News Category
From Date
To Date
Maximum Number of Result

පොලිස්පතිවරයකු නොමැතිව ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02දා) කොළඹට කැඳවීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කටයුතු කර ඇත.

"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත්, එහෙත් පුවත්පත් වාර්තා අනුව 2023 වසරේ දී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වෙන්කළ රු. කෝටි 294කින් ඒ සඳහා වැයකර ඇත්තේ රු. කෝටි 34ක් පමණක් බවත් පෙන්වා දෙමින් මව්බිම ලංකා පදනම ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහිදී සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.

එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බව සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පලස්තීන හමාස් සංවිධානය අද(31) ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට තමන්ට දැන් සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.


දේශීය පුවත්

මනසින් මෙහෙයවන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ලංකාවට ගේනවා.. - ටී.බී. සරත්

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ඉරානය ළඟදීම බ්‍රික්ස් (BRICS) නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින්..

ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.

මස්ක්ගේ “චීනයට සංචාරය කරන්න” යන නිර්දේශයෙන් අපහසුතාවට පත්වූයේ කවුද? – Global Times කතුවැකිය

අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අසමා රූපණ සරසවියෙන් නවක පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි..

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

ඉන්දීය අක්ෂි දියර වර්ග එකොළහක් භාවිතයෙන් ඉවතට..

ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

යෝෂිත රාජපක්ෂ CIDයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.