News Category
From Date
To Date
Maximum Number of Result

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.

එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA ) මගීන්ගේ ආරක්‍ෂාව ගැන සඳහන් කරමින් බෝයිං සමාගමට එහි 737 MAX ගුවන් යානා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.

බුදු දහමට අපහාස කරමින් කටයුතු කරන භික්ෂූන්ට පිටරටවලින් කෝටි ගණන් මුදල් ලැබෙන බවත්, බෞද්ධ යැයි පෙනීසිටින පිරිස් බුදු දහම විකුණාගෙන කමින් බුදු දහමට ආපහාස කරමින් කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යුද සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනකදී හුවමාරු කර ගැනීමට ගුවනින් ගෙන යමින් සිටි රුසියානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ යුක්‍රේන හමුදා නිළධාරීන් 65 දෙනෙකු සිටි IL-76 වර්ගයේ රුසියානු හමුදාවට අයත් ගුවන් යානය 2024 ජනවාරි 24 වන දින රුසියානු ගුවන් සීමාවේ බෙල්ගොරොඩ් කලාපයට අයත් ඉහළ අහසේදී කියෙව් හමුදාව විසින් වෙඩි තබා විනාශ කළ බව මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

රුසියානු හමුදාවට අයත් IL-76 ප්‍රවාහන ගුවන් යානය යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 90ක් (සැතපුම් 55ක්) පමණ දුරින් පිහිටි බෙල්ගොරොඩ් ප්‍රදේශයට කඩා වැටුණේ රුසියානු හමුදා විසින් අත් අඩංගුවට ගත් යුක්රේන හමුදා නිලධාරීන් 65 දෙනෙකු රැගෙන යමින් සිටියදීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.

වෛද්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.