News Category
From Date
To Date
Maximum Number of Result

දින 100 ක් තුළ අසාර්ථකම ආණ්ඩුව NPP - ගයන්ත කරුණාතිලක

Jan 3, 2025 at 08:43 AM
|

දින 100 ක් තුළ අසාර්ථකම ආණ්ඩුව රට පාලනය කරන බව ජනතාවට දකින්න ලැබී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ ඔහු මෙසේද කියා සිටියේය.

මේ වනවිට ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ කාල සිමාව දින 100 ඉක්මවා ගොස් තිබෙනවා. පැවැති ආණ්ඩු වලින් දින 100 ක් තුළ අසාර්ථකම රජයක් රට පාලනය කරන බව ජනතාවට අද දකින්න ලැබිලා තිබෙනවා. පැය 24 න් එක පෑන් පහරකින් කඩිනමින් ජනතාවට සහන දෙන බව ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල පැවැසුවා. ජනතාව මත පටවා තිබෙන අසාධාරණ බදු ඉවත් කරන ආකාරය පිළිබඳව ජාතික ජනබලවේගය දිගින් දිගටම කතා කළා. ඒ වගේම ඉන්ධන මිල අඩු කරන ආකාරය දිගින් දිගටම ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල කතා කළා. අසාධාරණ බදු අය කිරිම නැති කරලා, කොමිස්

ගැහිලි නතර කරලා, ඉන්ධන අඩු මුදලට ජනතාවට ලබාදිය හැකි බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ වගේ විදුලි බිල අඩු කරන ආකාරය ගණන් හදලා ජනතාවට පැහැදිලි කරලා දුන්නා. සියල්ලම දින සියයකින් කරන ආකාරය තමයි මැතිවරණ වේදිකාවලදී ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ. නමුත් දින සියයක් ගතවෙලත් තුනෙන් දෙකකට එහා ගිය බලයක් තිබිලත් ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා ඒ වැඩ කටයුතු සිදු කරන්න.

නමුත් තුනෙන් දෙකේ බහුතර බලයක් නැතිව සුළුතර බලයක් තිබුණ යහපාලන ආණ්ඩුව දින සියයක් ඇතුළත ජනතාවට දැනෙන වැඩ කොටසක් සිදුකළා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩි කරන්න යහපාලන ආණ්ඩුවට දින සියයක් ඇතුළත හැකියාව ලැබුණා. තෙල් මිල අඩු කරනවා බවට දුන් පොරොන්දුව ඉෂ්ට කරලා පෙන්වන්න දින සියයක් ඇතුළත යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරලා සහන ලබාදෙන්න හැකියාව ලැබුණා. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරලා ජනතාවට සහන ලබාදෙන්න යහපාලන ආණ්ඩුවට හැකියාව තිබුණා. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට බලය දෙන පනත් සම්මත කරගන්න දින සියයක් ඇතුළත යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීම වැනි පනත සාර්ථකව ආරම්භ කිරීමට හැකියාව යහපාලන රජයට ලැබුණා. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරන්න හැකියාව ලැබුණා.

ඒ වගේම 2025 වසර ආරම්භ වන විට වෙනදා මෙන් කැකුළු සහලින් කිරිබත් සෑදූ ජනතාවට සහල් සොයා ගැනීමට සහ පවතින මිලට සහල් මිලදී ගැනීමට ඉතාම අසීරු තත්ත්වයක් රට තුළ උදාකරන්න රජය කටයුතු කරලා තිබෙනවා. ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් ජනතාවගේ ඡන්දය ගඟට කපපු ඉනි වගේ තත්ත්වයකට අද පත්වෙලා තිබෙනවා. උත්සව සමයේදී සහල්, පොල්, ලු‍ණු හිඟයට අමතරව එළවලු‍ මාළු ඇතුළු පරිභෝජන භාණ්ඩ රැසක මිල අසීමිතව ඉහළ ගොස් තිබීම නිසා ජනතාව පීඩාවට පත් වී තිබෙනවා. රට පුරා පවතින අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟය සහ මිල පාලනය කිරීම සඳහා රජය දිගින් දිගටම

ගැසට් නිවේදන නිකුත් කරන ආකාරයක් දකින්න ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේදී ගායකයන් කැසට් ගහනවාට වඩා වේගයෙන් ආණ්ඩුව ගැසට් ගහනවා කියලා රටේ ජනතාව ප්‍රකාශ කළා. අවසානයේදී ඒ ගැසට් නිවේදන නැවත හකුලා ගන්නා ආකාරයක් දකින්නත් ලැබුණා. වර්තමාන රජයත් පාලන මිලක් ඇති කරන බව පවසා ගැසට් නිවේදන නිකුත් කරන ආකාරය දකින්න ලැබෙනවා. නමුත් මේ හරහා අවසානයේදී පාලන මිලට භාණ්ඩ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ජනතාවට උදාවෙලා තිබෙනවා. කෙසේ නමුත් එයින් වාසියක් අත්වී තිබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටයි. පසුගිය දිනවල ජනාධිපතිවරයා වී මෝල් හිමියන් කැඳවලා සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබුණා. එහිදී ජනාධිපතිවරයා රුපියල් දහයකින් සහල් කිලෝවක් වැඩි කරන්න කටයුතු කළ ආකාරය අපට දැකගන්නට ලැබුණා. සහල් වලට පාලන මිලක් දමා තිබුණ මිලට වඩා වැඩි මිලට සහල් ගැනීමට සිදු වුණා. අවශ්‍ය ප්‍රමාණයට සහල් ගැනීමට නොහැකි වුණ අරුම පුදුම යුගයක් උදාකල රජයක් තමයි වර්තමානයේ බලයේ සිටින්නේ.

රජයේ මිල පාලනය පෝලිම් යුගයේ සලකුණු පෙන්වන අවස්ථාවක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම පසුගිය දිනවල සැමන් සඳහාත් පාලන මිලක් දමා තිබුණාට වඩා වැඩි මිලකට සැමන් මිලදී ගැනීමට ජනතාවට සිදුවී තිබෙනවා. ඒ වගේම රටේ පවතින සහල් අර්බුදය විසඳා ගැනීමට රජයට තවම හැකියාව ලැබිලා නැහැ. ජාතික ජන බලවේගය විපක්ෂය නියෝජනය කරන කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව විවිධ විවේචන එල්ල කළා. ඒ වගේම පිටරටින් සහල් ගෙන ඒමට ඇමැතිවරු සහ රජයක් රටට අවශ්‍ය වන්නේ නැති බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේදී ප්‍රකාශ කළා. ඒ කර්තව්‍ය පිටකොටුවේ සහල් ව්‍යාපාරිකයන්ටත් කළ හැකි බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම ජාතික ජන බලවේග රජයක් තුළින් සහල් පිටරටින් ගෙන්වන්න කටයුතු කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා.

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.