කන්කසන්තුරේ වරායට ඉන්දියාවෙන් ලොකු ගාණක් දෙන්න යයි
ශ්‍රි ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය කැමැත්ත පල කර ඇති බව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
මහකොමසාරිස්වරයා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්චාවකදී මෙම කරුණු හෙලි විය.
මෙම සංවර්ධන වැඩ පිලිවෙල යටතේ වරාය තුලට විශාල නැව් සහ යාත්‍රා ඇතුලු කිරීමට මීටර් 30ක් පමණ වරාය පතුල ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී මහකොමසාරිස්වරයා කියා සිටියේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර කලාපීය සහයෝගිතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. එමෙන්ම ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රි ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවද හෙතෙම පැවසීය.
ගුවන් හා නාවික ක්ෂේත්‍රයන්හී දී ඉන්දියානු රජය විසින් ශ්‍රි ලංකාවට ලබා දෙන සහයෝගය පිලිබඳව ශ්‍රි ලංකා රජයේත්, තම අමාත්‍යංශයේත් කෘතවේදී භාවය පල කරන බවත්, විශේෂයෙන් චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ඉතාමත් ප්‍රශස්ත කරුණක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඉන්දීය සංචාරයින්ගේ පහසුව සඳහා රුපියල් මිලියන 600ක වියදමකින් නවීන පර්යන්තයක් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ ඉදි කල බව පැවසු අමාත්‍යවරයා පසුගිය මාස 09 ක කාලය තුල ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රි ලංකාවට පැමිණ ඇති බවද අවධාරණය කලේය.
එබැවින් ඉන්දියානු රජය විසින් ලබා දෙන මෙම ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානය උපයෝගී කර ගනිමින් කඩිනමින් කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා මහකොමසාරිස්වරයාට පැවසීය.
විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා