කන්ටේනර් හයක් වරායෙන් පන්නලා..
ආනයනික ලුණු කන්ටේනර් 400ක් පමණ කොළඹ වරායේ රේගුවේ රැඳී තිබියදී ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටකර ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
2025 ජුනි 10 වැනිදා වනතෙක් නැව්ගත කර තිබූ ලුණු කන්ටේනර් රේගුවෙන් මුදාහැරීමට කටයුතු කරන බව සඳහන් කර තිබුණත් ජුන 12 නැව්ගත කර තිබූ එම කන්ටේනර් 06ක් මෙසේ නිදහස් කර ඇති බව පැවසේ.
ඒ ආකාරයෙන් ජුනි 11, 12 යන දිනයන්හිදී නැව්ගත කර තිබූ වෙනත් ව්‍යාපාරිකයන්ගේ කන්ටේනර් තොගයක් රේගුවේ රඳවාගෙන ඉහත කී කන්ටේනර් 06 පමණක් නිදහස් කළේ කෙසේ ද යන්න සොයාබලන ලෙස එම ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති.
දැනට රේගුවේ රඳවා තිබෙන ලුණු කන්ටේනර් තොගය මුදානොහැරීම නිසා දිනෙන් දින ප්‍රමාද ගාස්තු අයවන බවත් ඒ ආකාරයෙන් මාසයක් ගතවී ඇති බවත් එම ආරංචිමාර්ග කීය.
මෙසේ කන්ටේනර් තොගයක් රේගුවේ රඳවා තබා ගැනීමෙන් දින ප්‍රමාද ගාස්තු අයකර විශාල මුදලක් ගෙවීමට සිදු වුවහොත් ව්‍යාපාරිකයන් ඒවා මුදානොගන්නා තත්ත්වයට පත්කර එම කන්ටේනර් රාජසන්තක කිරීමට ඉඩ ඇතැයි ද එම ආරංචිමාර්ග කීය.
එම කන්ටේනර් රාජසන්තක කළහොත් ඒවා රජය හරහා අලෙවි කිරීමේදී ඉහත කන්ටේනර් 06 මුදාගත් ව්‍යාපාරිකයාම මිලදීගෙන වෙළෙඳ පොළට අලෙවි කිරීමේ උපක්‍රමයක් පවතිනවා දැයි සැකයක් මතුවන බව ද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.
කන්ටේනර් 06 මුදාගත් ආයතන ලුණු ඒකාධිකාරියක් ගොඩනඟාගෙන ඇති බවත් මේ වනවිට හම්බන්තොට ලුණු ලේවාය මගින් ලුණු අස්වැන්න නෙළමින් පවතින නිසා රේගුවේ පවතින කන්ටේනර් තොගය බොහෝවිට රාජසන්තකවීමේ අවදානමක් ඇතැයි ද එම ආරංචිමාර්ග තවදුරටත් පැවසීය.
- Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්