ජනතාවට සහන දෙන්න ඕන නම් ජනාධිපති අනුරකුමාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මත කරපු ආර්ථික පරිවර්තන පනත අහෝසි කළ යුතුයි- ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් ඊයේ (06) දින නුගේගොඩ දී පවත්වනු ලැබුවේය. එහිදී අදහස් දක්වමින් ජන පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපතියටත් එහාට ගොස් ඇතැයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ,
" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ බ්‍රහස්පතින්දා ලංකාවට ඇවිල්ලා ආණ්ඩුව එක්ක සාකච්ඡා කළා. නමුත් තවම IMF එකත් එක්ක සාකච්ඡා කළ නිශ්චිත එකඟතාවයන් ගැන ආණ්ඩුව ප්‍රකාශ කරල නෑ. රනිල් වික්‍රමසිංහ අගෝස්තු මාසෙදි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම නැවත ක්‍රියාත්මක කරන්න තමයි මේ සාකච්ඡාවලදි එකඟ වෙලා තියෙන්නෙ. අපි දන්නවා ලංකාවේ ජනතාවට ඉතාම අවාසි සහගත විදෙස් ධනකුවේර සමාගම් සනසන ගිවිසුමකට තමයි රනිල් වික්‍රමසිංහ එළඹිල තිබුණෙ.
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවෙදි කිව්වෙ මේ කතාව නෙමෙයි. ඔවුන් කිව්වේ පූර්ණ ණය විගණනයක් කරනවා කියලා. අවභාවිතා කළ හෝ වංචා සහගත ණය තියනවනං ඒවා නොගෙවා ඉන්න කටයුතු කරන්න සූදානම් කියලා තමයි ඒ වෙලාවෙ කිව්වෙ.
දෙවෙනි කාරණය තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේම සඳහන් කරල තියනවා විකල්ප ඪ්Sඇ එකක් "ණය තිරසරකරණ විශ්ලේෂකයක් " කරල ඒ ගැන ඓMF එක එක්ක සාකච්ඡා කරනවා කියලා කිව්වා. ජනාධිපති ආර්ථික උපදේශක විදිහට පත් කරල ඉන්න මහාචාර්ය අනිල් ජයන්ත කිව්ව කතාව තමයි දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක ණයක් තියාගන්න ආව එකඟතාවය වැරදියි, ඓMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒ ණය කප්පාදුව වැඩිකරගන්න කටයුතු කරනව කියලා. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පැත්තක තියලා පරණ පාරෙම යන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.
අපි ආණ්ඩුවට කියන්නේ ඔබට ජනතාවට ජන වරම දුන්නේ මේ දේවල් කරන්න නෙමෙයි. ඓMF එකට කඩේ යන නන්දලාල් මහබැංකු අධිපති විදිහට තියාගෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් කමක් නෑ. ඒක නිසා වහාම නන්දලාල් ගෙදර යවන්න. රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන නම් ජනතාව අනුරකුමාර ජනාධිපති කරන්න ඕන නෑනෙ. ජනතාවට සහන දෙන්න ඕන නම් මේගොල්ලො රනිල් වික්‍රමසිංහ සම්මත කරපු ආර්ථික පරිවර්තන පනත අහෝසි කරන්න වෙනවා. මොකද ඒ පනතට අනුව ජනතාවගේ සුබසාධන කටයුතු වලට යොදනවන මුදල් සීමා කරන්න වෙනවා. ඒක නිසා මේ පනත තියාගෙන ජනතාවාදී ආර්ථිකයක් හදන්න පුලුවන් කමක් නෑ.මෙන්ඩිස් සමාගම රුපියල් බිලියන 1.2ක බදු ප්‍රමාණයක් 2022 අවුරුද්දේ ගෙවල නෑ. 2023 අවුරුද්ද වෙද්දි මේ ප්‍රමාණය රුපියල් බිලියන 3.6ක්. 2024 සැප්තැම්බර් මාසේ වෙද්දි රුපියල් බිලියන 5.2ක සම්පූර්ණ සුරාබදු රජයට ගෙවල නෑ. රුපියල් කෝටි 5200ක් මෙන්ඩිස් සමාගම බදු පොලු තියලා. ඊළඟට ජෝන්ස්ටන්ට අයිති සමාගම් මහාපරිමාණයෙන් සුරාබදු ගෙවල නෑ. මේ වෙද්දි ලංකාවේ සමාගම් නොගෙවා පැහැරහැරපු සමස්ථ සුරාබදු ප්‍රමාණය රුපියල් කෝටි 6700ක්. මෙතනින් 58%ක් අර්ජුන් ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් කොම්පැනිය නොගෙවපු බදු. 37%ක් ජෝන්ස්ටන්ගෙ කොම්පැනිය තමයි නොගෙවා ඉදල තියෙන්නෙ. එතකොට 95%ක් බදු නොගෙවලා තියෙන්නෙ මේ සමාගම් දෙක. අනිත් සමාගම් අටම නොගෙවපු බදු ප්‍රමාණය 5%යි.
රටේ සාමාන්‍යය ජනතාව ගන්න හාල් ටික පරිප්පු ඇටේ ඉඳලා බදු ගහන ආණ්ඩුවට ඇයි බැරි මේ සමාගම්වලින් මේ බදු අයකරගන්න ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රනිල්ලගෙ රාජපක්ෂලගෙ ඔඩොක්කුවේ හුරතල් වෙච්ච කුක්කෝ හුරතල් කරන්න තවදුරටත් ලෑස්ති වෙන්න එපා. වහාම මේ ජවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්