
පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තියන්නැයි ජනපති රනිල්ට දැඩි බලපෑම් - ගම්මන්පිල හෙළිකරයි
‘පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තියන්නැයි පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ඔවුන්ගේ පැත්තෙන් නම් සාධාරණයි. මේ ජනපතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පහත වැටෙනවා. රාජ්‍ය බලය සමග මැතිවරණයකට යන පක්ෂයකට මැතිවරණයකදී පුංචි වාසියක් තියෙනවා. දැන් රාජ්‍ය බලය ඔවුන් අතේ. රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය මාධ්‍ය ඔවුන්ගේ වාසියට හසුරුව ගන්න පුළුවන්.
නමුත් ජනපතිවරණය පැරදිලා නම් ඔවුන් මහ මැතිවරණයකට යන්නේ ඒ වාසිය ලැබෙන්නේ නෑ. පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තියන්න කියලා.
අනික් පැත්තෙන් ගත්තොත් පොහොට්ටුව සහ එජාපය පාර්ලිමේන්තු ඡන්දය පැරදුනු ගමන් ජනාධිපතුමන් අකර්මණ්‍ය වෙලා දිනන පක්ෂයේ අගමැතිතුමන් තමයි රට පාලනය කරන්නේ. පරණ පිනක් හිසේ කඩා වැටුනා වගේ ලැබුණු ජනාධිපතිධූරයේ කාලය එසේ කෙටිකරගන්න ජනාධිපතිවරයා කටයුතු කරයි කියලා මම හිතන්නේ නෑ."
ප්‍රශ්නය
මන්ත්‍රීවරුන් 113ක් කැමතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිතුමන් කැමති කියලා රාවයක් යනවා නේද?
පිළිතුර
ඔය පොහොට්ටුවේ නායකයෝ කෑගැහුවට පොහොට්ටුවේ මන්ත්‍රිවරු නම් දන්නවා ඡන්දයක් තිබ්බොත් ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා මන්ත්‍රීවරුන් 113කගේ සහය ගන්න පුලුවන් වෙන එකක් නැ.
ප්‍රශ්නය
ඉදිරි මැතිවැරණ සදහා ඔබතුමන්ලාගේ සූදානම කුමක්ද?
පිළිතුර
ඕනෑම මැතිවරණයක් සදහා අප සූදානම්
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
