News Category
From Date
To Date
Maximum Number of Result

22ට සහාය නොලැබුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්! - ගාමිණී වලේබොඩගෙන් විශේෂ අනාවරණයක්

Jul 18, 2024 at 02:33 PM
|

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින බවත්,  22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය,

”අද විශේෂ හෙළිදරව්වක් කරන්න තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා වර්ෂ හය කියලා ව්‍යවස්ථාවේ සඳහන් වන හෑම ස්ථානයකම පහ සඳහන් කරමින් ඕනි කරන සංශෝධන ටික ආණ්ඩුක්ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වෙන්න අවශ්‍යයයි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන නියෝගය අනුව ඉතුරු ටික ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම අද වෙනකොට මේ කටයුත්තට ප්‍රවේශ වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. මොකද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් වර්තමාන ජනාධිපති තුමාට ඔවුන් පත්කරගත්ත ජනාධිපතිතුමාට ඔවුන්ම අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන අවිනිශ්චිතතාවය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිතුමාට පැවරිලා තියෙන විශේෂ බලතලයක් වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කරන්න එතුමාට සිද්ධ වෙලා තිබෙන බව පේන්න තිබෙනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම අපෙන් විමසීම් කරනවා ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියෙල කරලා අතේ තියාගෙන ඉන්නේ විසිදෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වූවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.

මෙවැනි තත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ මේ තත්වයේ ප්‍රතිඵලය ඇතැම්විට ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි දෙදාස් විසි දෙකේ අර්බුදයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි ඡන්දයෙන් පත්කරගන්නා අවස්ථාවේදී දෙපාර්ශවය අතර තිබිච්ච එකඟතාවය තමයි රජය කරගෙන යාමට එතුමාට සහය දැක්වීම සහ එතුමා පොරොන්දු වුණා වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය, නියමිත නිල කාලය නිමාවන තෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ හැබැයි පොදුජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි කියන එක ආණ්ඩුව කරගෙන යාම සඳහා. දැන් අද පොදුජන පෙරමුණ ඒ සහයෝගය දෙන්නේ නැතුව ඔහුගේ ජනාධිපතිකමට අභියෝග එල්ල කරන තැනකට පත්වෙලා තිබෙනවා. ඔවුන් පත්කරපු ජනාධිපතිවරයාට ඔවුන්ව අභියෝග එල්ල කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ ගිවිසුම කඩාගෙන වැටීමක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ඍජුවම ජනාධිපතිවරයාට සහය දක්වන්න පටන් අරගෙන තිබෙනවා. ඒකේ යම් කණ්ඩායම වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඊළඟ මහ මැතිවරණයේදී විපක්ෂ නායකකම අරගෙන විපක්ෂයේ වාඩිවෙන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ කියන තත්වයක් තුළ සමස්තය නිරූපණය වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තුව අතර තියෙන නොඑකඟතාවය, ගැටීම, එහෙම නැත්නම් බෙදීම. එහි ප්‍රතිඵලය තමයි මේ විසි දෙවෙනි ආණ්ඩුක් රම ව් යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේමට නියමිත ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සහය නොදක්වන තත්වෙකට යෑමේ ඉඩක් තියෙනවා කණ්ඩායම්. එහෙම වුනොතින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා සූදානම්. ඒ සඳහා ගැසට් එක පිළියෙල කරලා තියෙනවා කියන ආරංචිය තමයි අපිට ලැබෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

ඒ වගේම තමයි විසි දෙක ගැසට් කළාට පස්සේ ජනාධිපති මේ විසිදෙක සම්මත කරගන්න තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍යය වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුහරි ගියොත් එතනින් ජනමත විචාරණයක අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයට පත්කරෝතින් තුනෙන් දෙකෙන් සම්මත වුණත්, ඊළඟට ජනාධිපතිවරණයට යන්න වෙනවා. මේ ජනාධිපතිවරණයේ වාසිය තිබෙන්නෙත් ඇත්තටම වර්තමාන රජයට. මොකද ජනාධිපතිවරණය ජනමත විචාරණය පරාජය වීමේ හැකියාවක් නෑ.

ජනමත විචාරණයෙන් විමසන්නේ අවුරුදු හය, අවුරුදු පහ කරන්නද? අවුරුදු හය විදියටම තියන්නද කියලා. එතකොට අවුරුදු පහට අඩු කරන්න කියලා තමයි ජනතාවට දෙන්න වෙන්නේ. එහෙම වුනොත් ජනමත විචාරණය ඉවර වෙලා තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. එතකොට ජනාධිපතිවරණය තව මාස හතරකින්, පහකින් කල් යන එක වළක්වන්න බෑ."

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.