66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් විමල් සුබ පතයි
ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ එක්ව කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට නිදහස් පෙරමුණ ද එක් වන බව කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුමක් එක් කරමින් විමල් වීරවංශ මහතා පවසයි. ඔහු කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් වෙත ලිපියක් යොමුකර මේ බව පවසා ඇත.
එම ලිපියේ සිංහල පරිවර්ථනය පහතින්
ගරු ජනාධිපති තුමා,
මිගුඑල් ඩයස්-කානෙල් මැතිතුමා,
කියුබානු සමූහාණ්ඩුව,
හවානා,
කියුබාව.
ගරු ජනාධිපති තුමනි,
66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් ශුභාශිංසන පිරිනැමීම සඳහායි
1953 වර්ෂයේ ජූලි 26 වන දින සන්තියාගෝ නුවර මොන්කාඩෝ බැරැක්ක වලට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වුවද එදා කියුබානු විප්ලවවාදීහු එයින් සුවිශාල පන්නරයක් සහ අත්දැකීම් සමුදායක් ලබා ගත්තෝය. එම අත්දැකීම් පෙරදැරි කරගෙන ඔවුහු 1959 ජනවාරි 1 දා කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර කියුබානු සන්නද්ධ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කළෝය. ඒ අනුව 2025 ජනවාරි පළමු වනදා ලෝක ඉතිහාසයේ අද්විතීය ජයග්‍රාහී සමාජවාදී විප්ලවයක් වන කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය ලෝක ජනයා අභිමානයෙන් සමරණු ලබන්නෝය.
කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය අභිමානයෙන් සමරණ සමස්ථ ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණෙහි දේශපාලන බල මණ්ඩලය ඇතුළු සමස්ත සාමාජිකත්වයම එක්වන බව මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ප්‍රමුඛ චේ ගවේරා සහෝදරයා ඇතුළු කියුබානු සන්නද්ධ අරගලයට තම වටිනා ජීවන කුසුම පරිත්‍යාග කරමින් නායකත්වය දුන් සමස්ත විරෝධාර විප්ලවවාදී සගයන් මුහුණ දුන් දුෂ්කරතාවයන්ට සමාන වූ දුෂ්කරතාවයක් නොනවතින කියුබානු විප්ලවයට නායකත්වය දෙමින් සිටින සෑම සෙබලෙක්ම මුහුණ දෙන බව අපගේ කියවීමයි.
21 වන සියවසයේ දෙවෙනි දශකය ගෙවමින් සිටින සමස්ත ලෝකවාසි ජනතාව නවීන විද්‍යාවේ බොහෝ ජයග්‍රහන සතුටින් භුක්ති විඳිමින් සිටින කාල වකවානුවකි. එලෙසම කියුබානු ජනයා සොයා දුන් නව නිපැයුම් ලෝක ජනයාට භුක්ති විඳීමටද අවස්ථාව ලැබී තිබේ. ඩෙංගු වෛරසය මර්ධනයේදි කියුබාව අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රමවේදය මෙන්ම කෝවිඩ් 19 වෛරසය මර්ධනය කිරීමට කියුබාව නිපදවූ එන්නත, කියුබාව නවීන වෛද්‍ය විද්‍යාවට ලබාදුන් ජයග්‍රහන වන්නේය. එලෙසම ඒවා ලෝක ජනයා භුක්ති විඳින කියුබානු වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රාහි ප්‍රථිඵල බවද අවධාරණය කරමු.
කරුණු එසේ වුවද කියුබානු ජනයාට අමෙරිකානු අධිරාජ්‍යවාදී පාලනයෙන් කෙරෙන සෘනාත්මක බලපෑම් හේතුවෙන් විඳින්නට සිදුවන ගැහැට සුළු පටු නොවේ. පසු ගිය දිනවල දින ගණනක් විදුලි බලය නොමැතිව සමස්ත කියුබාවම අඳුරේ ගිලී ගියේ අමෙරිකානු සම්බාධක වල බලපෑම මතය. එසේ වුවද කියුබානු ජනයා අපහසුතාවයට ලක් කර කියුබානු විප්ලවය ආපසු හැරවිය නොහැකි බව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට කියුබානු ජනයා පෙන්වා දුන්නේ මිලියන ගණනක ජනතාවක් කියුබාවේ හවානා නුවරට එක් රැස්වී එක හඬින් කියුබානු විප්ලවය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දීම මගිනි.
කියුබානු ජනයාගේ දේශප්‍රේමී මැදිහත්වීම කියුබාවෙන් සැතපුම් දස් ගණනක් ඈතින් පිහිටි ශ්‍රී ලංකාවේ අපට විශාල උතේජනයක් සපයන බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. අවසාන වශයෙන් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන සමස්ත ලෝකවාසී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණේ අපිද අත් වැල් බැඳ ගන්නා බව ශපථ කරමු.
කියුබානු විප්ලවය දිනේවා.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්