රට මහා විනාශයකට ඇද දැමූ රනිල් අද ජනාධිපතිවරණයක් නොතියා තව කාලයක් බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි යොදනවා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ඉතිහාසයේ මෙතෙක් මුහුණ නොදුන් විනාශකාරී වාතාවරණයකට රට මේ වන විට මුහුණ දෙමින් සිටින බවත්, මෙම විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වෙනත් කිසිවෙකුට වඩා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ සිටින කාලයේ දී ගෙනා පනත් හා ක්‍රියාකරනු ලැබූ ආකාරය නිසා රට මහා විනාශයකට හා ආර්ථික ආගාධයකට ඇදවැටුනු බවද, රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී ගෙන ආ විදේශ විනිමය පනත නිසා මෙරටට ගෙන එන ලද විදේශ විනිමය වෙනත් රටවල සඟවා ගැනීමට විදේශ විනිමය උපයන්නන්ට හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.
රටේ ආර්ථික අර්බුදයක් මතු වූයේ ද ගෙවාගැනීමට නොහැකි කෙටිකාලීන ණය අධික පොලියකට ලබාගැනීම නිසා බවත් පවසන තිරාණගම මහතා, එසේ කෙටිකාලීන ණය අධික පොලියකට ලබාගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා බවත් සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වූයේ අහම්බයකින් නොවන බවද, අරගලය දියත් වූයේද රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්කිරීමේ අරමුණින්න බවද තිරාණගම මහතා හෙළිකරයි.
අද ජනාධිපතිවරයාගේ උත්සාහය වී ඇත්තේ ජනාධිපතිවරණයක් නොතියා තවත් කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිටීම බවත්, ඒ සඳහා ඔහු විසින් විවිධ උප්පරවැට්ටි යොදා ගන්නා බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
කල්‍යානන්ද තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්