ජනපති රනිල් සමග පොහොට්ටුවේ සාකච්ඡා අර්බුදයක... පොහොට්ටුවේ පෙති ගලවන මෙහෙයුමක් දියත් වෙලා
මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සහාය ප්‍රකාශ කරන්නේ කවර ආකාරයකින් ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ.
මේ පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි වී තිබෙන්නේ ජනාධිපතිවරයා මෙහිලා දක්වා ඇති ප්‍රතිචාරය ගැන තම පක්ෂය සෑහීමකට පත් නොවීම නිසා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පවසයි.
පක්ෂයක් වශයෙන් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට නම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ කාරියවසම් මහතා මීට පෙර ඔහු සමග පැවති සාකච්ඡාවේදී රටේ ඒකීයභාවය රැකීම ඇතුළු යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා හමුවේ තැබූව ද ඊට නිසි ප්‍රතිචාරය ජනාධිපතිවරයා දක්වා නැති බව ද සඳහන් කරයි.
ජනාධිපතිවරයා ස්ථිරව මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව නිල ප්‍රකාශයක් තම පක්ෂය වෙත දැනුම් දුන්නහොත් ඒ අනුව මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ඡා කර තම පක්ෂය කවර කොන්දේසි මාලාවක් ජනාධිපතිවරයාට දෙන්නේ ද යන්න තීරණය කළ හැකි නමුත් ඒ වෙනුවට දැන් සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එකිනෙකා ජනපති හිතවාදී පිලට බා ගැනීමට පොහොට්ටුවේ පෙති ගලවන මෙහෙයුමක් දියත් කිරීම බව එම පොදුජන පෙරමුණේ තවත් ජ්‍යෙෂ්ඨයෙක් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්