News Category
From Date
To Date
Maximum Number of Result

සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සමූහයක් හැටියට එකතු වී වහාම ජනාධිපතිතුමාට විරෝධය පළ කළ යුතු බව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසුහ.

අභාවප්‍රාප්ත වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් පැවැත්වූ පාංශුකූලය පින්කම ඊයේ(5) දිනයේ කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී සවස 3 ට පැවැත්විණි.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුම් ලැබිය යුතු යැයි තමන් විශ්වාස කරන බව නෝර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර ඇත.

රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.

සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීමට සහ ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

වයඹ පළාතේ සංවිධානයක් වන අතුගල්පුර බොදු උරුමය සුරැකීමේ සංවිධානය විසින් නසීර් අහමඩ් නමැති හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත්, එම ඉල්ලීම අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතට පත්වූ විට ඔහු පවසා තිබුනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර ගිවිසුමක් පැවති බවත්, එම ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරයා නම් කිරීමේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂට හෙයින් මෙයට කළ හැකි ‍දෙයක් නොවන බවත් යැයි එම සංවිධානයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අයත් මූල්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා පනතක් ගෙනවිත් ඇති බවත්, මෙම පනත ගෙන ඒමේ අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් එක් යෝජනාවක් හෝ අධිරාජ්‍යවාදීන්ගේ යෝජනාවක් දැයි සැකයක් පවතින බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

රට විනාශකාරී තැනකට පත්වීමට හේතුවක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද පනත් බවත්, හොර ජාවාරම්කරුවන්ට විදෙස් විනිමය මංකොල්ල කෑමට හැකි වන ලෙස විදේශ විනිමය පනත 2017 වසරේදී ජනාධිපතිවරයා විසින් සම්මත කළ බව හා විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් මුදා හැරීමට ඔහු කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පනත් 104ක් ගෙන ඒ්මට බලාපොරොත්තු වන බව පවසා ඇති බවත්, ඉන් එක් පනතක් වන්නේ රාජ්‍ය ණය කළමනාකරණ පනත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.