News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරය සහ ලාස් වේගාස් හි පිපිරීම නව වසර ආරම්භයේදීම එක්සත් ජනපදය දෙදරුම් කෑමකට ලක්වෙයි

Jan 2, 2025 at 04:21 PM
|

ඊයේ(01) අලුයම  එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් හිදි පැවැති අලුත් අවුරුද්ද උදාවීම වෙනුවෙන් පැවැත්වූ විනෝදාස්වාදය සපයමින් තිබූ ස්ථානයක් වෙත පුද්ගලයෙකු පිකප් ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු බලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය ගණන යාවත්කාලීන කළ විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට අනුව, පිකප් රථයේ අසුරා තබන ලද වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය අඩංගු භාජන දෙකක් සොයාගත් බව තහවුරු වී තිබේ. ප්‍රහාරකයින් ත්‍රස්තවාදී සංවිධාන සමඟ තිබිය හැකි සම්බන්ධතා පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව නිලධාරීන් අනාවරණය කළ බවද එම ප්‍රවෘත්ති සේවා පවසයි. එම ස්ථානයේදීම පොලිසිය විසින්  වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරු ප්‍රහාරයට "එකම වගකීමක්" දරනු ලබන පුද්ගලයා නොවනු ඇතැයිද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.

මේ අතර නිව් යෝර්ක් ටෛම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට ඊයේ(01) සිදුවූ මෝටර් රථ ප්‍රහාරයේ සැකකරු  හිටපු එක්සත් ජනපද හමුදා ප්‍රවීණයෙකු වන ෂම්සුඩ්-ඩින් ජබ්බාර් වන අතර ඔහුගේ වාහනයේ අයිඑස්අයිඑස් ධජයක්ද තිබී ඇතැයි පැවසේ. ජබ්බාර් විශ්‍රාම ගැනීමෙන් පසු දේපල වෙළඳාම් වල නිරත වූ නමුත් මෑතකදී ඔහුගේ හැසිරීම් අවුල් සහගත වූ බැවින් ඔහුගේ පවුලේ අය ඔහුගේ දරුවන් සමඟ ඔහුට සම්බන්ධතා පැවැත්වීම සීමා කිරීමට පවා පෙලඹ තිබුණි. ඔහුට සහායකයින් සිටිය හැකි බවට එෆ්බීඅයි ආරක්ෂක සේවය සැක කරන අතර විමර්ශනය සිදුවෙමින් පවතී.

එන්බීසී ප්‍රවෘත්ති සේවයට අනුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින්, Fඹෛ තොරතුරු උපුටා දක්වමින් නිව් ඔර්ලියන්ස් ප්‍රහාරයේ සැකකරු සමාජ මාධ්‍ය වල පළ කළ  වීඩියෝ පෙන්වමින්, ඔහු ISIS වෙතින් දේවානුභාවයෙන්, ඝාතනය කිරීමට ආශාවක් තිබෙන බව ප්‍රකාශ කළ බව පැවසීය. 

“ඔහුගේ වාහනයේ තිබී ISIS ධජය සොයා ගනු ලැබුවා.” බයිඩන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර හොනොලුලු නගරයේ සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ලාස් වේගාස් හි පිහිටි හෝටලයක් පිටත ද මාරාන්තික පිපිරීම් සිදු විය. ලාස් වේගාස් පිපිරීම නිව් ඕර්ලියන්ස් ප්‍රහාරයට සම්බන්ධද යන්න පිළිබඳව FIB සොයා බලන නමුත් ඊයේ(01) සවස වන විටත් “වාර්තා කිරීමට තරම් කිසිවක් නොමැති” බව බයිඩන් පැවසීය.

සැකකටයුතු පිපිරුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකි බවට විමර්ශනය කරමින් පවතින බව, ජ්‍යෙෂ්ඨ නීතිය ක්‍රියාත්මක කරන සාමාජිකයින් තිදෙනෙකු මේ පිළිබඳව කරුණු පැහැදිලි කර ABC ප්‍රවෘත්ති සේවයට පැවසීය. චේතනාවක් තවම තහවුරු කර නැත.

ලාස් වේගාස් හි ට්‍රම්ප් හෝටලයෙන් පිටත පුපුරා ගිය ටියුරෝ ප්‍රදේශයෙන් කුලියට ගත් ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් වන අතර පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදුවී තිබේ. 

ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් බදාදා(01) පැවසුවේ කුලියට ගත් සයිබර් ට්‍රක් රථයෙහි පිපිරීමට හේතු වී ඇත්තේ ට්‍රක් රථයෙහි තට්ටුවේ අතුරා තිබුණු බෝම්බයක් නිසා බවයි.

එක්සත් ජනපද මාධ්‍ය වාර්තා වලට අනුව නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරය ISIS සමඟ යම් සම්බන්ධතා ඇති බව පෙනේ. මෑත වසරවලදී, ISIS සිය ගෝලීය ප්‍රචාරක ප්‍රයත්නයන් වේගවත් කර ඇත, විශේෂයෙන් එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව මෙම කටයුතු සිදුවන බව ළන්zහොඋ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාසලේ මහාචාර්ය Zhu Yongbiao පැවසීය.

කණ්ඩායම එහි බඳවා ගැනීම් සහ බලමුලු ගැන්වීම සඳහා අන්තර්ජාලය භාවිතා කරමින්, ඊනියා "ශුද්ධ යුද්ධ" සිදු කරන ලෙස එහි ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. අපරාධකරුවන් සඳහා, මිනිසුන් එක්රැස් වන නිශ්චිත වේලාවක ප්‍රහාර දියත් කිරීම සන්ත්‍රාසය සහ කම්පනය උපරිම කිරීමේ උපාය මාර්ගයක් බව ෂු බ්‍රහස්පතින්දා චීන ප්‍රවෘත්ති සේවා වෙත පැවසීය.

9/11 ප්‍රහාරයේ සිට, එක්සත් ජනපදය බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර රාශියකට මුහුණ දී ඇති අතර, එවැනි සිදුවීම්වල තර්ජනද පවතී. ත්‍රස්තවාදය එක්සත් ජනපදයට පමණක් නොව යුරෝපයට සහ ලොව පුරා අනෙකුත් කලාපවලට ද සැලකිය යුතු අවධානයක් යොමු කරයි. නිවාඩු දිනවල, සැමරුම් සහ විවිධ උත්සව සඳහා සෙනඟ එක්රැස් වන රැස්වීම් වැඩිවන විට,  ආරක්ෂක අංශ වලට ඉහළ අභියෝග එල්ල කරන බව විශේෂඥයා සඳහන් කළේය.

දෙසැම්බර් මස අගදී, සෞදි මනෝචිකිත්සකයෙකු ජර්මානු නත්තල් වෙළඳපොලක් හරහා හිතාමතාම කුලියට ගත් BMW SUV රථයක් පැදවූ අතර, පස් දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඔහුගේ චේතනාව තවමත් විමර්ශනය වෙමින් පවතී, USA Today පළාත් පාලන ආයතන උපුටා දක්වමින් වාර්තාවක් පල කරමින් පැවසුවේය. 

දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ ජීවත් වූ 50 හැවිරිදි මනෝ වෛද්‍යවරයකු වන සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

Update: Attack in New Orleans and explosion in Las Vegas shake the US as New Year begins, with one reportedly linked to ISIS

සම්බන්ධිත පුවත් | Related News

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.