News Category
From Date
To Date
Maximum Number of Result

උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.