාශ කරන විද්‍යුත් හැඳුනුම්පත් මගඩිය පරදවන්න පෙළ ගැසෙමු. ඉන්දියානු සමාගම්වලට කොල්ලකෑම සඳහා තමන්ගේ ශරීරයේ තොරතුරු, ජෛවමිතික ලක්ෂණ ලබාදීම වර්ජනය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” 

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.