News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට ජනතාවගේ ජීව දත්ත ටිකත් ඉන්දියාවට දෙන්නයි හදන්නේ - පෙරටුගාමීන්ගෙන් චෝදනා

Feb 12, 2024 at 07:10 AM
|

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට  සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය පෙබරවාරි පළමුවැනිදා ප්‍රකාශයක් කර ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා රජයට මෙම චෝදනාව එල්ල කළේය.

“ටෙන්ඩර් කැඳවීමේ වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරයාද? ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලපෑ තත්ත්වය අපි පැහැදිලි කරන්නම්. මේ වනවිට භාවිත වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ, Biometrics ඇතුළත් හැඳුනුම්පත් නිකුත් කරන්න 2015දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළා. ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස්වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්,”යැයි ඔහු සඳහන් කළේය.

වසර 350ක් පැවති පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය 2015දී යහපාලන ආණ්ඩුව විසින් උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ ඊට එරෙහිව තිබුණේ එක ඡන්දයක් පමණක් බවත් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ ඡන්දය බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

“එදා ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. අද ඒක ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා. දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න හදනවා. මේක ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමත් සමග. ඉන් අනතුරුව 2022 ජනවාරි 28 වැනිදා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කර  ගත්තා. එතනින් තමයි ඉන්දියාවට මේ අවකාශය විවෘත වුණේ. ඉන් අනතුරුව 2023 මැයි 8 වැනිදා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. මෙම ටෙන්ඩරයට ඉල්ලුම් කළ හැක්කේ ඉන්දියානු සමාගම් වලට පමණයි කියලා ඒ දැන්වීමේ තිබෙනවා. එහෙම කරන්නේ කොහොමද? මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා ලංකා රුපියල් බිලියන 41.09ක්  යනවා, ඒකෙන් ලංකා රුපියල් බිලියන 22.33ක් ඉන්දියාවෙන් දෙන්නම් කියලා. ඉන්දියාව සොච්චම් මුදලක් වැය කරලා ලංකාවේම ජනතාවගේ දත්ත ටික ගන්නවා. මේ ටෙන්ඩරය සඳහා 2023දී ලංසු ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සහ ප්‍රෝටීන් ටෙක්නොලොජීස් සමාගම. ඒ අතරිනුත් ඉතාම වැරදි ක්‍රියා සඳහා අසාදු ලේඛනගත වී සිටින මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරය ලබා දීමට යද්දී අපගේ හඬ නැගීම නිසා ටෙන්ඩරය අවලංගු කළා. දැන් නැවත අලුතෙන් ටෙන්ඩර් කැඳවා වෙනත් ඉන්දියානු සමාගමකට දත්ත ලබා දෙන්න උත්සාහ කරනවා.” යැයි ඔහු චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ කුමන සමාගම පැමිණිය ද රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් සතු වන බවයි.

“ඒක ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක් වෙනවා. ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. යුරෝපා රටවල් ජනතා විරෝධය නිසා ජෛවමිතික ලක්ෂණ සහිත හැඳුනුම්පත් ව්‍යාපෘති අවලංගු කළා. දැනට ජෛවමිතික ලක්ෂණ එකතු කරන සිංගප්පූරුව වැනි රටවල පවා ඒ සඳහා මැදිහත් වෙන්නේ රජය. පෞද්ගලික සමාගම්වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම්වලට ඒ දත්ත ලබා දෙන්නේ නෑ. අපි ජීවත් වන යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිත වන ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත. අපි ඉන්නේ තොරතුරු යුගයක. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින්  සිටිනවා. ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයා වගේ හැසිරෙන්නේ ඒකයි. ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවානම් ඕන පාවාදීමක් කරනවා. ඉන්දියාවේ මානසික අල්ලස්වලට යටවී විපක්ෂය නිහඬව මේවාට අනුමැතිය ලබා දෙනවා. මේ විනාශයට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වගේම රටේ දේශපාලන ස්වෛරීත්වයත් විනාශ කරන විද්‍යුත් හැඳුනුම්පත් මගඩිය පරදවන්න පෙළ ගැසෙමු. ඉන්දියානු සමාගම්වලට කොල්ලකෑම සඳහා තමන්ගේ ශරීරයේ තොරතුරු, ජෛවමිතික ලක්ෂණ ලබාදීම වර්ජනය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” 

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.