ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ. ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි. ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා පසුගිය දා රූපවාහිනී සංවාදයකදී පැවසූ කරුණු අනුව ඔහුට මෙම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනීයන බවත්, පසුගිය ආණ්ඩුව විසින් අවාසිදායක ගිවිසුම් අත්සන්කර ඇති බව සභාපතිවරයා චෝදනා නගන බවද, එසේ නම් ඔහුට එම ගිවිසුම් අවලංගු කිරීමට හැකියාව පවතින බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..