News Category
From Date
To Date
Maximum Number of Result

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

පසුගිය මාස් කන්නයේදී රජයේ වී මිලදී ගැනීම අසාර්ථකවීම නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ යළි කීරී සම්බා හිඟයක් ඇති වී තිබේ.

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය සහ යුද්ධයෙන් පලස්තීන දරුවන් අනාථභාවයට පත්වීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

පාදෙණිය රජමහා විහාරයේ දී චාල්ස් තෝමස් නමැති විවාදාත්මක චරිතයක් ගෙන්වා සිදුකළ වැඩසටහනේ දී ඊට සහභාගි වූ ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් මහානායක හිමිපාණන් වහන්සේලාට අපහාසයක් වූ බවට ලංකා ලීඩර් පාඨකයන් රාශියක් විසින් අදහස් දක්වා තිබේ.

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


දේශීය පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව කැකිරාවේදී මහ සංඝරත්නයෙන් විරෝධතාවක්..

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට.. 309කට තුවාල..

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.

ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.