News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ පානය කළ නොහැකි 'සුප්' එකක් වගේ... රටට අත්‍යවශ්‍යම විදේශ ප්‍රතිපත්තිය සඟවලා - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Oct 7, 2024 at 10:56 AM
|

පසුගිය ජනාධිපතිවරණයේ  දී ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ලම සියලු පෝෂක අඩංගු එහෙත් නමක් දැමිය නොහැකි පානය කළ නොහැකි 'සුප්' එකක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික පුවත්පතකට ලිපියක් සපයමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය සහ සමාජය මේ මොහොතේ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා නිශ්චිත උපාය මාර්ගික ප්‍රවේශයක් ඒවා තුළ හඳුනාගත නොහැකි බවය.

රට මුහුණ දෙන සැබෑ අභියෝගය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් නොසලකා හැර හෝ සැඟවීමක් කර ඇති බවත්, යම් පාර්ශව සතුටු කිරීම සඳහා විශේෂයෙන්ම බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේගවල ඉල්ලීම් වලට සහ ශ‍්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර බලවේගවල බලපෑම් වලට සංවේදී වන බව පෙන්වීම සඳහා යම් නිශ්චිත ප‍්‍රතිපත්තිමය යෝජනා ප‍්‍රමාණයක් ඒවා තුළ අඩංගු වන බවත් ඒ මහතා එම ලිපියෙන පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්... 

මැතිවරණ වේදිකාවේ ප‍්‍රතිපත්තිමය බෙදීම කුමක් විය යුතුද?

පසුගිය ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ සියල්ලම ඉතා සරලව විග‍්‍රහ කළ හැක්කේ සියලූ පෝෂක අඩංගු එහෙත් නමක් දැමිය නොහැකි සහ පානය කළ නොහැකි ‘සුප් එකක්’ ලෙසය. ඒවා  ඕනෑම රටකට වලංගු බොහෝ සංකල්පීය යෝජනා සහ අදහස් මෙන්ම ආකර්ෂණීය අරමුණු වලින් සමන්විත විය. නමුත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ සමාජය මේ නිශ්චිත කාලවකවානුවේදී මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා නිශ්චිත සහ සංයුක්ත උපාය මාර්ගික ප‍්‍රවේශයක් ඒවා තුළ හඳුනාගත නොහැක. ඒ වෙනුවට ආංශික ප‍්‍රතිපත්ති හෙවත් අධ්‍යාපන සෞඛ්‍ය ආදී වශයෙන් විවිධ ක්ෂේත‍්‍රවලට අදාළව සුන්දර අරමුණු රාශියක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම අරමුණු සාක්ෂාත් කරගත හැකි නිශ්චිත උපාය මාර්ගික ප‍්‍රවේශයක් එම අරමුණුවලට අදාළව ඉදිරිපත් කර තිබුණේ ඉතාම අල්ප වශයෙනි. 

කෙසේ වෙතත් යම් පාර්ශව සතුටු කිරීම සඳහා විශේෂයෙන්ම බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේගවල ඉල්ලීම් වලට සහ ශ‍්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර බලවේගවල බලපෑම් වලට සංවේදී වන බව පෙන්වීම සඳහා යම් නිශ්චිත ප‍්‍රතිපත්තිමය යෝජනා ප‍්‍රමාණයක් ඒවා තුළ අඩංගු විය. එසේ සඟවා ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශයන් අතර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සහ ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් බලවත් කිරීම, මෙන්ම මහජන විරෝධය නිසා අකුළාගත් 2015 යහපාලන ආණ්ඩුවේ ඊනියා ‘‘ඔරුමිත්තනාඩු’’ ව්‍යවස්ථා ව්‍යාපෘතියට නැවත පණ දීම ආදී බරපතල විවාදාත්මක කරුණු දක්නට ලැබුණි.

මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ යනු හුදු සුරංගනා කථා පමණක් බවට පොදු මහජන මතයක් පැවතිය ද එසේ ඉදිරිපත් කරන දීර්ඝ ලේඛන බහුතර ජනයා විසින් පරිශීලනය කරන්නේ නැත. බොහෝ විට මැතිවරණයකදී බෙදීම් ඇතිවන්නේ එම ප‍්‍රතිපත්තිවල අඩංගු විවාදාත්මක ප‍්‍රවේශයන් හුවා දැක්වීම මගිනි. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන අපේක්ෂකයින් පස්දෙනා විසින් තමා ගොඩනගන පාලනයට අදාළව එක පාර්ශවීය යම් පින්තූරයක් මවා පෙන්වීමට උත්සාහ කළ ද බරපතළ ප‍්‍රතිපත්තිමය බෙදීම් ඇතිවන ලෙස අභියෝගාත්මකව තම ස්ථාවරයන් ඉදිරිපත් නොකළ බව ඉතා පැහැදිලිය. එසේම හොරු ඇල්ලීම හෝ දුෂණ වංචාවලට තිත තැබීම වැනි තමාගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය සටන් පාඨ ඉදිරිපත් කිරීමේදී පවා හොරකම හෙවත් දූෂණ වංචා ප‍්‍රචලිත කෙරෙන 1977 සිට නඩත්තු කරන ආර්ථික මොඩලය තුළ සිදුකෙරෙන ගැඹුරු වෙනස්කම් පිළිබඳව සංවාදයක් දිරිගැන්වීමට මැලිවන බවක් දක්නට ලැබුණි. 

නමුත් ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකු ජය ගත්ත ද පවතින ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදය ජය ගැනීම මෙන්ම ගොඩනැගී ඇති මහජන අපේක්ෂා ඉටුකිරීම සඳහා බරපතල ප‍්‍රතිපත්තිමය හැරවුමක් අවශ්‍ය වේ. ඊට අමතරව වත්මන් ගෝලීය භූ දේශපාලන අභියෝගයන්ට මුහුණ දීම පහසු වන්නේ නැත. විශේෂයෙන්ම යුක්‍රේනය මුල් කරගත් රුසියාවට එරෙහිව දියත් වන යුද්ධය සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුද ආශ‍්‍රිතව චීනයට එරෙහිව සැලසුම් කරන යුද්ධය මෙන්ම BRICS රටවල ආර්ථික නැගීසිටීම තුළ ඇමරිකානු ඩොලරය මුහුණ දෙන අභියෝගය ආදී හේතු මත ශ‍්‍රී ලංකාව වටා ගමන් කරන ලෝකයේ ප‍්‍රධාන නාවික මාර්ගය ආශ‍්‍රත සාගර කළාපයට විශේෂිත යුධමය වටිනාකමක් හිමිවේ. ඒ තුළ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ භූමිය තමාට උවමනා ආකාරයට පාලනය කිරීමේ බරපතළ භූ දේශපාලන උවමනාවකින් ක‍්‍රියා කරන බව ඉන්දියාව සහ ඇමරිකාව මේ වන විටත් ප‍්‍රදර්ශනය කරමින් ඇත. 

ඉන්දියාව භූ දේශපාලන අභිසාරිකාවක් ලෙස ක‍්‍රියා කරන බැවින් ඉන්දියාව සහ ඇමරිකාව අතර තරගකාරී වුවමනාවන් තිබෙන බව පෙනුනද අවසන් අරමුණට සාපේක්ෂව එම රටවල් විසින් ශ‍්‍රී ලංකාවට අදාළව ක‍්‍රියා කරන ආකාරය වෙනස් වන්නේ නැත. ඉන්දියාව එක් පැත්තකින් ආර්ථික වුවමනාවන් මුල් කරගෙන රුසියාව සහ චීනය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකරන අතර අනෙක් පැත්තෙන් ඇමරිකාව සමඟ අත්සන් කර ඇති යුද ගිවිසුම් හතරක් මගින් ඇතිකරගත් එකඟතාවයක් බිඳ දැමීමකින් තොරව ආරක්ෂා කරන බව රහසක් නොවේ. එසේම ආසියාවේ නේටෝ සංවිධානය ලෙස හැඳින්වෙන QUAD සංවිධානයේ රටවල් හතරට ඉන්දියාව ද අයත් වේ. එම යුද සන්ධානයට අයත් සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව, ජපානය සහ  ඕස්ට්‍රේලියාවය. 

ඉන්දියානු රෝ සංවිධානයේ භූ දේශපාලන උපාය මාර්ගික සැලසුම අනුව සිකීමය නමැති ස්වාධීන රාජ්‍යය ගිවිසුම් මගින් ඉන්දියාවේ 22 වැනි ප‍්‍රාන්තය බවට පත් කරගනු ලැබීය. එම භූ දේශපාලන උපාය මාර්ගික සැළසුමට අනුව අර්ධ යටත් විජිතයක් ලෙස ගිවිසුම් මගින් ශ‍්‍රී ලංකාව ඇඳා ගැනීමේදී ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙස හිමිවන අංකය 29 බව ඉතා පැහැදිලිය. ඉන් පසුව ඉන්දියාවේ මැදිහත්වීම මත ඊළාම් රාජ්‍ය නිර්මාණය කිරීමෙන් පසුව එම කොටසට හිමිවන අංකය 30 බව රෝහණ විජේවීරයන් සඳහන් කරන්නේ 80 දශකයේ අග භාගයේදීය. නමුත් ඇමරිකාවට අවශ්‍ය වන්නේ මහා හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා ඉඩම් කැබැල්ලක් හෙවත් දූපතක් පමණි. දැනට ඉදිරිපත් කර ඇති SOFA ගිවිසුමේ ‘ඇමුණුව බී’ නැමැති ලේඛනයට එකඟතාවය පළකිරීම සිදුවුවහොත් ඊට පහසුකම් සැලසේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී ඉන්දියාව සහ ඇමෙරිකාව එකම අරමුණ සඳහා වෙනස් ප‍්‍රවේශයන් දෙකක් ගනු ලබන්නේ එනම් ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් ප‍්‍රචලිත කිරීමට තීරණය කරනු ලබන්නේ ඉහත සඳහන් කළ අතරමැදි අභිලාෂයන්ගේ වෙනස්කම් නිසා බව අනාගතයේදී තේරුම් ගත හැකි වනු ඇත. නමුත් පෙර සඳහන් කළ ආකාරයට ජනාධිපති අපේක්ෂකයින් අතර ප‍්‍රතිපත්තිමය බෙදීම් සිදුවන්නේ මෙම මහා අභියෝගයට සාපේක්ෂව නොවේ. බොහෝවිට මහජනයා අතර එම බෙදීම සිදුවන්නේ අපේක්ෂකයින්ගේ පුද්ගල පෞරුෂය සමඟ බැඳී ඇති සාධක සහ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂය පිළිබඳව වන විශ්වාසය හෝ බැඳීම හෝ කැමැත්ත මතය. ඒ මගින් එක් පැත්තකින් රට මුහුණ දෙන සැබෑ අභියෝගය නොසලකා හරිමින් හෝ සැඟවීමක් සිදුවේ. එම තත්වවය ඉහත සඳහන් කළ ජාත්‍යන්තර අභියෝග හමුවේ ඉතා බරපතල රැවටීමක් බව ඉතා කෙටි කලකින් තරගවදින පාර්ශවලට මෙන්ම පොදු මහජනතාවටද අවබෝධ වනු ඇත. 

එම නිසා පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ඡුන්දය භාවිතා කිරීමට පෙර ප‍්‍රතිවාදී අපේක්ෂකයින් අතර ප‍්‍රතිපත්තිමය බෙදීම කුමක්දැයි ගැඹුරින් විමසා බැලීමට ඡුන්දායකයන් පෙළඹවීම දේශපාලන බලවේගවල මූලික වගකීමක් බවට පත්වේ. ඊට හේතුව එම බෙදීම නොසළකා සිදුකරන වෙනස්කම් මගින් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් කිරීම දක්වා වන ගමන ආරම්භවීමේ විභවය පැවතීමය. ඒ නිසා එම ප‍්‍රතිපත්තිමය බෙදීම ඇති කිරීම සඳහා මගපෙන්වීම ඉතා වැදගත් වේ. එම බෙදීමට අදාළව මූලික ප‍්‍රවේශයක් ලෙස නිර්ණායක 10ක් හඳුනාගත හැක. 

ඒ අතරින් පළමුවැන්න බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කණුවට පෙර සැතපුම් කණුව වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෝ මීට පෙර ජනාධිපතිවරයන් 8 දෙනකුගේ ආදර්ශය අනුව එසේ නොකර සිටීමය.  13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බළාත්මක කිරීම යනුවෙන් අදහස් වන්නේ එම සංශෝධනයේ මූලික අරමුණ වූ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරිමය. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට සංවාදයක් ඇතත් තීරණාත්මක බාධා පරිපාලන වශයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇත. ජනාධිපති බලතල මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිවීම වැළකී ඇති බවට අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව වලංගු වන්නේ ජනාධිපතිවරයා බෙදුම්වාදී බලවේගවලට පක්ෂපාතීව ක‍්‍රියා නොකරන තත්ත්වයක් යටතේ පමණි. මීට පෙර ජනාධිපතිවරුන් 8 දෙනෙකුගේ පක්ෂපාතීත්වය කුමක් වුවත් මහජන විරෝධය නිසා ඔවුන්ට එම පාවාදීම සඳහා දේශපාලන ධෛර්යයක් තිබුණේ නැත. 

දෙවැනි බෙදීම පළමුවැන්නේම දිගුවකි. එය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය සමඟ බැඳී ඇති අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට අදාළ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීම කිරීම සහ දුර්මුඛ කිරීම මෙන්ම රටතුළ සිටිමින් මැදිහත්වීමට ජාත්‍යන්තර පාර්ශව වලට ඉඩ සැලසීම පිළිබඳව ස්ථාවරය කුමක්ද යන බෙදීම රටේ ඉරණමට අදාල තීරණාත්මක සාධකයකි. 

තුන්වන බෙදීම ජාත්‍යන්තර භූ දේශපාලන න්‍යාය පත‍්‍රයට මුහුණ දෙන්නේ කෙසේද යන උපාය මාර්ගික ප‍්‍රතිපත්තිමය කරුණට අදාළ වේ. ඒ අනුව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් 2023 ජුලි 21 දින නිකුත් කළ නිවේදනය මගින් දැක්වෙන ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක`ගවී ඇති පස්වැදැරුම් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග ක‍්‍රියාත්මක කිරීම සහ එම එකඟතාවටම අනුව එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡුා නැවත ආරම්භ කිරීමට නව ජනාධිපතිවරයාට බල කෙරෙනු ඇත. එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය සිකීමයට අත්වූ ඉරණම ශ‍්‍රී ලංකාවට අත්වීම බව ඉතා පැහැදිළිය. ඒ අනුව එම ක‍්‍රියාවලියට පහසුකම් සළකනවාද නැත්ද යන්න සහ ඊට මුහුණදීම සඳහා යොදාගන්නා උපායමාර්ගය කුමක්දැයි පැහැදිලිව ප‍්‍රකාශ කිරීම ඉතා තීරණාත්මක බෙදීමක් බවට පත්වේ. 

හතරවන බෙදීම ද භූ දේශපාලන ප‍්‍රති උපායමාර්ගික ප‍්‍රවේශයට අදාළ වේ. එනම් ඉන්දියාවේ අරමුණ ඇමරිකාව විසින් වෙනත් ආකාරයට ඉටු කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. ඒ අනුව දැනට ක‍්‍රියාත්මක වන ACSA ගිවිසුමට සමගාමීව SOFA ගිවිසුමට අදාල කොන්දේසි 15ක් සහිත ඇමුණුම බී නැමැති ලේඛනයට එකඟ වනවාද නැද්ද යන්න පිළිබඳ මතය ප‍්‍රකාශ කිරීම බරපතල බෙදීමේ රේඛාවක් බවට පත්වේ. ඇමරිකානු තානාපතිනියගේ මුහුණ බලමින් සහ ඇමරිකාවේ NED සංවිධානයේ අරමුදල් මත ක‍්‍රියාත්මක වන චරිතවල බලපෑමට යටත්ව ක‍්‍රියාත්මක වන දේශපාලන බලවේග එම බෙදීම නොසලකා කටයුතු කිරීමට උත්සාහ කරනු ඇත. ඒ නිසාම එම අභියෝගය දේශපාලන වේදිකාවේ මතු කිරීම ඉතා වැදගත්වේ. 

එම ‘‘ඇමණුම බී’’ ලේඛනයට එකඟතාවය පළකරන ලිපිය ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කළ දිනට පසු දින සිට ඇමරිකානු හමුදාවට පූර්ව දැනුම් දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ  ඕනෑම තොටුපළකින් රටට ඇතුල්වීමේ හැකියාව ලැබේ. එම හමුදා නිලධාරීන්ට සහ හමුදාවලට සේවා සපයන සමාගම් වල නිලධාරීන්ට නිල ඇඳුම් සහිතව හෝ එසේ නැතිව මෙන්ම ආයුධ සන්නද්ධව හෝ එසේ නැතිව රට තුළට ඇතුල්විය හැක ඔවුන්ට ගුවනින් මුහුදීන් හෝ ගොඩබිම හරහා රට තුළ  ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැක ඊට අමතරව ඔවුන්ගේ ගමන්මලූ හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළහොත් ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව කටයුතු කළ නොහැකි අතර ඒ පිළිබඳව ඇමරිකානු තානාපතිට දැන්විය යුතුය.

NATO සංවිධානයේ රටවල් ඇතුළුව රටවල් 100ක් පමණ සෝපා ගිවිසුම් අත්සන් කර ඇති අතර රටවල් 80 ඇමරිකානු හමුදා කඳවුරු 750ක් පමණ පිහිටුවා ඇත. එහෙත් ඒ සෑම ගිවිසුමකටම අනුව ඇමරිකානු හමුදා නිශ්චිත කඳවුරකට සීමාකර ඇත. ඒ අනුව  ඕනෑම තැනක කදවුරු බැදීමට ඉඩ ලබාදෙන ඉඩම් කැබැල්ල හෙවත් ¥පත ¥පත ශ‍්‍රී ලංකා බවට පත්වේ. ඉහත සඳහන් කළ තුන්වන සහ හතරවන ප‍්‍රතිපත්තිමය බෙදීම් වලට අදාළ බලපෑම්වලට මුහුණ දිය හැකි එකම ආකාරය 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ 2832 යෝජනාවට අදාළ ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ වගකීම නීතිගත කිරීමය. එසේම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේදී මහජන වගකීම සහතික කිරීම සහ අදාළ ක‍්‍රියාවලිය නියාමනය කිරීම සඳහා නීතිමය සහ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පැනවීම් මගින් පමණි. 

පස්වන බෙදීම 2015 - 2019 යහපාලන ආණ්ඩුව සහ 2022 - 2024 ඊනියා පශ්චාත් අරගල ආණ්ඩුව විසින් සිදු කළ බරපතළ ආර්ථික ඝාතක හැරවුම් නිවැරදි කිරීමය. එහිදී 2017 විදේශ විනමය පනත එසේම තිබියදී විදේශ විනිමය අර්බුදයට  දීර්ඝ කාලීනව මුහුණ දීමේ හැකියාවක් නැත. විනිමය ආදායම් විදේශවල රඳවා ගැනීම සහ කළු වෙළඳපළ ප‍්‍රචලිත කෙරෙන එම පනත අහෝසි කර ඊට පෙර පැවැති පනත් අවශ්‍ය නම් සංශෝධන සහිතව නැවත බලාත්මක කළ යුතුය. එසේම රටේ ආර්ථික සහ මූල්‍ය කළමනාකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුකම්පාවට යටත් කෙරෙන ඊනියා ස්වාධීනත්වය නාමයෙන් සම්මත කළ 2023 මහා බැංකු පනත ද එසේමය. එම වැරදි නිවැරදි නොකර අර්බුදය ජයගත හැක්කේ ඉන්දු ජාලිකයකුට පමණි. ගරු ජනාධිපතිතුමා තමා එවැන්නෙකු නොවන බව පවසා ඇති බැවින් තවත් බොහෝ වැරදි ඇතත් ඔහුට මෙම බරපතල වැරදි නිවැරදි නොකර ඉදිරියට යාමට නොහැකි බව කෙටි කලකින් වැටහෙනු ඇත. 

හයවන බෙදීමද ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා වන මූලික් පූර්ව කොනේදේසියකි. එනම් 1977 දී හඳුන්වා දුන් වෙළඳාම දිරිගැන්වීම නාමයෙන් ආනයන මත යැපෙන සහ දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන අතර විදේශීය ණය මත යැපෙන පවතින පරාජීත ආර්ථික මොඩලය තීරණාත්මකව කණපිට හැරවීමකින් තොරව ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පිළිගැනීමය. ඇත්ත වශයෙන්ම හොරකම ¥ෂණය ප‍්‍රචලිත කෙරෙන්නේද එම මොඩලය තුළය. එම නිසා එම  මෝඩලයේ ගැඹුරු වෙනස්කම් සිදු නොකර හොරකම නැති කිරීම ගැන කතා කිරීම තරම් විහිළුවක්  තිබිය හැකිද?. එම මොඩලය වෙනස් කිරීමේ මූලික කොන්දේසිය වන්නේ ආනයන අධර්මත් කෙරෙන සහ දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කෙරෙන අතර කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ කේවල් කිරීමේ බලය ආරක්ෂා වන ආකාරයට නීතිමය සහ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පැනවීමය.

හත්වන බෙදීම උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීම මගින් රටේ ආර්ථිකය සහ රාජ්‍යය පරාධීනත්වයට නතු කිරීම වැළැක්වීමය. එය සිදු කළ හැක්කේ සිංගප්පූරු ආදර්ශය අනුව රාජ්‍ය වානිජ ආයතන කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවීම සහ ප‍්‍රාග්ධන අවශ්‍යතා ඉටු කිරීම සඳහා ස්වෛරී අරමුදලක් පිහිටුවීම මගිනි. එම ප‍්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත‍්‍රයට යටත් වෙනවාද නැද්ද යන බෙදීමට අදාල වේ. 

අට වන බෙදීම ලෙස සැලකිය හැක්කේ මේ වන විට අභියෝගයට ලක්වී ඇති ඓතිහාසික සුභසාධන රාජ්‍යයේ මූලධර්ම ආරක්ෂා කිරීමට අදාල ස්තීරසාර ප‍්‍රතිඥාවය. ඊට අදාළව ප‍්‍රධාන කරුණු තුනක් පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත ප‍්‍රතිඥාවක් ලබාදීම ඉතා වැදගත් වේ. ඒ අතරින් පළමුවෙන් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ප‍්‍රමාණුකූලව බිඳ වට්ටමෙන් වෙළඳපළ පුළුල් කිරීමේ ක‍්‍රියාවලිය වැළැක්වීමය. දෙවැන්න සුභසාධන දීමනා සහ ආර්ථික ඉඩ ප‍්‍රස්තා වර්ධනය කිරීමේ ක‍්‍රියාවලිය විධිමත්ව ඒකාබද්ධ කිරීමය. තුන්වැන්න සමාජයේ පහළ ස්ථර වලට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා අත්පත් කර ගැනීම සඳහා සාධාරණ පොලියට ප‍්‍රාග්ධනය ලබා ගැනීමට පහසුකම් සැලසීමය. ඒ සඳහා දැනට පවතින ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ සුළු නිෂ්පාදකයා මූල්‍ය වහලෙකු බවට පත් කිරීමේ ක‍්‍රියාවලිය පාලනය කිරීම සඳහා දැඩි නීතිමය ප‍්‍රතිපාදන පැනවිය යුතු අතර එම වගකීම ඉටු කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ ස්වෙච්ඡුා සංවිධාන මගින් පහසුකම්  සැලසිය යුතුය. එම කරුණු පිළිබඳ ප‍්‍රබල ස්ථාවරයක් ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රබල දේශපාලන බෙදීමකි.

නවවන බෙදීම වන්නේ සමාජය දුෂ්ඨිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බිඳවැටීමමෙන්ව සංඝ සමාජය සහ පවුල යන ඓතිහාසික සමාජ සංස්ථාවන් බිඳවැට්ටුවීම සහ ඊට සමගාමීව සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම මගින් සමස්ත සමාජය බිඳවැට්ටවීම පිළිබඳ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කිරීම සහ එම තත්ත්වය තීරණාත්මකව වෙනස් කිරීම සඳහා ගනු ලබන පියවර නිශ්චිතව ඉදිරිපත් කිරීමය. ඒ අනුව ඊට අදාළව පනවනු ලබන නීතිමය ප‍්‍රතිපාදන ඇතුළු සමස්ත උපාය මාර්ගික මැදිහත්වීම කුමක්දැයි රටට පැහැදිලි කිරීම හෝ එසේ නොකිරීම ප‍්‍රබල දේශපාලන බෙදීමක් බවට පත්වේ. 

දසවන බෙදීම වන්නේ දේශපාලන නායකයින් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් මහජනයාට වගවීම සහතික කිරීම මෙන්ම ජන වර්ගය භාෂාව ආගම හෝ කුලය මත වෙනස්කම් සිදු නොවන බව සහතික කිරීම සහ මැතිවරණ කොට්ඨාශයක් තුළ ඡුන්ද දායකයාට වග කියන මන්ත‍්‍රීවරුන් පත් කිරීම සහ විධායකය විසින් අත්තනෝමතික ලෙස බලය අවභාවිතා කිරීම වැළැක්වීම ආදී මූලික දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා හඳුන්වා දෙන නීතිමය සහ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන මෙන්ම ආයතනමය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ නිශ්චිත සහ පැහැදිලි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කිරීම හෝ එසේ නොකිරීමය. 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 
මහ ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.