රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්මත වුවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම මේ වන විට ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන භූමිකා තුනම ඉටු කරන රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන සියලු විනාශකාරී අණපනත්වලට අත ඔසවන “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස එමඟින් මේ රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන් සමරවීර මහතා පෙන්වා දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එහි වගන්ති රැසක් ව්‍යවස්ථාවට නොගැළපෙන බව ද සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) නිවේදනය කළේය.
හතලිස් දෙදාහක සිංහල ජනතාවක් සිටින උතුරු පළාතේ පාසල් සිසුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් සිටින බවත්, උතුරු පළාතටම ඇත්තේ සිංහල මාධ්‍ය පාසල් 26ක් පමණක් බවත් මුළු උතුරු පලාතටම විද්‍යා අධ්‍යාපනය ලබන්නට හැකි පාසල් ඇත්තේ දෙකක් පමණක් බවත්, උතුරු පළාතේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දේශීය පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති