දේශීය පොල්තෙල් වලට 18%ක බදු.. විදෙස් පොල්තෙල්වලට 18%ක සහනයක්..
දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කළේය.
මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.
ආනයනික පොල් තෙල් නමින් ගෙන්වන තෙල් වරායේ සිට පිටකොටුව වෙළෙඳපොළට හෝ ආනයනකරුවන්ගේ ගබඩාවලට රැස්කර බිල්වල සඳහන් නොකරමින් අලෙවි කරන බවත් එම නිසා අලෙවියේදී හෝ වෙළෙන්දන් මහජනතාවගෙන් අයකරන වැට් මුදල ද රටට අහිමි වන බවත් ඒ මහතා කීය.
හැම දේශපාලන පක්‍ෂයක්ම බලයට පැමිණීමට පෙර දේශීය කර්මාන්තකරුවන් ආරක්‍ෂා කර ගැනීමට කතා කළත් බලයට පැමිණි පසු එම පොරොන්දු වචනවලට පමණක් සීමාවන බවත්, එය නිවැරදි කිරීමට නිලධාරීන්ගේ සහයක් නැතැයි ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා කියා සිටියේය.
රටට අවශ්‍ය පොල් ටික සහ පොල් තෙල් ටික රටේ නිපදවා ගැනීමට හැකි බවත්, ඒ මහතා කීය. ඕනෑම වසරක ඔක්තෝබර් සිට පෙබරවාරි තෙක් පොල් අස්වැන්නේ අඩුවක් ඇතිවන බවත් එම අඩුව මේ වනවිට නිම වෙමින් ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඒ මහතා කීය. අපේ පැරැන්නන් අස්වැන්න නෙළීමේදී යම් භෝග කොටසක් සතුන්ගේ ආහාරයට ඉතිරි කර දීමට කටයුතු කළ බවද ඒ මහතා කීවේය.
පොල් හිඟ කාලයට පොල් අපනයනය සීමාකළ යුතු බවත්, එසේ පොල් අපනයනය කළ ද ඊට සරිලන ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය රටට පැමිණ ඇති ද යන්න සොයාබලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි