විද්‍යුත් වීසා ක්‍රමවේදයෙන් රටේ ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක්
ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් විසින් (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරන ලදී.
පුද්ගලිකව ගොනු කර තිබෙන මෙම පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා, සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය හේතුවෙන්, රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවකාශ ඇති බවත්, එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව ද පෙත්සම්කරුවන් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස්,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා;
“මේක මම නම් දකින්නේ මහබැංකු මංකොල්ලයෙන් පසු ඒ වගේ සිය ගුණයකට වඩා විශාල මංකොල්ලයක් මේක. ඒ පිළිබඳව කරුණු කාරණා සහිතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොයෙකුත් කරුණු ගොනු කරලා තියෙනවා. ඒක සනාථ කරමින් අපි ඒකට පක්ෂව අපේ තර්ක ඉදිරිපත් කරනවා.
IVS Global Services (Pvt) Ltd ඩොලර් 2.7 ක ලාභයක් විශාල ගනුදෙනුවක් කරන්න භාර දීලා තියෙන්නෙ මේ වගේ පෙට්ටි කඩේකට. මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවෙත් කරුණු දැක්වූවා VFS සමාගම පිළිගත් සමාගමක් වුවත් එය Technical Partner කෙනෙක් පමණයි. එවැනි සමාගමක් මේ වගේ ව්‍යාජ, අයිතිකරු නොදන්න මැදිහත්කාර සමාගම් දෙකක් මේකට ඇතුලත් කරලා, වංචනික ලෙස එක සංචාරකයෙකුට ඩොලර් 25 ක් බැගින් අය කරලා තියෙනවා. රටට ලැබිය යුතු විශාල ධනස්කන්දක් විදේශ සමාගමකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපේ දත්ත ආරක්ෂාව; පැමිණෙන සංචාරකයන්ගේ රහසිගතව තබාගත යුතු දත්තවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩ වෙන ආකාරයට මේක සිදුවෙලා තියෙනවා. මේ තොරතුරු ඔක්කොම ඩුබායිවල තිබෙන සර්වර් එකකට තමයි යන්නෙ
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“අපි තිදෙනා රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයන් තිදෙනෙක් හැටියට තීරණය කළා මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න. මොකද පසුගිය දාහතර වෙනිදා තමයි මේ වාර්තාව ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒක ඉදිරිපත් වෙලා මාසයක් ඇතුළත මේක කරන්න ඕන නිසා අපි ඉදිරිපත් වෙලා මේක කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටට යුක්තිය ඉටුවෙයි කියලා මේ හරහා.
ගොඩාක් අය හිතුවා දැනටත් මේ වීසා ක්‍රියාවලිය කරගෙන යන GBS Global ආයතනය තමයි මේකත් කරන්නේ කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේ දී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්නෙ කියලා. මීට කළිනුත් මෙවැනි දෙයක් සිද්ධවුණා, රටට තෙල් ගේන්න කියලා Global Concept කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6 ක් ඒ අවස්ථාවෙදි රටට ගේන්න කියලා ගම්මන්පිල ඇමැතිතුමා පත්‍රිකාවක් ගෙනාවා, නමුත් රාජගිරියෙ පුංචි කඩයක් තමයි තිබුණෙ. හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ නෑ රටේ වාසනාවට, නමුත් එවැනි ම දෙයක් තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නෙ. තාක්ෂණික කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව අපේ පෙත්සමෙනුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්ථාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා නෑ. රට වෙනුවෙන් ඒ මෙහෙවර වසර 10 කට අධික කාලයක් තිස්සෙ කරපු මොබිටෙල් ආයතනය තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නෙ.
සංචාරකයින්ගේ පැමිණීමට මරු පහරක් මෙතන එල්ල වෙලා. අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින, තායිලන්තය වගේ අපිත් එක්ක තරග කරන සංචාරක රටවල් එක්ක. මේක ඉතාම අධික මිලක්. ඩොලර් 50 යි තිබ්බෙ ලංකාවට වීසා ගාස්තු මේ ක්‍රියාවලියට ඩොලර් 1 යි අය කළේ අද ඒක 25.77 ක් කරලා තියෙනවා. දැන් ඩොලර් 75 කරලා වීසා ගාස්තු, තව 25.77 ක් එකතු කරලා ඩොලර් 100.77 ක් සෑම සංචාරකයෙක්ගෙන්ම. පිටරට පුරවැසිභාවය ගත්ත ලංකාවෙ අය එද්දිත් ගෙවන්න ඕනෙ. ගෙවන්නෙ IVS කියලා සමාගමකට. ඒ සමාගමට ගෙව්ව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා.
අපි කණගාටු වෙනවා, හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවි යන කට්ටිය අද මේ ගැන නිහඬයි. අද මේ ඇමැතිතුමාගෙ නම මතක නෑ ඒ කට්ටියට. අපිට පේනවා මේ රට ඇතුලෙ දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා. IVS එකට මේ සල්ලි යන එක ගැන වචනයක්වත් නෑ. ඒකෙන් හිතාගන්න මේ රට ඇතුලෙ දේශපාලන පාතාලය කටයුතු කරන්නෙ කොහොමද කියන එක. අපි මේකට එරෙහිව සටන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රටට යුක්තිය ඉටුවෙයි කියලා, පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් කඩ කරලා තියෙනවා.”
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්