News Category
From Date
To Date
Maximum Number of Result

තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!

Oct 5, 2024 at 10:29 AM
|

(රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් 2024 ඔක්තෝබර් 4 වන දින රුසියාවේ මොස්කව්හිදී ඇෆ්ගනිස්ථානය පිළිබඳ උපදේශන සඳහා තලේබාන් වැඩ බලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි හමුවේදී...)

මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි.

2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.

ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක බටහිර ආධිපත්‍ය අවසන් කළ එක්සත් ජනපදය තම හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන අදියරේදී තලේබාන් සංවිධානය කාබුල්හි බලය අත් පත් කර ගත්තේය. වොෂින්ටනයේ පිටුබලය ලත් පැවැති ඇෆ්ඝනිස්ථාන ආණ්ඩුවේ ජනාධිපති අෂ්රෆ් ඝානි , ඇමරිකානුවන්ට උදව් කළ බොහෝ පුරවැසියන් මෙන් ඇෆ්ඝනිස්ථානයෙන් පලා ගියේය.

පසුගිය මැයි මාසයේදී Zamir Kabulov  තලේබාන් සංවිධානය සන්බන්ධයෙන් පවසා සිටියේ "අනිවාර්‍යෙන්ම ඔවුන් අපගේ සතුරන් නොවේ" යනුවෙනි. ඊයේ(4) මාධ්‍යවේදීන් අමතමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ප්‍රකාශ කළේ ජාතික ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් තලේබාන් සංවිධානය ඉවත් කිරීම විධිමත් කිරීම සඳහා රුසියානු විදේශ අමාත්‍යාංශය සහ FSB අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ කටයුතු කරමින් සිටින බවයි.

"මෙම ගැටලුව සම්බන්ධයෙන් මූලික තීරණයක් දැනටමත් රුසියානු නායකත්වය විසින් ගෙන තිබෙනවා," යනුවෙන් පැවසූ ඔහු , සියලු නීතිමය ක්‍රියා පටිපාටිවලට ඉඩ දිය යුතු බවයි. ඒ සඳහා “නීතිඥයින්, පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සූක්ෂම වැඩ කොටසක් කිරීම” අවශ්‍ය වනු ඇතැයි Zamir Kabulov පැවසීය. "අවසාන තීරණය නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි" රාජ්‍ය තාන්ත්‍රිකයා තම බලාපොරොත්තුව ප්‍රකාශ කළේය.

FSB ප්‍රධානියා සිකුරාදා පැවසුවේ මොස්කව් තලේබාන් සංවිධානය අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම අවසන් කරමින් සිටින බවයි. ඹොර්ට්නිකොව් ට අනුව, මෙම පියවර සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන සහ ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩි ව්‍යාපාරයේ කලාපීය ශාඛාවක් වන ISIS-k ඇතුළු කණ්ඩායම සමඟ “ප්‍රායෝගික සහයෝගීතාවයට” මග පාදනු ඇති බවයි.

පුද්ගලයන් 145 දෙනෙකුට මරු කැඳවමින් මාර්තු මාසයේදී මොස්කව් නගරයෙන් පිටත සංගීත ශාලාවට කඩා වැදීම ඇතුළුව, මේ වසරේ රුසියානු භූමියට එල්ල වූ ප්‍රහාර කිහිපයක වගකීම ඓSඓS-ඛ් විසින් භාර ගන්නා ලදී.

රුසියාව 2003 දී තලේබාන් සංවිධානය අසාදු ලේඛනගත කළේය. එම අවස්ථාවේදී බලධාරීන් කියා සිටියේ මෙම කණ්ඩායම උතුරු කොකේසස්හි ඉස්ලාමීය කැරැල්ලට සම්බන්ධ බවත් 1995 දී රුසියානු සිවිල් ගුවන් යානයක් පැහැර ගැනීමට වගකිව යුතු බවත්ය.

කැරලිකරුවන් බොහෝ දුරට රුසියාවේදී පරාජයට පත් වූ පසු කණ්ඩායම කෙරෙහි මොස්කව්හි ආකල්පය වෙනස් වීමට පටන් ගත්තේය. 2010 මැද භාගයේදී ඓSඓS නැගීමත් සමග මෙම වෙනස්කම තවදුරටත් ශක්තිමත් විය. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තථ්‍යව පාලනය කරන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජූලි මාසයේදී පිළිගත්තේය. "මේ අර්ථයෙන් ගත් කල, තලේබාන්වරුන් ත්‍රස්තවාදයට එරෙහි සටනේ අපගේ සහචරයින්" යැයි පුටින් පැවසුවේ, මොස්කව් කණ්ඩායම සහයෝගීතාවයට සූදානම් බවට "නිශ්චිත සංඥාවක්" ලැබුණු බව අඟවමිනි.

මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කැපවීම සහ “ඇෆ්ගනිස්ථානයේ සියලුම ජාතීන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම” වැනි කොන්දේසි කිහිපයක් සපුරාලන තෙක් රුසියාව තලේබාන් රජය පිළි නොගන්නා බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පසුගිය ජුනි මාසයේදී පැවසීය.

Moscow to remove Taliban from terrorist list


සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.