News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් එල්එන්ජී නළ මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා “ට්‍රෙරෙඩ්වින් “නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය.

ICC විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ස්වයං පාලනය, ජාත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහායෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටින ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සිදුකළ අනීතික ලෙස හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම සහ එමගින් සිදුකෙරන විදුලි විසංධිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට පවත්වනු ලබන මාධ්‍ය හමුවක් 2024-01-29 (හෙට) දින බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී සවස 2.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සත්‍ය සෙවීමේ කොමිසම පනත රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් නොවන බවත්, එහි අනතුර ඇත්තේ මේ රටේ යුද්ධය අවසන් කළ හමුදා නයකයන්ට හා රණවිරුවන්ට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.