News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරය සහ ලාස් වේගාස් හි පිපිරීම නව වසර ආරම්භයේදීම එක්සත් ජනපදය දෙදරුම් කෑමකට ලක්වෙයි

Jan 2, 2025 at 04:21 PM
|

ඊයේ(01) අලුයම  එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් හිදි පැවැති අලුත් අවුරුද්ද උදාවීම වෙනුවෙන් පැවැත්වූ විනෝදාස්වාදය සපයමින් තිබූ ස්ථානයක් වෙත පුද්ගලයෙකු පිකප් ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු බලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය ගණන යාවත්කාලීන කළ විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට අනුව, පිකප් රථයේ අසුරා තබන ලද වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය අඩංගු භාජන දෙකක් සොයාගත් බව තහවුරු වී තිබේ. ප්‍රහාරකයින් ත්‍රස්තවාදී සංවිධාන සමඟ තිබිය හැකි සම්බන්ධතා පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව නිලධාරීන් අනාවරණය කළ බවද එම ප්‍රවෘත්ති සේවා පවසයි. එම ස්ථානයේදීම පොලිසිය විසින්  වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරු ප්‍රහාරයට "එකම වගකීමක්" දරනු ලබන පුද්ගලයා නොවනු ඇතැයිද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.

මේ අතර නිව් යෝර්ක් ටෛම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට ඊයේ(01) සිදුවූ මෝටර් රථ ප්‍රහාරයේ සැකකරු  හිටපු එක්සත් ජනපද හමුදා ප්‍රවීණයෙකු වන ෂම්සුඩ්-ඩින් ජබ්බාර් වන අතර ඔහුගේ වාහනයේ අයිඑස්අයිඑස් ධජයක්ද තිබී ඇතැයි පැවසේ. ජබ්බාර් විශ්‍රාම ගැනීමෙන් පසු දේපල වෙළඳාම් වල නිරත වූ නමුත් මෑතකදී ඔහුගේ හැසිරීම් අවුල් සහගත වූ බැවින් ඔහුගේ පවුලේ අය ඔහුගේ දරුවන් සමඟ ඔහුට සම්බන්ධතා පැවැත්වීම සීමා කිරීමට පවා පෙලඹ තිබුණි. ඔහුට සහායකයින් සිටිය හැකි බවට එෆ්බීඅයි ආරක්ෂක සේවය සැක කරන අතර විමර්ශනය සිදුවෙමින් පවතී.

එන්බීසී ප්‍රවෘත්ති සේවයට අනුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින්, Fඹෛ තොරතුරු උපුටා දක්වමින් නිව් ඔර්ලියන්ස් ප්‍රහාරයේ සැකකරු සමාජ මාධ්‍ය වල පළ කළ  වීඩියෝ පෙන්වමින්, ඔහු ISIS වෙතින් දේවානුභාවයෙන්, ඝාතනය කිරීමට ආශාවක් තිබෙන බව ප්‍රකාශ කළ බව පැවසීය. 

“ඔහුගේ වාහනයේ තිබී ISIS ධජය සොයා ගනු ලැබුවා.” බයිඩන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර හොනොලුලු නගරයේ සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ලාස් වේගාස් හි පිහිටි හෝටලයක් පිටත ද මාරාන්තික පිපිරීම් සිදු විය. ලාස් වේගාස් පිපිරීම නිව් ඕර්ලියන්ස් ප්‍රහාරයට සම්බන්ධද යන්න පිළිබඳව FIB සොයා බලන නමුත් ඊයේ(01) සවස වන විටත් “වාර්තා කිරීමට තරම් කිසිවක් නොමැති” බව බයිඩන් පැවසීය.

සැකකටයුතු පිපිරුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකි බවට විමර්ශනය කරමින් පවතින බව, ජ්‍යෙෂ්ඨ නීතිය ක්‍රියාත්මක කරන සාමාජිකයින් තිදෙනෙකු මේ පිළිබඳව කරුණු පැහැදිලි කර ABC ප්‍රවෘත්ති සේවයට පැවසීය. චේතනාවක් තවම තහවුරු කර නැත.

ලාස් වේගාස් හි ට්‍රම්ප් හෝටලයෙන් පිටත පුපුරා ගිය ටියුරෝ ප්‍රදේශයෙන් කුලියට ගත් ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් වන අතර පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදුවී තිබේ. 

ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් බදාදා(01) පැවසුවේ කුලියට ගත් සයිබර් ට්‍රක් රථයෙහි පිපිරීමට හේතු වී ඇත්තේ ට්‍රක් රථයෙහි තට්ටුවේ අතුරා තිබුණු බෝම්බයක් නිසා බවයි.

එක්සත් ජනපද මාධ්‍ය වාර්තා වලට අනුව නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරය ISIS සමඟ යම් සම්බන්ධතා ඇති බව පෙනේ. මෑත වසරවලදී, ISIS සිය ගෝලීය ප්‍රචාරක ප්‍රයත්නයන් වේගවත් කර ඇත, විශේෂයෙන් එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව මෙම කටයුතු සිදුවන බව ළන්zහොඋ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාසලේ මහාචාර්ය Zhu Yongbiao පැවසීය.

කණ්ඩායම එහි බඳවා ගැනීම් සහ බලමුලු ගැන්වීම සඳහා අන්තර්ජාලය භාවිතා කරමින්, ඊනියා "ශුද්ධ යුද්ධ" සිදු කරන ලෙස එහි ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. අපරාධකරුවන් සඳහා, මිනිසුන් එක්රැස් වන නිශ්චිත වේලාවක ප්‍රහාර දියත් කිරීම සන්ත්‍රාසය සහ කම්පනය උපරිම කිරීමේ උපාය මාර්ගයක් බව ෂු බ්‍රහස්පතින්දා චීන ප්‍රවෘත්ති සේවා වෙත පැවසීය.

9/11 ප්‍රහාරයේ සිට, එක්සත් ජනපදය බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර රාශියකට මුහුණ දී ඇති අතර, එවැනි සිදුවීම්වල තර්ජනද පවතී. ත්‍රස්තවාදය එක්සත් ජනපදයට පමණක් නොව යුරෝපයට සහ ලොව පුරා අනෙකුත් කලාපවලට ද සැලකිය යුතු අවධානයක් යොමු කරයි. නිවාඩු දිනවල, සැමරුම් සහ විවිධ උත්සව සඳහා සෙනඟ එක්රැස් වන රැස්වීම් වැඩිවන විට,  ආරක්ෂක අංශ වලට ඉහළ අභියෝග එල්ල කරන බව විශේෂඥයා සඳහන් කළේය.

දෙසැම්බර් මස අගදී, සෞදි මනෝචිකිත්සකයෙකු ජර්මානු නත්තල් වෙළඳපොලක් හරහා හිතාමතාම කුලියට ගත් BMW SUV රථයක් පැදවූ අතර, පස් දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඔහුගේ චේතනාව තවමත් විමර්ශනය වෙමින් පවතී, USA Today පළාත් පාලන ආයතන උපුටා දක්වමින් වාර්තාවක් පල කරමින් පැවසුවේය. 

දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ ජීවත් වූ 50 හැවිරිදි මනෝ වෛද්‍යවරයකු වන සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

Update: Attack in New Orleans and explosion in Las Vegas shake the US as New Year begins, with one reportedly linked to ISIS

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.