
දේශීය පොල්තෙල් වලට 18%ක බදු.. විදෙස් පොල්තෙල්වලට 18%ක සහනයක්..
දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කළේය.
මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.
ආනයනික පොල් තෙල් නමින් ගෙන්වන තෙල් වරායේ සිට පිටකොටුව වෙළෙඳපොළට හෝ ආනයනකරුවන්ගේ ගබඩාවලට රැස්කර බිල්වල සඳහන් නොකරමින් අලෙවි කරන බවත් එම නිසා අලෙවියේදී හෝ වෙළෙන්දන් මහජනතාවගෙන් අයකරන වැට් මුදල ද රටට අහිමි වන බවත් ඒ මහතා කීය.
හැම දේශපාලන පක්‍ෂයක්ම බලයට පැමිණීමට පෙර දේශීය කර්මාන්තකරුවන් ආරක්‍ෂා කර ගැනීමට කතා කළත් බලයට පැමිණි පසු එම පොරොන්දු වචනවලට පමණක් සීමාවන බවත්, එය නිවැරදි කිරීමට නිලධාරීන්ගේ සහයක් නැතැයි ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා කියා සිටියේය.
රටට අවශ්‍ය පොල් ටික සහ පොල් තෙල් ටික රටේ නිපදවා ගැනීමට හැකි බවත්, ඒ මහතා කීය. ඕනෑම වසරක ඔක්තෝබර් සිට පෙබරවාරි තෙක් පොල් අස්වැන්නේ අඩුවක් ඇතිවන බවත් එම අඩුව මේ වනවිට නිම වෙමින් ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඒ මහතා කීය. අපේ පැරැන්නන් අස්වැන්න නෙළීමේදී යම් භෝග කොටසක් සතුන්ගේ ආහාරයට ඉතිරි කර දීමට කටයුතු කළ බවද ඒ මහතා කීවේය.
පොල් හිඟ කාලයට පොල් අපනයනය සීමාකළ යුතු බවත්, එසේ පොල් අපනයනය කළ ද ඊට සරිලන ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය රටට පැමිණ ඇති ද යන්න සොයාබලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
